(ශාන්ත රත්නායක)

‘අපේ ජයග්‍රහණය නිසා අද රජය දෙදරා තිබෙනවා.රජයේ අස්ථාවරභාවය පිළිබදව රට පැහැදිලිව පේනවා‘ යැයි හිටපු ජනධිපති මහින්ද රාජපක්ෂ මහතා  අද (20)  පැවසීය.

පළාත් පාලන අයතන සඳහා තේරීපත් වු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර, අනුරාධපුරය, පොලොන්නරුව ප්‍රදේශවල  මන්ත්‍රිවරුන්ගේ දිවුරුම්දීමේ උත්සවයට එක් වෙමින්  හිටපු ජනාධීපතිවරයා මේ බව සඳහන් කළේය.

හිටපු ජනපතිගේ විජේරාමේ පිහිටි නිල නිවසේදී  එහිදී අදහස් දැක්වු  හිටපු ජනාධිපතිවරයා මෙසේද සඳහන් කළේය.

‘‘මේ අස්ථවරභාවය  ඇතිවීම නිසා රට තුළ වෙනත් බලාපොරොත්තු ඇති වෙමින් පවතිනවා අපිට මැතිවරණ කිහිපයකට මුහුණ දෙන්න වෙනවා ඔබේ හැසිරීම ක්‍රයා කලාපය කැපවීම මේ උඩ තමයි ඉදිරි මැතිවරණ තීන්දු වෙන්නේ. අවුරුදු 60  ගණනක් පරණ පක්ෂ පරදමින් අපේ පක්ෂය ජයග්‍රහණය කර තිබෙනවා. ඔබ එහි සාමාජිකයෙක්. ඉදිරියේදී පළාත්සභාව. ජනධිපතිවරණය එනවා .පර්ලිමේන්තුව මැතිවරණ පුළුවන් තරම් ඉක්මණි ගන්න තමයි අපේ බලාපොරොත්තුව.‘