සිරංගිකා ලොකුකරවිට
"අපිට මේ රට බෙදන්න ඕන නෑ. අපි මේ රට ඒකීයව තියාගමු නමුත් බලය බෙදාගමු" යැයි දෙමළ ජාතික සංධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා අද (30) ගාල්ලේ දී පැවසීය.
නව ව්‍යවස්ථා වැඩපිළිවෙළ හා 20වන සංශෝධනය මැයෙන් ගාල්ල ක්‍රීඩා මණ්ඩප ශාලාවේ පැවති වැඩසටහනකදී ඒ මහතා එසේ පවසන ලදී.
එහිදී සුමන්තිරන් මහතා මෙසේ ද පැවසීය.
"රටේ ප්‍රචාරයක් යනවා නව ආණුඩුක්‍රම ව්‍යවස්ථාව ආවොත් රට දෙකට කැඩෙනවා කියලා, අපි එහෙම කියන්නේ නැහැ. අපි කියන ප්‍රධාන කාරණාව තමයි රට එකට තියෙන්න ඕන කියන එක.
නමුත් ආණ්ඩු බලය බෙදා හරින්න ඕන. අපි දැන් වෙනම රාජ්‍යයක් ඕන කියන ඉල්ලීම අතහැරලා තියෙන්නේ. දිගු කාලයක් තිස්සේ පැවති මේ ප්‍රශ්නය දැන් නිරාකරණය කරන්න කාලය ඇවිත් දැන් තියෙන සමගි ආණ්ඩුවෙන් මේ ප්‍රශ්නය විසඳා ගන්න බැරි වුනොත් කවදාවත් අවස්ථාවක් එන්නේ නැහැ.
අපිට මේක කරන්න පුළුවන් උනොත් ඉන් පසුව ජනවාර්ගික ප්‍රශ්නය කියලා දෙයක් නෑ"
එක්සත් වාමාංශික පෙරමුණේ ආචාර්ය ජයම්පතී වික්‍රමරත්න,ජනතා විමුක්ති පෙරමුණේ දකුණු පළාත් සභා මන්ත්‍රී නලීන් හේවගේ, ව්‍යවස්ථාව සම්බනධ මහජන අදහස් ලබාගැනීමේ කමිටුවේ සභාපති ලාල් විජේනායක යන මහත්වරුද මෙහිදී අදහස් දැක්වූහ.
COMMENTS
එතකොට ඉබේම රට බෙදිලානේ හලෝ. ඔහෙලාට වෙනම බලයක් අපිට වෙනම බලයක්. එකම රටේ එකම බලයක් වියයුතුයි. මේක සිංහලයාගේ රට. ඔහෙලගෙ රට ඉන්දියාව.
ශ්‍රී ලංකාව කෑලි නවයකට ජේ.ආර්. බෙදුවේ ඔබගේ වුවමනාවට... දැන් මොනවද බලය ඉල්ලන්නේ? ඔය ඉල්ලන්නේ ප්‍රභාකරන් ඉල්ලපු බලය නේද?
බලය බෙදිලා නමින් ඒකීය වෙලා මොකටද හලෝ? මේ සිංහල රටේ බලයත් එ්කීයයි, රටත් එ්කීය විය යුතුයි.
මුලින් ඉල්ලුව දේටම යන්න වෙන ක්‍රමයක් නේද? වෙනම රටක් දෙන්නෙත් නැහැ වෙනම බලයක් දෙන්නෙත් නැහැ.
ඔව් ඔව් යහපාලකයෝ ඉන්නකොට තමයි රටින් කෑල්ලක් ගත්තොත්... නැතිනම් වෙන කාගෙන් වත් හම්බවෙන්නේ නැහැ.
රටත් නොබෙදා, බලයත් නොබෙදා හිටියා වගේ ඉන්න සිංහල, දෙමළ ජනතාවට ඉඩදීලා ඔයාලා පැත්තකට වුනානම් නේද හොඳ?
පළමුව බලය බෙදාගමු. දෙවනුව බටහිර රටවල් සහ ඩයස්පෝරාවේ උදව් ලබාගෙන රට කඩා ගෙන ඊලම පිහිටුවා ගනිමු.
උඹලට වෙනම කෑල්ලක් දුන්නොත් දකුණේ ඉන්න දෙමළ සන්හරේම ගෙනියනවද? කියපන් බලන්න. වෙනම පාලනයක් ඕනේ නම් මෙහෙ ඉන්න දෙමළ අය සියල්ලම ගෙනියන්න.
ඒක හරියට නරියට කුකුළන් බාරදීලා බලාගනින් කියලා කිව්වා වගේ වැඩක්...
ඔය දෙකේ වෙනස මොකක්ද කියලා පැහැදිලි කරලා දෙනවාද? අනෙක ශ්‍රී ලංකාවේ අගනුවර වාසය කරන්නේ බහුතරයක් කථා කරන භාෂාව භාවිතා නොකරන ජනතාවකි. එසේනම් කොළඹත් බලය බෙදීමකට ලක්කළ යුතුද? ලෝකයේ රටවල් බලය හෝ වෙනත් පදනමක් මත බෙදා වෙන් කළවිට සිදුවන්නේ විරුද්ධ පාර්ෂව අතර සදාකාලික අරගලයක් ආරම්භ වීමය. රටක පාලනබලය ප්‍රධාන ජාතිය සතුවීම නොවැළැක්විය හැකි කරුණකි. එසේ නොවුණහොත් අතීතයේ දකුණු අප්‍රිකාවේ සිදු වුණා වගේ සුළුතරය (සුදු ජාතිකයන්) රටේ පාලනය ගතහොත් භයානක කැරළි රටතුළ ඇතිවීම සිදුවේ. ලංකාවේ සමහර දේශපාලකයින් තමන්ගේ පටු අරමුණු ඉටු කරගැනීමට මෙවැනි අදහස් ඉස්මතු කරගෙන දැඟලුවාට සාමාන්‍ය ජනතාව බලාපෙරොත්තු වන්නේ සහයෝගයෙන් එක්ව ජීවත් වීමයි.