IMG-LOGO

2024 ජුලි මස 27 වන සෙනසුරාදා


රටක දීර්ඝතම ආයෝජනය දරුවන්ගේ අධ්‍යාපනයයි

(ක. ග. කරුණාරත්න)

රටක දරුවන්ගේ අධ්‍යාපනය සඳහා කරන ආයෝජනය ඒ රටේ අනාගත අභිවෘද්ධිය සඳහා කරන දීර්ඝතම ආයෝජනය බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පසුගියදා (20) පොළොන්නරුවේ ඇලහැර අත්තනකඩවලදී පැවැසීය.

අධ්‍යාපනයේදී ඉහළින් ලකුණු ලැබ විභාග සමත් වන්නාසේම ජීවිතය සමත්වීමේ අභියෝගය ජය ගැනීමේ අවශ්‍යතාවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ඇලහැර අත්තනකඩවල මහා විද්‍යාලයේ මෙතෙක් අඩු පාඩුවක්ව පැවැති සෞන්දර්ය ඒකකය, කෘෂිකර්ම සහ ගෘහ විද්‍යා ඒකකය සඳහා පිබිදෙමු පොළොන්නරුව රජරට නවෝදය සංවර්ධන ව්‍යාපෘතිය යටතේ අභිනවයෙන් ඉදිකරන ලද ගොඩනැගිලි සිසු අයිතියට පත් කිරීමෙන් අනතුරුව පැවැති උත්සව සභාව අමතමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා එහිදී මෙසේද කීය.

මීට වසර එකහමාරකට පෙර මේ විද්‍යාලයේ තාක්ෂණික ගොඩනැගිල්ල විවෘත කිරීමට පැමිණි අවස්ථාවේදී විදුහල්පතිතුමන්, ආචාර්ය මණ්ඩලය, දෙමව්පියන් සහ දරුවන් ඉල්ලා සිටි විද්‍යාලයට අත්‍යාවශ්‍යව තිබූ ගොඩනැගිලි කිහිපයක් අපේ යුද හමුදාව සහ ගුවන් හමුදාව විසින් මේ  ඉදිකිරීම් සිදුකොට එහි විවෘත කිරීමේ අවස්ථාවට ඔබ සමඟ එක්වීමට ලැබීම පිළිබඳව මා ඉතාමත් සතුටු වෙනවා.
අමාත්‍යතුමා සඳහන් කළ ආකාරයට දරුවන්ගේ අධ්‍යාපනය සඳහා රටක කරන ආයෝජනය ඒ රටේ අනාගත අභිවෘද්ධිය සඳහා කරන්නාවූ විශිෂ්ටතම දීර්ඝ කාලීන ආයෝජනය ලෙසින් සැලකෙනවා. මේ ඉදිකරන ගොඩනැගිලිවලින් මේ ලබාදෙන සම්පත්වලින් භෞතික සම්පත් සහ මානව සම්පත්වලින් අධ්‍යාපන ක්ෂේත‍්‍රයට අවශ්‍ය සියල්ල ඉටුකිරීම තුළ අපි බලාපොරොත්තු වෙන්නේ උගත්, බුද්ධිමත් ජාතියක් ගොඩනැගීම සඳහා අවශ්‍ය පදනම සැදීමයි.

1940 දශකයේ සිට මේ දක්වා ගත්විට පොළොන්නරු දිස්ත‍්‍රික්කයේ ක‍්‍රියාත්මක සංවර්ධන කාර්යයන්හි විවිධ අංශ පිළිබඳව අවධානය යොමු කළ විට පසුගිය කාලසීමාව තුළ අපි ඉතාමත් වේගවත් සංවර්ධන කාර්යයක් ඉටුකර තිබෙනවා. මෙහි කතා කළ දරුවා සඳහන් කළ පරිදි ඞී.එස්. සේනානායක මැතිතුමාගෙන් ආරම්භ වූ පොළොන්නරුවේ ගොවි ජනපද ව්‍යාපාරයේ ගොවි දරුවෙක් විදියට මම ඉතාමත් සතුටු වෙනවා. රට වගේම මේ දිස්ත‍්‍රික්කය සංවර්ධනය කිරීම සඳහා මේ ගන්නාවූ උත්සාහය සහ කැපවීමේදී අවශ්‍ය ප‍්‍රතිඵල අද වගේම හෙට දවසේත් පෙන්වන්නට හැකියාව ලැබේවි කියා විශ්වාස කරනවා.

ඇලහැර බකමූණ ප‍්‍රදේශය ගත්විට මේ දිනවල දරුවනේ ඔබේ දෙමව්පියන් එතරම් සතුටින් නෙවෙයි සිටින්නේ. එයට හේතුව තමයි, මේ කන්නයට අවශ්‍ය ජලය කුඹුරු වැඩ කිරීම ස`දහා නොලැබීම නිසා වගා කිරීමට ඇති වූ අපහසුව නිසා ආර්ථික වශයෙන් ඇතිවූ අර්බුදයයි දෙමව්පියන්ගේ සිත්වල තිබෙන්නේ. එම ආර්ථික අපහසුතා දෙමව්පියන්ගේ සිත්වල දැඩිලෙස කැකෑරෙන අවස්ථාවක දෙමව්පියන්ගේ අරමුණ, අභිප‍්‍රාය වුණේ සැමවිටම තම දරුවන්ගේ අනාගතය සඳහා කළ හැකි සියලූ කැපකිරීම් සිදුකිරීමටයි. දරුවන් වෙනුවෙන් මෙවැනි ව්‍යාපෘති ආරම්භ කිරීමට ලැබීම මගින්  ඔවුන්ගේ සිත් සනසන්නට හැකිවේ කියා මා විශ්වාස කරනවා.

ඇලහැර ව්‍යාපාරය වගේම පොළොන්නරු දිස්ත‍්‍රික්කය රජරට අනුරාධපුරය සහ ත‍්‍රිකුණාමලය වැනි දිස්ත‍්‍රික්ක ගත්විට තිබූ ජල හි`ගය ස`දහා ස්ථිරසාර විසඳුමක් අපි මේ වනවිට ලබාදී තිබෙනවා. වසර 60 ක් වැනි කාලයක් රජරට ජනතාවගේ දුක් කඳුළු කතාව වන ජලය ඉල්ලා හැඬූ කතාව අවසන් කිරීමටයි ලංකාවේ විශාලතම වාරි ව්‍යාපෘතිය වන මොරගහකන්ද කළු ග`ග ව්‍යාපෘතිය අපි ආරම්භ කළේ. එය ලංකාවේ වැඩිම ජලය එක්වන විශාලතම ජලාශයයි. පරාක‍්‍රම සමුද්‍රය මෙන් හය ගුණයක ධාරිතාවක් ඇති බව සෑම කෙනෙක්ම දන්නවා. පසුගිය දිනවල මේ ප‍්‍රදේශවල දෙමව්පියන්, ගොවි සංවිධානවල නායකයින් මාව හමුවී මේ ප‍්‍රදේශයට අවශ්‍ය ජල ප‍්‍රශ්නය ඉදිරිපත් කළ අවස්ථාවේ මගෙන් කළ ඉල්ලීම වන්නේ, මොරගහකන්දේ දැනට තිබෙන ජලය නිකුත් කරන්න බැරිද කියන ප‍්‍රශ්නය. ඒ අවස්ථාවේ සියලූ දෙනාට මම කියා සිටියේ අවුරුදු 50ක් 60ක් දුක් වින්දා වගේ මේ අවුරුද්දත් මේ විදියට අපිට ගතකරන්න සිදුවේවි කියා. එයට හේතුව වන්නේ, මොරගහකන්ද ජලාශයේ වේල්ලේ ඉදිකිරීම් කටයුතු අවසන්වී පළමු වතාවටයි ජලය පිරෙව්වේ. එය ඉදිකළ තාක්ෂණික විශේෂඥයින්ට මේ වේල්ලේ, බැම්මේ ප‍්‍රමිතිය එහි තත්ත්වය, ගුණාත්මකභාවය පිළිබඳව ඉදිකිරීම් සම්බන්ධයෙන් ඉංජිනේරුවරුන් සෑහීමකට පත්වෙන්නේත් අවසන් නිගමනයකට එළඹෙන්නෙත් ජලාශය සම්පූර්ණයෙන්ම ජලයෙන් පිරිලා මාස ගානක් යන විටයි ඒ පිළිබ`දව නිසි වාර්තාවක් සහ ඇගයීමක් කළ හැකි වෙන්නේ. ලබන මාස් කන්නේ ඔක්තෝබර් නොවැම්බර් වනවිට මහ වැසි ලැබී මොරගහකන්ද කළු ගඟ ජලාශය සම්පූර්ණයෙන්ම පිරී ඉහළම ජල ධාරිතාවක් තිබෙන ජලාශය බවට පත්වේවි කියා අපි විශ්වාස කරනවා.

හැට වසරක් වැනි කාලයක් ජලය ඉල්ලා හැඬූ ජනතාවගේ කඳුළු කතාව නිමා කරමින් අනාගතයේ ගොවි ජනතාවගේ ආර්ථිකය පිළිබඳ ප‍්‍රශ්නය විස`දන්නට මේ ව්‍යාපෘතියෙන් යෝධ ශක්තියක් ලැබෙනවා. එම ජලාශය සමඟ මේ ප‍්‍රදේශවල ඉදිවෙන කුඩා වැව් ප‍්‍රතිසංස්කරණය කිරීම් සහ නව ජලාශ, අමුණු හයසීයකට වැඩි සංඛ්‍යාවක් අපේ වාරි පද්ධතියට එක්වෙනවා.

ප‍්‍රතිසංස්කරණය වන පැරැණි වැව් ප‍්‍රමාණය 600 කට වැඩියි. ආසියානු සංවර්ධන බැංකුව ඒ වගේම ලෝකයේ වෙනත් රටවල් ගණනාවක් මේ සඳහා උදව් දී තිබෙනවා. කළුගඟ සහ මොරගහකන්ද ජලාශයේ උමග කිලෝමීටර් 21ක් දිගයි. ඒ ස`දහා මීට මාස දෙකකට පෙර කුවේට් රජයෙන් මුදල් ලැබුණා. ඒ අනුව ඒ කටයුතුත් මේ වනවිට ආරම්භ කර තිබෙනවා. එය වාසනාවන්ත ආර්ථිකයකට අවස්ථාවක් ලෙසයි මා විශ්වාස කරන්නේ. ගොවි ජනතාවට තම ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට තිබුණු ප‍්‍රබල ප‍්‍රශ්නය වුනේ ජල ප‍්‍රශ්නයයි. ඇලහැර ව්‍යාපාරය වගේම රජරට ගොවි ජනපද ව්‍යාපාරයටත් ජල ප‍්‍රශ්නය අද ඊයේ ඇතිවූවා නොවේ. ඇතැම් වෙලාවට නියරේ, කමතේ, කුඹුරේ, ඇළේ ජලය පිළිබඳ ඇතිවූ ගැටුම්වලදී ජීවිත අහිමි වූ අවස්ථා තිබුණා. එවැනි අත්දැකීම් අපට තිබෙනවා.

ඒත් සමඟ අධ්‍යාපනය පිළිබඳව කතා කිරීමේදී අධ්‍යාපනයට අවශ්‍ය සම්පත් ලබාදෙමින් අනාගතයේ දක්ෂ දරුවන් බිහිකිරීමටයි අපි මෙවැනි ආයෝජනයන් කරන්නේ. මහ ඇමැතිතුමා පළාත් සභාවට ලැබෙන මුදල් විශාල වශයෙන් පාසල් ස`දහා යොදවනවා. පොළොන්නරු දිස්ත‍්‍රික්කයේ පිබිදෙමු පොළොන්නරුව වැඩසටහන යටතේ පාසල් 10ක අදත් හෙටත් මෙවැනි විවෘත කිරීම් තිබෙනවා.

පාසල්වල තිබෙන අඩුපාඩු සම්පූර්ණ කරන්නේ දරුවනේ ඔබ මේ රටේ යහපත් පුරවැසියන් විදියට ජයග‍්‍රහණය කරවීම සඳහායි. විභාගය සමත්වනවා සේම ඔබ ජීවිතය ද සමත් විය යුතුයි.

අද ඩෙංගු උවදුර පිළිබඳ වැඩි වශයෙන් කතාවෙනවා. උතුරු මැද පළාත ඩෙංගු උවදුර සම්බන්ධයෙන් අවම තත්ත්වයක සිටින්නේ. බස්නාහිර පළාත තමයි ඩෙංගු උවදුර වැඩිම වෙලා තිබෙන්නේ. මෙය අපේ රටේ පමණක් ඇති ප‍්‍රශ්නයක් නෙවෙයි. කලාපය වශයෙන් ගත්විට ඉන්දියාව, පකිස්ථානය, මැලේසියාව, ඉන්දුනීසියාව, සිංගප්පූරුව වැනි රටවලත් තිබෙනවා. මෙක්සිකෝව දක්වා ඩෙංගු ප‍්‍රශ්නය ඉතාමත් ප‍්‍රබලයි. ඩෙංගු මර්දනය සම්බන්ධයෙන් ලෝකයේ ඉහළම වාර්තාව පිහිටෙව්වේ කියුබාවයි. නමුත් කියුබාවටත් පු`එවන්වෙලා නැහැ ඩෙංගු මදුරුවා සම්පූර්ණයෙන් මර්දනය කරන්න.

ඩෙංගු උවදුර තුරන් කිරීමට මහජනතාව සහය දිය යුතුයි. ඒ වෙනුවෙන් කෙරෙන වැඩපිළිවෙළ සඳහා රාජ්‍ය නිලධාරීන්ට මහජනතාව සහය දිය  යුතුයි.

ඒ වගේම කැළි කසළ ප‍්‍රශ්නය විශාල ගැටලූවක් වෙලා. පාසල්වල විදුහල්පතිවරුන් ප‍්‍රමුඛ ගුරුවරුන්ගෙන් මම ඉල්ලා සිටිනවා ඔබ දරුවන්ට අධ්‍යාපනය දෙනවා සේම තම ගේ දොර ඇති කැළි කසළ නිසි ආකාරයට බැහැර කිරීම පිළිබ`දව සමාජ දැනුමත් දරුවන්ට ලබා දෙන්න කියලා. පසුගිය මාස කිහිපය තුළ කැළි කසළ වර්ගීකරණය පිළිබඳව තීන්දු තීරණ රාශියක් ගනු ලැබුවා. කැළි කසළ වර්ගීකරණය කර ප්ලාස්ටික්, වීදුරු, කාඞ්බෝඞ්, දිරන ද්‍රව්‍ය වෙන වෙනම දාලා කැළි කසළ ගෙන යාමට කටයුතු කරන අංශවලට භාරදෙන්න කියා ජනතාව දැනුවත් කළා.

අද කොළඹ ප‍්‍රමුඛ ප‍්‍රධාන නගරවල කසළ ගොඩගැසී තිබෙනවා. ඇතැම් අය සාර්ථකව ඒ වර්ගීකරණය කරනවා ඇතැම් අය අනවබෝධයෙන් හෝ උවමනාවක් නැතිකමින් කසළ වර්ගීකරණය කරන්නේ නැහැ. එසේ වර්ගීකරණය නොකරන විට කසළ ගෙන යන ඒවා රැගෙන යන්නේ නැහැ. එසේ වීමේ ප‍්‍රතිඵලය වන්නේ පාරවල් ඉදිරිපිට, ගෙවල් ඉදිරිපිට කැළි කසළ ගොඩවල් පිරී යාමයි.
විදුහල්පතිතුමා පැවසුවා මේ පාසලේ අතීතය 1951 ඔක්තෝබර් මාසයේ තමයි පාසල ආරම්භ කර තිබෙන්නේ. පසුව 1952 දී රජයට පවරා ගෙන තිබෙනවා. 1963 දී මහා විද්‍යාලයක් බවට පත්ව තිබෙනවා. මේ පාසලේ අඩුපාඩු අතර ශ‍්‍රවණාගාරයක් නැහැයි කියලා සඳහන්වී තිබුණා. ශ‍්‍රවණාගාරයක් ඉක්මනට සාදා දීමට මම කටයුතු කරන බවත් කියන්නට කැමතියි.

විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලය මේ දරුවන් වෙනුවෙන් කරන කැපවීම ඉතාමත් අගය කරමින්, ඔබ සියලූ දෙනාට සුබවාදී අනාගතයක් ප‍්‍රාර්ථනා කරමින් ඔබෙන් සමුගන්නවා.

අත්තනකඩවල මහා විද්‍යාලයේ විදුහල්පති ඞී. එම්. එදිරිසිංහ මහතා උත්සවයේ පිළිගැනීමේ කථාව කළේය.

පාසලේ සෞන්දර්ය ඒකකය විවෘත කිරීමෙන් අනතුරුව ජනාධිපතිවරයා පාසල් දරු දැරියන් සමඟ ගීත ගායනා කිරීමේ අවස්ථාවකට ද එක් විය.

උතුරු මැද මහ ඇමැති පේෂල ජයරත්න, උතුරු මැද පළාත් සභාවේ කෘෂිකර්ම ඇමැති සම්පත් ශ්‍රී නිලන්ත වික‍්‍රමආරච්චි, උතුරු මැද පළාත් සභාවේ මන්තී‍්‍රවරුන් වන එස්.එච්.ඒ. අන්සාර්, එන්.වී. සමන්ත හිටපු නියෝජ්‍ය ඇමැති චන්ද්‍රසිරි සූරියආරච්චි, ඇලහැර ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අමරවංශ මොහොට්ටිගේ, පොළොන්නරුව දිස්ති‍්‍රක් ලේකම් රංජිත් ආරියරත්න, හිඟුරක්ගොඩ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ එන්.එම්.කේ.බී. නවරත්න යන මහත්වරුන්ද විද්‍යාලයේ ඉගෙනුම ලබන දරු දැරියන්ගේ මාපියන් ඇතුළු විශාල පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගිවූහ.



අදහස් (6)

රටක දීර්ඝතම ආයෝජනය දරුවන්ගේ අධ්‍යාපනයයි

kumar (galf) Sunday, 25 June 2017 07:05 PM

අපි බලාපොරොත්තු වූ දේවල් ජනාධි පති තුමාගෙන් ඉටුවුණේ නෑ.

:       0       26

Upul Monday, 26 June 2017 05:15 AM

ඒකද දරුවන්ගේ අධ්‍යාපනය මුදලාලිලාට විකුණගෙන කන්න ඉඩදීලා බලාගෙන ඉන්නේ?

:       56       125

ONE SRILANKAN Monday, 26 June 2017 09:05 AM

ඔබතුමාගේ නිර්දේශයත් සයිටම් වහන්න යෝජනා කරන්න. පින්සිදු වෙයි. වචනෙට පමණක් සීමානොවී කටයුතු කරන්න ඔබතුමාට සිත් ඇති වේවා!!! සමව දෙන්න දඬුවම් දෙනවා නම්... සයිටම් කට්ටියටත්, ළමයින්ට ගුටිදුන් පොලිස් නිලධාරීන්ටත් දඬුවම් දෙන්න... ළමයෙක්, දෙන්නෙක් මැරෙන්න කලින් මේක විසඳන්න. කල්යවා පසු තැවෙන්න එපා...ඔබතුමාටත් දරුවෝ ඉන්නවා නේද?

:       1       6

sam Wednesday, 28 June 2017 07:20 AM

අධ්‍යාපනයක් ගැන මොකට කරදර වෙනවද? අධ්‍යාපනයක් නැති අයටත් ඉහල තනතුරු වලට අයදුම් කරන්න පුළුවන් වෙන විදියට ඒ තනතුරු වලට අවශ්‍ය සුදුසුකම් අඩු කිරීම ඊට වඩා පහසුයි නේද?

:       0       29

ONE SRILANKAN Thursday, 29 June 2017 07:42 AM

එ්කද දත් දොස්තර මහත්තයා එ්ක විනාශ කරන්න යන්නේ? රජය දෙමපියන්ටත්, දරුවන්ටත් දිගට හරහට ගහන්නේ ඇයි?

:       0       15

පුෂ්ප Sunday, 02 July 2017 09:17 AM

මට සමාවෙන්න... මේක කියේව්වහම මට හිනාව නවත්තගන්න බැරිවුණා.

:       0       0

ඔබේ අදහස් එවන්න

දේශපාලන

සජිත්ගෙන් ඉල්ලීමක්
2024 ජුලි මස 01 382 2

මානුෂීය මෙහෙයුම හරහා තිස් වසරක යුද සාපය අවසන් වී රට සුරක්ෂා වූවා සේ දූෂිතයන්ගෙන් වංචනිකයන්ගෙන් මූල්‍ය ඝාතකයන්ගෙන් රට බේරා ගන්නා ඊළඟ මෙහෙයුමට නායකත්ව


මාතරින් නව දේශපාලන ගමනක් ඇරැඹුවා
2024 ජුනි මස 30 3867 21

අද තිබෙන්නේ පුද්ගලවාදය හෝ පක්ෂවාදය නොව, රට පෙරට තබා සියලුදෙනා පොදු එකඟතාවකින් ඉදිරියට යාම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


අනුර - දෙමළ මන්ත්‍රිවරු අතර හමුවක්
2024 ජුනි මස 11 1673 5

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (11) යාපනයේ සිදු කළ සංචාරය අතර තුර තමිල් අරසු කච්චි පක්ෂ කාර්යාලයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්


‘‘නව නායකයාට අලුත් දැක්මක් තිබිය යුතුයි‘‘
2024 ජුනි මස 01 1239 7

ඉදිරි ජනාධිපතිවරණයෙන් රටේ නායකත්වයට පත්වෙන ජනාධිපතිවරයාට රටට අවශ්‍ය අලුත් දැක්මක් ලබා දිය නොහැකි නම් ජනතාවගේ අවශ්‍යතා සපුරාලිය නොහැකි වුවහොත් ඔහුට


’’ඡන්දෙ කල්දාන සෙල්ලම් අපි එක්ක බෑ’’
2024 මැයි මස 28 2658 18

ජනතාවගේ ප්‍රශ්න වලට ඇත්ත උත්තර ලබා දුන්නා නම් රටට මෙවැනි ඉරණමක් අත් නොවන බවත් එම නිසා මේ රැවටීමේ දේශපාලනයට තිත තැබිය යුතු යැයි ජාතික ජන බලවේගයේ නායක පා


‘‘මැතිවරණය කුමක් දැයි අපට අදාල නෑ‘‘
2024 මැයි මස 19 1417 17

ප්‍රථමයෙන් පවත්වන්නේ ජනාධිපතිවරණයද? මහ මැතිවරණය ද? යන්න කුමක් වුවත් ඒ දෙකටම මුහුණ දීමට ජාතික ජනබල වේගය සූදානම් යැයි එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි 2024 ජුලි මස 23 168 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සහ ජෙනරල්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ එක්ව පසුගියදා ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ගම්පහ, රත්නපුර සහ මාතර දිස්ත‍්‍ර

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 221 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 1162 1
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

Our Group Site