කුෂාන් ජයවර්ධන
පැවැති ආණ්ඩු හෝ වත්මන් ආණ්ඩුව පන්සල් වෙනුවෙන් මෙතෙක් කළ දෙයක් නැතැයි අනුරාධපුර දිස්ත‍්‍රීක් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඉෂාක් රහුමාන් මහතා කැකිරාවේ පැවැති ප‍්‍රසිද්ධ රැස්වීමකදී හිටපු බුද්ධ ශාසන ඇමැතිවරයකු හා වත්මන් බුද්ධ ශාසන අමාත්‍යවරයා ඉදිරියේ දී පැවැසීය.
කැකිරාව බෝධීරාජාරාම විහාරස්ථානයේ දී පැවැති උත්සවයක් අමතමින් ඉෂාක් රහුමාන් මන්ත‍්‍රීවරයා මේ බව පැවැසීය.
හිටපු බුද්ධ ශාසන අමාත්‍යවරයකු වන ලාල් ගමගේ මහතා හා වත්මන් බුද්ධ ශාසන ආමාත්‍ය ගාමිණී ජයවික‍්‍රම පෙරේරා මහතා ද අසල සිටියදීම මහ සංඝරත්නය ඉදිරියේ ඉෂාක් රහුමාන් මන්ත‍්‍රීවරයා එම ප‍්‍රකාශය සිදු කිරීම ද විශේෂත්වයකි.
එහිදී අදහස් දැක්වූ අනුරාධපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඉෂාක් රාහුමාන් මහතා මෙසේ ද කීවේය.
පැවැති ආණ්ඩු හෝ වත්මන් ආණ්ඩුව පන්සල් වෙනුවෙන් කළ දෙයක් නැහැ. මම මේ රටේ උත්තරීතර තැනට යවන්න පන්සල්වල මහා සංඝරත්නයත් බෞද්ධ ජනතාවත් උදව් උපකාර කළා. මම ඒ අයට ණයයි මැරුණත් ණයයි. මම හරි කණගාටුවෙන් කතා කරන්නේ ඇමැති තුමනි. හිටපු බුද්ධ සාසන ඇමැතිතුමාගෙනුත් ලේකම් තුමාගෙනුත් මම අපේ ප‍්‍රදේශයේ පන්සල් 100කට වැඩි ප‍්‍රමාණයක් වෙනුවෙන් ඉල්ලීම් රැසක් කලා ඒත් ඉටු වුණේ නැහැ.
ඔබ තුමාගෙනුත් මම ඉල්ලීම් කළා ඒත් අද වෙනකම් ලැබුණ දෙයක් නැහැ. කොළඹට නුවරට විතරක් කිරි බෙදන්නේ නැතිව අනුරපුරේ වැනි දුෂ්කර පළාත්වල පන්සල් වලටත් කිරිබෙදන්න කියලා මම බුද්ධ ශාසන අමාත්‍යතුමාගෙන් ඉල්ලීමක් කරනවා.
2025 දෙසැම්බර් මස 18
665
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
321
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1110
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පැවති හා වත්මන් ආණ්ඩු පන්සල් වෙනුවෙන් කළ දෙයක් නෑ