(නිශාන්ත කුමාර සහ ඩී.කේ රත්න)
පළාත් සභාවක් නොමැතිව ප්‍රදේශයේ සංවර්ධන කටයුතු කරගෙන යෑම දුෂ්කර කටයුත්තක් බවත් පළාත් සභා මැතිවරණය පවත්වා පළාත් සභා පිහිටුවිය යුතු බවත් ඌව පළාත් ආණ්ඩුකාර අධිනීතිඥ රාජා කොල්ලුරේ මහතා අද (05) බදුල්ලේ දී පැවසීය.
එසේම 2020 වසරේදී ඌව පළාතේ වී නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 63000 ක් දක්වා වැඩිකිරීමට සැලසුම් කර ඇතැයිද ආණ්ඩුකාරවරයා පැවැසීය.
ආණ්ඩුකාරවරයා මෙම අදහස් පළ කළේ ඌව පළාතේ මාධ්‍යවේදීන් සමඟ බදුල්ල ප්‍රදේශයේ පැවැති හමුවකට එක්වෙමිණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආණ්ඩුකාරවරයා මෙසේ ද කීය
‘‘13 වන ව්‍යවස්ථා සංශෝධනය අනුව ආණ්ඩුකාරවරයාට යම් බලතල තිබෙනවා.
ආණ්ඩුකාරවරයා යනු මධ්‍යම ආණ්ඩුවේ ජනාධිපතිවරයා ගේ නියෝජිතයායි. ආණ්ඩුකාරවරයා ජනාධිපතිවරයාගේ නිර්දේශ අනුව ක්‍රියා කිරීමට බැඳී සිටිනවා. නමුත් සංවර්ධන කටයුතු වගේම අන පනත් සම්මත කර ගන්නට පළාත් සභාවක් අවශ්‍යයි.
ඒ වගේම මේ වන විට මෙට්‍රික් ටොන් 60800 ක් වන වන ඌව පළාතේ වී නිෂ්පාදනය 2020 වසරේදී මෙට්‍රික් ටොන් 63 000 ක් දක්වා වැඩි කිරීමට අප කටයුතු කරනවා.
මේ වනවිට රටේ අර්තාපල් නිෂ්පාදනයෙන් සියයට 40 ක් වගා කරන්නේ ඌව පළාත තුළයි. නමුත් තවමත් රටේ අල අවශ්‍යතාව පිරවීමට එය ප්‍රමාණවත් නැහැ. ඉදිරියේදී ගොවි ජනතාවට සහන ලබා දීම තුළින් අල අස්වැන්න වැඩි කරන්නටත් අපි කටයුතු කරනවා.‘‘ යැයි ආණ්ඩුකාරවරයා පැවසීය.
2025 දෙසැම්බර් මස 18
635
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
305
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘‘පළාත් සභාවක් නැතිව සංවර්ධන කටයුතු කරගෙන යන්න බෑ‘‘
Bamunuarachchi Thursday, 16 January 2020 02:26 PM
මොකද බැරි? 13 වැනි සංශෝධනය ගෙනෙන්න කලින් රටේ වැඩ කෙරුනේ නැද්ද හලෝ ?