(ඩයනා උදයංගනී)
බැසිල් රාජපක්‍ෂ මහතා කී ආකාරයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ආණ්ඩු කළා නම් තවමත් ඒ ආණ්ඩුව තිබෙන බවත් බැසිල් රාජපක්‍ෂ මහතාට ලෝක දේශපාලනය ගැන මනා දැනුමක් තිබෙන බවත් සම කැබිනට් ප‍්‍රකාශක, සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද(4) පැවසීය.
නමුත් මහින්ද රාජපක්‍ෂ මහතා කටයුතු කළේ ගෝඨාභය රාජපක්‍ෂ මහතා කී විදියට බව කී අමාත්‍යවරයා උතුරු පළාතේ හමුදාව යටතේ ඇති ඉඩම් ජනතාවට ලබාදීමේදී විශාලම බාධාවක් වී තිබුණේ ඒකාබද්ධ විපක්‍ෂයේ පිරිස වුවත්, එම ඉඩම් කඩිනමින් නිදහස් කළ යුතු බව බැසිල් රාජපක්‍ෂ මහතා ප‍්‍රකාශ කිර තිබීමෙන් එම බාධාව ඉවත් වූ බව ද කීවේය.
හමුදාව අපරාධ කළ බව ද බැසිල් රාජපක්‍ෂ මහතා කියා ඇති බව අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේය.
අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මේ බව පැවසුවේ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (4) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.
COMMENTS
කරුණාකර ඔබතුමා හමුදාව සහ යුද්දේ ගැන කතා නොකර සිටින්න.....ඔය එක ඒවා කියන්න ගියහම අන්තිමට නතරවෙන්නේ ජිනීවා වල .....
ඊයේ පැවති කැබිනට් මාධ්‍යය හමුවකදී රජයේ 3 වන කැබිනට් මාධ්‍යය ප්‍රකාශක රාජිත සේනාරත්න ඇමතිවරයා ජ.වී.පෙ තරුණයින් ගේ රැවුල් සහ මාක්ස් වාදයේ නිර්මාතෘ කාල් මාක්ස් ගේ රැවුල අතර සම්බන්ධය කියන්න ගොස් මාක්ස් ඔහුගේ "දාස් කැපිටල්" පොත ලිව්වේ 1871 වසරේ කියා නියමෙට අනාගත්තා. තමන් ලෝකය ගැන කෙසේ වෙතත් තරුණ ජවය ඇති කාලයේ බොරුවට හෝ මාක්ස් වාදියෙක් ලෙස පෙනී සිටි කාලයේදී වත් මාක්ස් ඒ පොත ලීවේ කුමන වසරේදී (1867) කියා දැන සිට නැහැ . මේ කතාවේ විශ්මිතම එපිසෝඩය ඇමතිවරයා අනාගත්ත බව කවුද පෙන්වා දුන් පසු ප්‍රවෘති විකාශන වලින් ඒ කොටස වහාම ඉවත් කිරීමයි. අද දිනයේ අප භුක්ති විඳින්නේ බලය හා මෝඩ කමට අවස්තාවාදී කම එක්තැන් වූ අවිචාර සමයක ඛේදවාචකයයි!
ඔය කියන්නේ අර 10% ගත්තා නම් හොඳයි කියලද ?
අනේ මේ වගේ මිනිසුන්... කතා කරලා වැඩක් නැහැ ..
ඒ කියන්නේ සිල් රෙදි බෙදලා ඉන්දියාවෙන් නලඟනක් ගෙන්වලා තව හෝටල් දෙක තුනක් හදලා ..එහෙමද ? අපි නම් මහත්තයා ඕවට අහුවෙන්නේ නැහැ. නමුත් හාමුදුරුවෝ ගහපු ගැටේට නම් අපි බෙල්ලටම අහු වුණා.
අම්මපා මට වචන නැහැ මහත්තයා මේවට කියන්න.
හමුදාව යටතේ ඇති ඉඩම්...? කොහෙද ඒවා තියෙන්නේ යුද්දය පවතිද්දී තම ජීවිත ආරක්ෂාව සඳහා හමුදා වෙත අයත් වුණා. යම් යම් ප්‍රදේශ යුද්ධය ඉවර වී සාමය පවතිනවා නම් පමණක් මේ ප්‍රදේශ වලින් ඉවත් විය හැක. අලිමංකඩ පාන්කඩ කරන්න බැහැ බොහෝ ජීවිත නැති වුණා. මේවා කඳවුරු රැක ගන්න දැන් බෙදන්න කතා කරන දේශපාලකයෝ එදා හිටියේ ඇඳන් යට... නැති නම් අද ජීවතුන් අතර ඉන්න බැහැ.
යුද්ධය පටන් ගත් කාලයේදී, හමුදා සේවයෙන් පලාගොස් ඇමරිකාවේ පදිංචිව සිටි ගොට්ට මහත්තය ගැන කියල වැඩක් නැහැ. මරා අයියා, නොවඳින වැඳුම් කරලා මෙයාව ගෙන්න ගෙන ආරක්ෂක ලේකම් හැටියට පත්කරේ අත ලෙව කන්නද ? බැසිල් ගැන විශ්වාසයක් නොතිබුන නිසයි මරා අයියා, ගාල්ලේ සුමනදාස උන්නැහේගෙන් අත බලවගෙන, කේන්දරේ හදවාගෙන "වීරයෙක්" වගේ මැතිවරණයට ගොහින් හොස්ස, පස්ස බිම ඇනගත්තේ.... මේ දත් දොස්තර මහත්තයෝ, දන්නා නොදන්නා ඕන දෙයකට, ඕන නැති තැනකදී හොට දමල පස්ස බිම ඇන ගන්නේ නැතිව ඇමති කමේ වැඩ බලා ගත්තොත් ඒක රටට කරන ලොකුම සේවය වෙනවා ! මෙයා මොන මගුලකටද "රාජපක්ෂ පවුල් සංස්ථාවේ" වැඩ ගැන හොයන්න පටන් ගත්තේ ? ආයෙත් වරක් ඒ පැත්තට හේත්තුවක් ගහන්න සූදානමක්වත් යටි හිතේ තියාගෙනද දන්නේ නැහැ ඒ අයගේ හොඳ නොහොඳ ගැන හොයා බලන්නේ !!!!
නන්දලාල් සිල්වා ප්‍රංශයට පැනලා ගියේ කොයි කාලයේද මොනවා නිසාද? වීදුරු ගෙවල් ඇතුලේ ඉඳන් ගල් ගහන්න එපා. බය නැතුව ලංකාවට එන්න. ගෝඨා ඇවිත් බය නැතිකරා. පටන් ගත්තේ සරත් ෆොන්සේකාව හමුදාපති කරලා. ගොඨාභය විතරක් නෙවෙයි, සරත් ෆොන්සේකාත් ඇමරිකාවට ගිය කෙනෙක්. ඔහුගේ ග්‍රීන් කාඩ් එක ගැනත් කියන්න. අනික ගොඨාභය යුද්ධය අතරේ පැනල ගියානම් මොකද ඔහුව ඒ කාලයේම ඇල්ලුවේ නැත්තේ. ඔක්කොම දන්නා එක්කෙනා ඒකත් කියන්න, නන්දලාල්, ඔබ රාජිතට බැන්නාට ඔබත් ඔහු වගේම රාජපක්ෂලාගේ විස්තර අපිට කියන්නේ බලන් හිටිය වගේනේ. ඔබට ප්‍රංශේ ඉඳලා මේ ලංකාවේ වෙන දේ කියවන්නේ හීනෙන් පෙනිලද?
වැල යන අතටලු මැස්ස ගහන්නේ. මෙයා හොඳ බුලටි කාරයෙක්. දැන්මම අමුඩේ ගහල ලෑස්තිවෙනවා.