IMG-LOGO

2025 මාර්තු මස 24 වන සඳුදා


’බැඳුම්කර ගනුදෙනුවෙන් සිදුවූ පාඩුව හම්බන්තොට වරාය විකුණා ලැබූ ආදායම වගේ අට ගුණයක්’

(ශ්‍රී ජයවර්ධනපුර මුදිතා දයානන්ද)

නාස්තිය දුෂණය වංචාව නැති කරනවා කියලා පොරොන්දු දීලා බලයට ආ මේ ආණ්ඩුවට දැන් ඒ වචන භාවිත කරන්න කිසිම සාදාචාරාත්මක අයිතියක් නැතැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඊයේ (09) පැවසීය.

බොරැල්ල ඇන්.ඇම්. පෙරේරා මධ්‍යස්ථානයේදී ඊයේ පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් රඹුක්වැල්ල මහතා මේ බව පැවැසීය.

ඔහු මෙසේ ද කීවේය.

ජනාධිපතිවරණයේදී මේ ආණ්ඩුවේ අය ජනතාවට පොරොන්දු රැසක් ලබාදුන්නා. ඒ අතර ප‍්‍රධානම පොරොන්දු දෙකක් තිබෙනවා. ඒ තමයි හොරකම්, දුෂණ වංචා පිටු දැකීම හා මතින් තොර රටක් බිහිකිරීම. ඒ වෙනුවෙන් ඔවුන් ජනාධිතිවරණයේදීත් මහ මැතිවරණයේදිත් විශාල මාධ්‍ය සංදර්ශන පැවැත්වුවා. දැන් මේ පොරොන්දුවලට මොකද වෙලා තිබෙන්නේ?

ජනාධිපතිවරණය අවසන් වුණ ගමන් නීති විරෝධී විදිහට අගමැති පත් කරලා නව කැබිනට්ටුවක් පත් කළා. සති දෙකක් ගියේ නෑ ලංකා ඉතිහාසයේ සිදුවූ ලොකුම මූල්‍ය වංචාව සිදු කළා. මේක අහම්බයක්ද? එක් අවස්ථාවක සුළු කාලයකට සිදු වුණා හැරෙන්න ඉතිහාසය පුරාම මහබැංකුව තිබුණේ මුදල් අමාත්‍යාංශය යටතේ. නමුත් මේ ආණ්ඩුව ආපු ගමන් මහබැංකුව ගත්තා අගමැති යටතට.

ලංකාවේ ව්‍යාවස්ථාව උල්ලංඝනය කරමින් තමයි අර්ජුන් මහේන්ද්‍රන් මහබැංකු අධිපති හැටියට පත් කළේ. ඒ වන විට ඔහුගේ බෑනා මහ බැංකුවේ බැඳුම්කර මිලදී ගන්නා ප‍්‍රාථමික ගැනුම්කරුවෙක් හැටියට හිටියා. විගණකාධිපති කියනවා පළමු වංචාව සිදුවූ දිනයේ පැය භාගයක් ඇතුළත බිලියන එකයි දශම හතක අයුතු ලාභයක් පර්පෙචුවල ටෙ‍්‍රෂර්රිස් සමාගම ලැබුවා කියලා.

අබඇටයක් තරම් මොළයක් තිබෙන  ඕනම කෙනෙකුට පේනවා මේක අහම්බෙන් සිදුවුවක් නොවන බව. ඩිව් ගුණසේකර මහතා මේ සිදුවීම සම්බන්ධ කෝප් කමිටු විමර්ශනයේ වාර්තාව ඉදිරිපත් කරන්න යද්දී ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හරිනවා. මේ රටේ හිටපු නියෝජ්‍ය මුදල් ඇමති කියනවා බැඳුම්කර ගනුදෙනුවේ මූල්‍ය පාඩුව මේ වන විට ටි‍්‍රලියනයක් වෙනවාලූ. ඒ කියන්නේ බිලියන දාහක්. මේක හම්බන්තොට වරාය විකුණලා ලබපු ආදායම වගේ අට ගුණයක්. මේ රටේ ජනතාවට දේශපාලකයන් හොරෙක් විදිහට පේන තත්ත්වයට අද රට පත් කරලා තිබෙනවා.

දුෂණය හා නාස්තිය කියන වචනය මේ ආණ්ඩුවට භාවිත කරන්න සාදාචාරාත්මක අයිතියක් නැහැ. රාජිත ඇමතිවරයා කියනවා මේ හොරකම ලූනු බිකක් තරම් කියලා. ඒක ඇත්ත මුදල් නියෝජ්‍ය ඇමති කියන විදිහට පාඩුවක් සිදුවී තිබෙනවා නම් ඒකට අනුව ලැබී තිබෙන මුදල ලූනු බිකක් තරම් තමයි. මේ තරම් පාඩුවක් වෙන තැනට යන්න ඇරියේ අගමැති ප‍්‍රමුඛ මේ ආණ්ඩුව.

මේ පාඩු සමග අද රුපියල කඩා වැටිලා, ආර්ථිකය කඩා වැටිලා. ඒ නිසා අද විදේශ විනිමය උපයන්න හම්බන්තොට වරාය විකුණන්න සිදුවෙනවා. මේක ගැන කතා කරද්දී දැන් කියනවා අපි විකුණනවායි බදු දෙනවායි කියන දෙකේ වෙනස අඳුනන්නේ නෑ කියලා. මේ අය කියනවා මේ ගිවිසුම  ඕන වෙලාවක වෙනස් කරන්න පුලූවන් කියලා. මෙයාලා හිතන්නේ මේ රටේ මිනිස්සු බත් කන හරක් කියලා. මේ රටේ ඉන්නේ බත්කන මිනිස්සු. ඒ නිසා කියන කියන හැමදේම විශ්වාස කරන්න ඔවුන් සූදානම් නැහැ. කවුරුවත් අහලා තිබෙනවාද එක ආයතනයක් අනුනව අවුරුද්දේ ඒවා දෙකක් විදිහට බදු දෙනවා.

දැන් විසිවන සංශෝධනය ගෙනත් පළාත් සභා මැතිවරණයත් කල්දාන්න යනවා. ජනතාව මුලා කරන්නේ නැතිව කියන්න එකපාර සියල්ලේ මැතිවරණය පවත්වනවා අහවල් දවසේ කියලා. සැප්තැම්බර් වෙනකොට විසිරෙන පළාත් සභා සමග අනෙක් ඒවාත් විසුරුවා හැරලා මැතිවරණයකට යාම තමයි ප‍්‍රජාතන්ත‍්‍රවාදය කියන්නේ.

එක කාලෙක කිව්වා කුඩු වලින් රොටී හදන්න පුලූවන් කියලා. දැන් එහෙම නෙවෙයි කොන්ක‍්‍රීට් අනන්න ගන්න පුලූවන්. දැන් සතොසෙන් ගෙනත් කුඩු බෙදා හරිනවා. පහුගිය දවසක සතොසට සීනි ගෙනාපු කන්ටේනරයක තිබී කුඩු අහුවුණා. එයින් කොටසක් අතුරුදන් වුණා. මේ ජාවාරම් පසුපස ඉන්න බලවතුන්. මේ උවදුරෙන් රට බේරාගන්න උදව් දෙන්නේ නැහැ. රාජ්‍යයට එරෙහිව නැගී සිටින ජනතාව තරුණ පරපුර මත්කුඩු පොවා මත්කරවා වෙනත් මාර්ගයකට යැවීමෙන් විරෝධව සමනය කරන්නයි ආණ්ඩුව මේ උත්සාහ කරන්නේ.

මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසන්න රණවීර මහතා මෙසේ පැවසීය.

පහුගිය දවසක ඇමතිවරයෙක්ගේ පෞද්ගලික ලේකම්වරයෙක් සතුව තිබී අසුවු මත්ද්‍රව්‍ය අහුවුණාම කළ යුතුව තිබුණේ ඊට සම්බන්ධ වූ හතර දෙනාගේම නිවාස පරීක්ෂා කිරීමයි. නමුත් සිදුවුණේ සියලූ මත්ද්‍රව්‍ය එක තරුණයෙක් මත පටවා අනෙක් අය නිදහස් කිරීමයි. මේ විදිහට තමයි අද නිතීය ක‍්‍රීයාත්මක වන්නේ. මත්ද්‍රව්‍ය වැටලීම් කරන නිලධාරින්ට විශේෂ දීමනා හා උසස් වීම් ලබාදෙන්න කටයුතු කරනවා කියලා ජනාධිපතිතුමා මෑතක දී කිව්වා. නමුත් දැන් මේ වැටලීම් කරපු නිලධාරින් සීසිකඩ මාරු කරලා.

අද ස්වාධීන කොමිෂන් නැහැ. පොලිස් කොමිසම, මැතිවරණ කොමිසම, අධිකරණ සේවා කොමිසම මේ සියල්ලක්ම නිහඬයි.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී පියල් නිශාන්ත මහතා අදහස් දක්වමින් මෙසේ පැවසීය.

දැන් දවසින් දවස මාතෘකා අලූත්වෙමින් යනවා. මේ අලූත් මාතෘකා නිසා ජනතාවට සෘජුව බලපාන ගැටලූ අමතක වෙනවා. මත්ද්‍රව්‍ය වලින් තොර රටක් ඇති කරනවා කියපු ආණ්ඩුව යටතේ දැන් කන්ටේනර් නෙවෙයි කුඩු නැව් පිටින් ගේනවා. ප‍්‍රබලම අමාත්‍යවරු කීප දෙනෙක්ම මේ මත්ද්‍රව්‍ය ගෙන්වීමේ ක‍්‍රියාවලියේ යෙදී සිටිනවා. තරුණ පරපුර මේවාට යොමු කළාට පසුව රටේ ප‍්‍රශ්න වෙනුවෙන් අරගල කරන්න කෙනෙක් නැති වෙනවා. මේ ආණ්ඩුව වැඩබැරි ආණ්ඩුවක්. ඒ නිසා තමයි තරුණ පරපුර අනාථ කරන්න හදන්නේ.

මෙහිදී මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට කෙහෙළිය මහතා මෙසේ පිළිතුරු දුන්නේය.

ප‍්‍රශ්නය - විශ්වාසභංගයට දිනන්න පුලූවන් වෙයිද?

පිළිතුර - ඒ ගැන කිසිම සැකයක් නැහැ. විපක්ෂයේ පමණක් නොව ආණ්ඩුවේ අය පවා මේක තමන්ට ලැජ්ජාවක්. ඒ නිසා විශ්වාසභංගයට සහය දක්වනවා කියලා කියා තිබෙනවා. නමුත් එළියේ මහඉහළින් වංචාවට එරෙහිව කටයුතු කරනවා කියලා කියපු සියලූ දෙනා සහය දෙයි කියලා අපි හිතන්නේ නැහැ. මොකද සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා එළියේ දී වංචාවට විරුද්ධයි කියලා කිව්වත් ඊයේ කියනවා මේකේ නීති ප‍්‍රශ්න ටිකක් තිබෙනවා කියලා.

ඒ වගේම විශ්වාසභංගයක් ඉදිරිපත් කළාම කථානායකවරයාගේ වගකීම ඒක න්‍යාය පත‍්‍රයට ඇතුළත් කර විවාදයට දිනයක් ලබාදීම. එහෙම නොකර කථානායකරවයා මෙහි ඇති ගැටලූ ගැන කතා කරමින් එය පස්සට දාන්න උත්සාහ කරනවා. අපි කරපු අරගලය නිසා දැන් බ‍්‍රහස්පතින්දාට තීන්දුවක් දෙන බව කියනවා. අපි බලමු මොකද වෙන්නේ කියලා.

ප‍්‍රශ්නය - ඒකාබද්ධ විපක්ෂය විශ්වාසභගයක් ගෙනාවත් එහි ප‍්‍රධානියෙක් වන මහින්ද රාජපක්ෂ මහතා වරක් කියනවා මේකට සහය දක්වා ඡන්දය දෙනවා කියලා. ඊට පස්සේ නැවත කියනවා මම කවදාවත් ඡන්ද භාවිත කරන්න පාර්ලිමේන්තුවට ඇවිත් නැහැ. මේකට ඡුන්දේ දෙන්න එන්නෙත් නැහැ කියලා. මොකක්ද මේ වෙනස?

පිළිතුර  - පළමුව මේ විශ්වාසභංගය පාර්ලිමේන්තු න්‍යාය පත‍්‍රයට ඇතුළත් කරගැනීමනේ සිදුවිය යුත්තේ. ඊට පස්සේ අපි බලමු එතුමාගේ ඡන්දය ලබාදීම හෝ නොදීම ගැන. අනෙක උපක‍්‍රම ලෙස භාවිත කරන දේවලූත් තිබෙනවානේ. ඒ සියල්ල මාධ්‍යයට කියන්න අපිට බැහැ.

ප‍්‍රශ්නය - හෙජිං ගනුදෙනුවෙන් ලංකා රජයට ඩෝලර් මිලියන 166ක පාඩුවක් සිදුවෙනවා. එතරම් දැවැන්ත පාඩුවක් සිදුකිරීමේ මේ ගිවිසුම සඳහා මූලිකත්වය ගෙන කටයුතු කළ මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් පී.බී. ජයසුන්දර මහතාට නැවත රජයේ තනතුරක් නොදිය යුතු බවට අධිකරණ නියෝගයක් ලැබෙනවා. හොරකම් වංචා නාස්ති ගැන කතාකරන ඔබතුමන්ලා නියෝජනය කළ කලින් ආණ්ඩුව නැවත අධිකරණයට ගොස් එම නියෝගය වෙනස් කරගෙන ඔහුට තනතුර ලබාදෙනවා. ඒක ඔබ දකින්නේ කොහොමද?

පිළිතුර - ඒ කාලේ තෙල් බැරලය ඩොලර් දෙසයී පනහට යයි කියලා තමයි ගණන් බලා තිබුණේ. එහෙම වුණා නම් මේ දැන් කියන කතා කිසිවක් කියන්නේ නැහැ. නමුත් මෙහි අඩුපාඩුවක් තිබුණා. ඒ තමයි  මිල වැඩිවෙද්දී අපට අදාළ බැංකුවෙන් ගෙවීම් කරන උපරිම මට්ටම ගැන සඳහනක් තිබුණත් මිල අඩුවීමේ දී අපෙන් ගෙවීම් කරන අවම මට්ටම මොකක්ද කියලා එයට ඇතුළත් නොවීම. මෙහි සම්පූර්ණ වගකීම මුදල් අමාත්‍යාංශ ලේකම්ටම භාරගන්න බැහැ. ඒ නිසා තමයි ලැබුණ තීන්දුව වෙනස් කරගන්න නැවත අධිකරණයට ගියේ. අධිකරණ නියෝගය වෙනස් වුණ නිසා තමයි නැවත එතුමාට තනතුර ලබාදුන්නේ.

ප‍්‍රශ්නය - මේ බැඳුම්කර ගනුදෙනුව රවි කරුණානායක මහතා පමණක් සම්බන්ධ වූ එකක් නෙවෙයි කියලා ඔබතුමන්ලා කියනවා. එහෙම නම් ඇයි ඒ අනෙක් පාර්ශ්වයන්ට එරෙහිව විශ්වාසභංගයක් ගේන්නේ නැත්තේ?

පිළිතුර - අපි මේක ආරම්භ කළා පමණයි. මෙයට සම්බන්ධ සියලූ දෙනා සම්බන්ධයෙන් කටයුතු කරනවා. අපි සියලූ දෙනාම ආණ්ඩුවට හේත්තු වෙලා හිටියා නම් අද ඔබට කතා කරන්න මාතෘකා නැති වෙනවා. මේ ප‍්‍රශ්නයට සෘජුවම වග කියන්න  ඕනෑ අගමැතිවරයායි. ඔහු තමයි මෙහි නිර්මාතෘ. මේවා ගැන මාධ්‍ය පවා කතා කරන්නේ අපි මූලිකත්වය ගත් නිසායි. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවකට හොඳ ආර්ථික සැලැස්මක් තිබෙනවා කියලා තිබුණ සමාජ මතය අද කුඩු පට්ටම්වෙලා.



අදහස් (0)

’බැඳුම්කර ගනුදෙනුවෙන් සිදුවූ පාඩුව හම්බන්තොට වරාය විකුණා ලැබූ ආදායම වගේ අට ගුණයක්’

ඔබේ අදහස් එවන්න

 

දේශපාලන

පළාත් පාලන ආයතනවල බලයත් ‘මාලිමාවට’ දෙන්න
2025 මාර්තු මස 21 1002 20

ආණ්ඩුව එක පැත්තක සහ පළාත් පාලන ආයතන තවත් පැත්තක තිබුණ හොත් ප්‍රතිවිරෝධයක් නිර්මාණ වී අවුලක් ඇති වන බවත් ඒ හේතුවෙන් පළාත් පාලන ආයතනවල බලය මාලිමාව සතුව


මේ වේගෙට ගියොත් සිංගප්පූරුව අල්ලන්න අවුරුදු 65ක් යනවා
2025 මාර්තු මස 21 3780 41

අද සිංගප්පූරුව තියෙන ආර්ථිකයට පැමිණෙන්න නම් මේ වේගයෙන් ගියොත් තව අවුරුදු 65ක් වත් යන බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැව


‘‘අප හැම තිස්සේම ජනතාව පැත්තේ හිට ගන්නවා‘‘
2025 මාර්තු මස 13 1257 7

මෙම රජය කලින් තිබූ රජයන් මෙන් නොව ඕනෑම දෙයක් පිළිබදව සාකච්ඡා කළ හැකියි. නමුත් රෝගීන් ඇපයට තබාගෙන රෝගීන් දුෂ්කරතාවට පත්වන ලෙස කටයුතු කරන්නේ නම් ජනතාවග


අයවැයෙන් සුරබි දෙන පහල වෙන්නේ නෑ
2025 මාර්තු මස 07 1170 6

අයවැයෙන් සුරබිදෙන පහල වන්නේ නැති නැති නමුත් මෙතෙක් කලක් ගෙන ආ අසාර්ථක ආර්ථික කළමනාකරණය නතර කොට ආර්ථිකය හැරවුම් ලක්ෂයකට ගෙන එන බව ප්‍රවාහන සහ මහාමාර්ග


ඔන්ලයින් පනත අහෝසි නොකරන්නේ ඇයි?
2025 මාර්තු මස 06 845 3

සමාජ ආරක්ෂණ පනත තවම අහෝසි නොකළේ ඇයි දැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.


දොස්තරලා 5000ක් රට යෑමේ සූදානමක
2025 මාර්තු මස 06 2725 46

වෛද්‍යවරුන් පන්දහසකට වැඩි පිරිසක් විදේශ රටවල වෛද්‍ය සේවයට සුදුසුකම් සපුරා විදේශගතවීමට සූදානම් වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්


මේවාටත් කැමතිවනු ඇති

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 186 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 545 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 1172 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

Our Group Site