IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


පළාත් සභා මැතිවරණය සමානුපාතික ක්‍රමයට පවත්වන්න ඉල්ලීමක්

(ආරියරත්න රණබාහු)

පළාත් සභා මැතිවරණය පැරණි සමානුපාතික ක්‍රමය යටතේ පවත්වන  ලෙස සුළු පක්ෂ කිහිපයක් රජයෙන් ඉල්ලා තිබේ.

ශ්‍රි ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රාවුෆ් හකීම්, සමස්ත ලංකා මහජන පක්ෂයේ නායක රිෂාඩ් බදුර්දීන් සහ ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන් යන ඇමතිවරු එම ඉල්ලීම කර ඇත.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගියදා පැවැති පක්ෂ නායක රැස්වීමේදී ඔවුහු මෙම අදහස ඉදිරිපත් කර තිබේ.

පැරණි සමානුපාතික ක්‍රමයට පළාත් සභා ඡන්දය පැවැත්වීම සඳහා දැනට සම්මත කර ඇති කොට්ඨාස ක්‍රමයේ ඇතුළත් ඡන්ද ක්‍රමය අවලංගු කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙසද මෙම පක්ෂ නායකයින් යෝජනා කර තිබේ.

මේ අතර ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙම පක්ෂ නායක රැස්වීමේදී අදහස් දක්වමින් කියා සිටියේ පළාත් පාලන මැතිවරණය පැවැත්වු නව ක්‍රමයටම පළාත් සභා ඡන්දයද පැවැත්වීම ශ්‍රි ලංකා නිදහස් පක්ෂය කැමැති බවය.

ඒ අනුව කිසිදු තීරණයකින් තොරව පක්ෂ නායක රැස්වීම අවසන් වී ඇතැයි ද වාර්තාවේ.



අදහස් (0)

පළාත් සභා මැතිවරණය සමානුපාතික ක්‍රමයට පවත්වන්න ඉල්ලීමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 112 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site