ඩයනා උදයංගනී
මැති ඇමතිවරුන්ට පවා ඍජුව හා දැඩිව නීතිය කි‍්‍රයාත්මක කිරීම මෙම වත්මන් ආණ්ඩුවේ විශේෂත්වය බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
පාතාල ලෝකයට හෝ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට වත්මන් රජයේ මැති ඇමතිවරුන්ගේ කිසිම සම්බන්ධයක් හෙළිවී නැතැයි කී අමාත්‍යවරයා එවන් සම්බන්ධයක් ඇතැයි ඔප්පු කර පෙන්වුවහොත් ඒ සඳහා ඍජුව කි‍්‍රයාත්මක වීමට රජය බැඳී සිටින බවද ස`දහන් කළේය.
මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙම අදහස් පැවසුවේ එම අමාත්‍යාංශය යටතේ කතරගම ප‍්‍රදේශයේ සිදු කෙරෙන සංවර්ධන ව්‍යාපෘතීන් විවෘත කිරීමේ සහ වැඩ ආරම්භ කිරීමේ උත්සව අවස්ථාවන් කිහිපයක් සඳහා අද (22) සහභාගී වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ ද කියා සිටියේය.
‘‘අපරාධ සහ මත්ද්‍රව්‍ය වැඩිවෙලාය කියන චෝදනා සංඛ්‍යා ලේඛන සමග ගත්විට එය සත්‍යයක් නොවෙයි. මෙරට වැඩිම අපරාධ සංඛ්‍යාවක් සිදු වී තිබෙන්නේ 2013 වසරේ එනම් ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත්වරුන්ගේ කාලයේයි. එය සංඛ්‍යාත්මක වශයෙන් 55,000 ක්. 2017 වර්ෂයේ අපරාධ සිදුවී තිබෙන්නේ 30,000 යි.
දැන් මහින්ද රාපක්ෂ මහත්මයගේ කාලයේ වගේ මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයන් අසු වුණාම ඒ අයව බේරගන්න ගෙදරට ජනාධිපති යන්නෙ නැහැ. ඒ වගේම මහපාරේ වෙඩි තියලා දාන්නේ නැහැ. සුදු වෑන් එවන්නේ නැහැ. ඒ වගේ දේවල් අද සිදුවන්නේ නැහැ. එදත් තිබුණේ මෙහෙමයි. අදත් මෙහෙමයි කියලා නිකන් බොරු චෝදනා කරන්න අවශ්‍ය නැහැ. අද පාතාල ලෝකයට හෝ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට රජයේ මැති ඇමතිලාගේ සම්බන්ධයක් ඔප්පු වෙලා නැහැ. පුලූවන්නම් ඔප්පු කරලා පෙන්වන්න ඒ සඳහා රජය ඍජුව කි‍්‍රයාත්මක වෙන්න අපි බැඳී සිටිනවා.‘‘ යැයි අමාත්‍යවරයා පැවසීය.
2025 නොවැම්බර් මස 17
73
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
902
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2530
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
මැති ඇමැතින්ටත් නීතිය එකසේ - ඇමැති චම්පික
gayan Monday, 23 July 2018 12:38 AM
කවද්ද එහෙම කළේ? දැන් එක මහඇමති කෙනෙක් විදුහල්පතිනියක් දණ ගැස්සුවා. මොකද කළේ...? එතකොට ඇමති කෙනෙක් පාතාල ආරක්ෂාව යටතේ ඉන්න තොරතුරු පොලීසියට තියෙනවා කිව්වා. මොකද කළේ. එතකොට තව ඇමතිවරු කීපදෙනෙක්ම මහබැංකු මගඩියට සම්බන්ධයි හා පගාව අරගෙන තියෙනවා කියලා හෙලිවුණා. මොකද කළේ? තවජාති කොච්චර තියෙවද?
K Perera Monday, 23 July 2018 02:11 PM
ඔබේ කතාව සහතික ඇත්ත. උගත් ජනතාවට මෙය තේරෙනව. නමුත් කණගාටුව !!! තවමත් බහුතරයකට අවශ්‍ය පහුගිය රජය වගේ පාලනයක්...