IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


රාජපක්ෂ යුගයේ ගත් ඩොලර් කෝටි 3600 ණය ගෙවා රට සංවර්ධනයට පදනම දමලා

 (අංජුල මහික වීරරත්න සහ චාමින්ද දිසානායක)

රාජපක්ෂ යුගයෙන් රටට උරුම වූ ඩොලර් කෝටි 3600ක ණය කන්දක් ගෙවා දමා සංවර්ධනයක් ඇති කිරීමේ පදනම යහපාලන රජය විසින් දමා අවසන් බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ගොඩකවෙලදී ඊයේ (30) පැවැසීය.

රටක් ලෙස අප ණයට යට වුවහොත් ලෝකය ඉදිරියේ වහලූන් බවට පත්වන බව කී අග‍්‍රාමාත්‍යවරයා ශ්‍රී ලාංකිකයන් එම තත්ත්වයට ඇද දැමීමට යහපාලන රජය සූදානම් නැතැයිද කීය.

අග‍්‍රාමාත්‍යවරයා මෙසේ පැවැසුවේ ගොඩකවෙල කුලරත්න ළමා නිවාසයේ 25 වැනි සංවත්සරයේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග‍්‍රාමාත්‍යවරයා මෙසේද කීය.

”අද රටේ ආර්ථිකය පරණ ණය වලට යටවෙලා තිබෙනවා. මේ ණය කන්දරාව දුටුවිට සාමාන්‍ය පුද්ගලයකු නම් දිවි නසා ගන්නවා. නමුත් රටකට එහෙම කරන්න හැකියාවක් නෑ. ඒ නිසා කෙසේ හෝ මේ ආර්ථිකය ගොඩ ගැනීමට අප කල්පනා කරනවා. මේ ණය ගෙවා දැමීමට නම් ශක්තිමත් ආර්ථිකයක් ඇති කළ යුතුයි. මෙලෙස ණය ගැනීමෙන් රටවල් ඉදිරියට යන්නේ නෑ. ඒ නිසා ණය ගෙවා දැමීමට හැකි අයුරින් ආර්ථිකය හැසිරවීමට අපට හැකිවී තිබෙනවා. මුදල් විශාල ප‍්‍රමාණයක් ඊට වැය වෙනවා. සංවර්ධන කරන්නේ ඉතිරි මුදල්වලිනුයි. අයවැයෙන් මුදල් සොයාගෙන සංවර්ධනයත් ඉදිරියට ගෙනයෑමට අපට හැකි වී තිබෙනවා.

ලෝකය වටේ ගොස් ශ්‍රී ලංකාවේ හොඳ නම ආරක්ෂා කරගෙන විදේශ ආයෝජකයන් එන පසුබිම හදන්නට ජනාධිපතිතුමාටත් මටත් සිදුවී තිබෙනවා” යැයි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.



අදහස් (2)

රාජපක්ෂ යුගයේ ගත් ඩොලර් කෝටි 3600 ණය ගෙවා රට සංවර්ධනයට පදනම දමලා

Frankfurt Sunday, 02 April 2017 01:11 PM

රාජපක්ෂලා නය අරන් යුද්ධේ ඉවර කරලා රට සංවර්ධනය කලා. ඔහෙලා මේ වන තෙක් කලේ මොනවද කියල කියනවද??

:       0       82

sathyayaa Monday, 03 April 2017 12:53 AM

අනේ මගේ කට !

:       0       38

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 21 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 703 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 333 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site