IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


නෙවිල් ප්‍රනාන්දුගෙ සාක්කුවට හරවලා තියෙන්නෙ ජනතාවගේ මුදල්

 

සයිටම් අර්බුදය ඇතුළු කාලීන දේශපාලන ප්‍රශ්න පිළිබඳ මේ කතාබහ ජනතා විමුක්ති පෙරමුණේ පළාත් සභා මන්ත්‍රී වසන්ත සමරසිංහ සමඟයි.

 

  •  සයිටම් එකට විරුද්ධව වසන්තල මොන සෙල්ලම් දැම්මත් ආණ්ඩුව ආණ්ඩුවට ඕනෑ වැඩේ කරගත්තා.  

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ඔහුට ලැබුණු ජනවරමට ඉතාම වේගයෙන් පස්ස හරවපු කෙනෙක් විදියට ඉතිහාසගත වෙන්නයි හදන්නේ. ජනතාවට බොරු කියන එකේ සීමාවක් නැතුව අද මෛත්‍රීලා, රනිල්ලා, රාජිතලා, කිරිඇල්ලලා එකතුවෙලා නෙවිල් ප්‍රනාන්දුව සනසන්නයි හදන්නේ. අපි කියනවා කදමලු බැඳගෙන ලෑස්තිවෙලා ඉන්න ඉක්මනටම ගෙදර යන්න කියලා. මේ ජනතා විරෝධී ක්‍රියාවට එරෙහිව අපි ජනතාව පෙළ ගස්සනවා. ආණ්ඩුවේ මේ ප්‍රෝඩාව තව ටික දවසක් කරගෙන යන්න පුළුවන් වෙයි. හැබැයි ඒක තව වැඩි දවසක් කරන්න වෙන්නෙ නෑ කියලා අපි ආණ්ඩුවට පෙන්නනවා ළඟදීම. ආණ්ඩුව සයිටම් හොර උපාධි කඩය වහන තීන්දුව ගන්නෙ නැතිනම් ආණ්ඩුවට ගෙදර යන්න වෙන එක නම් සහතිකයි. ඔය කට්ටියගෙ කයිවාරු හරියන්නෙ නෑ තව දුරටත්. අපි මේ සටනට එකතු කළ හැකි හැම බලවේගයක්ම දැන් එකතු කරමින් ඉන්නේ.   

 

 

  •  මෙච්චරකල් විරෝධතා කළෙත් ඔ​හොම කියලනේ.  

මේ වගේ ගමන් යන්න ආපු කෙනෙක්නේ මහින්ද රාජපක්ෂත්. මොකද වුණේ එයාට. 2011 ඊ.පී.එෆ්. එක කොල්ල කන්න පනතක් ගෙනාපු වෙලාවෙ රොෂේන් චානකලට වෙඩි තියලා ඝාතනය කළා. අද මේ ආණ්ඩුවත් ශිෂ්‍ය ව්‍යාපාර මර්දනය කරල ශිෂ්‍යයෝ හිරගෙවල්වල දාලා තියාගෙන ඉන්නවා මේ විරෝධය මර්දනය කරන්න. එදා රොෂේන් චානකලා ඝාතනය කළාම වෘත්තීය සමිති ව්‍යාපාර, සිවිල් සංවිධාන, දේශපාලන පක්ෂ, විවිධ කණ්ඩායම් එකතු වුණා. රාජපක්ෂ එතනින් නැවතුණේ නැතුව හලාවතදී ඇන්ටනීට වෙඩි තිබ්බා. රතුපස්වලදී වෙඩි තිබ්බා. අන්තිමට 2015- ජනවාරි 15 වෙනිදා මොකද්ද වුණේ? පොදි බැඳගෙන මැදමුලනට යන්න වුණානේ. දැන් එයා තාම හොටු පෙර පෙර අඬනවා. දිගටම බලේ ඉන්න හිතාගෙන ඉඳපු රාජපක්ෂට නියමිත කාලෙටත් අවුරුදු දෙකකට කලින් ගෙදර යන්න වුණා නම් මෙයාලා ගැන කවර කතාද? ජනබලයට පිටුපාලා නම් මේ අය යන්න හදන්නේ ලැබෙන පළවෙනි අවස්ථාවෙදිම මේ අය සිංහාසනවලින් බස්සන්න ජනතාව පෙළ ගස්සන්න අපි සූදානම්. ඒ වෙනකම් මේ අය ජොලි කරයි. කකුළුවත් උඩ පනින්නෙ වතුර රත් වෙන්කම් විතරයිනේ.  

 

 

  •  ආණ්ඩුව නම් කියන්නේ දැන් නෙවිල් ප්‍රනාන්දු රෝහල වෙන කාගෙවත් නෙවෙයි රටේ ජනතාවගෙ කියලනේ. ඒ කියන හැටියට වසන්තලටත් දැන් මේකෙ අයිතියක් තියෙනවනේ.  

ඕක තමයි ආණ්ඩුව මිනිස්සු රවට්ටන්න කියපු පට්ටපල් බොරුව. රෝහල ජනසතු කළා කියලා නෙවිල් ප්‍රනාන්දුම පෝස්ටර් ගහනවා. රාජපක්ෂ කාලෙ මේ රෝහල හදන්න ණයක් දුන්නා. ඒ ණය වාරික මෙයා ගෙව්වෙ නෑ. ණය වාරික ගෙව්වෙ නැති වුණාම මේ රෝහල සහිත භූමිය පුද්ගලික දේපොළක් හැටියට ඒ ණය දීපු බැංකුවට අයිති වෙන්න ඕනැනේ. දැන් ඒක නවත්තන්න තමයි ලේලිව දොස්තර කරන්න හදන රාජිත හොර දොස්තරලා හදන්න මේ කොන්තරාත්තුව භාරගෙන තියෙන්නේ. රෝහල සින්න වෙන්න යන එක නවත්තන්න ගහපු ගැටයක් තමයි මේක. මෛත්‍රීපාල මහත්තයට අපි කියනවා මේ ජාවාරම්කාරයින්ගෙ ගැටවලට අහුවෙලා රටේ කරගන්න පාප කර්මයට වන්දි ගෙවන්න වෙයි කියලා. දැන් නෙවිල් ප්‍රනාන්දු රෝහල වසර දහයකට ආණ්ඩුවට බදු දෙනවා. වසර දහයෙ බදු කුලිය නෙවිල් ප්‍රනාන්දුගෙ සාක්කුවට යනවා. ඒකෙන් නෙවිල් ප්‍රනාන්දු ණය ගෙවනවා. ඒ ණය ගෙවලා ඉවරවෙනකොට රෝහල ආපහු නෙවිල් ප්‍රනාන්දුටම අයිති වෙනවා. මේක තමයි සරලම සිද්ධිය. මේ රෝහලේ කිසිදු අයිතියක් ආණ්ඩුවට නෑ. මේ වගේ මරාලයක් බදු ගන්න ආණ්ඩුවට පිස්සුද? මේ නෙවිල් ප්‍රනාන්දුගෙ සාක්කුවට හරවල තියෙන්නේ ජනතාවගේ මුදල්. මේකට මැදිහත්වෙලා ඉන්න ඇමැතිලා කීප දෙනෙකුගෙ කපටි ජාවාරමක් මේක.   


මේ විදියට ජනතාවගෙ සල්ලි ජාවාරම්කාරයින්ගෙ කීමට බිස්නස්කාරයින්ගෙ සාක්කුවලට හැරවීමේ පාප කර්මයට වන්දි ගෙවීමක් වශයෙන් මෛත්‍රීපාල සිරිසේන මහත්තයට ආපහු ජනාධිපති අගමැති වෙන්න නෙවෙයි මන්ත්‍රීකමවත් ඉතුරු වෙයි කියලා හිතන්න බෑ.  
 ලක්ෂ්මන් කිරිඇල්ල බොරුවට මේකට කෑගහන්නෙ නැතුව ඉන්න, මේක නෙවිල් ප්‍රනාන්දු ආණ්ඩුවට දුන්නු තෑග්ගක් කියලා....  
මෙයා කොහොමද කියන්නේ මේක නෙවිල් ප්‍රනාන්දු ආණ්ඩුවට දීපු තෑග්ගක් කියලා. එහෙම තෑගි දෙන්න නෙවිල් ප්‍රනාන්දුට පුදුම ඇඟේ අමාරුවක් තියෙන්න එපාය. නෙවිල් ප්‍රනාන්දු මේ කෙරුවෙ එක ගලෙන් කුරුල්ලො දෙන්නෙක් බිම දාගත්තු එක. මේක රජයේ රෝහලක් කරලා රජයේ රෝහලකින් ශිෂ්‍යයින්ට අධ්‍යාපනයක් දුන්නා කියලා පෙන්නන්නයි මේ හදන්නේ. මේක මේ රටේ මිනිස්සුන්ට තේරෙන්නෙ නෑ කියලද කිරිඇල්ලලා හිතන්නේ. කිරිඇල්ලට වයර් මාරු වුණාට මේ රටේ මිනිස්සුන්ගෙ වයර් මාරුවෙලා නෑ.   
නෙවිල් ප්‍රනාන්දු මේ කළේ තෑගි දීමක්ද නැද්ද කියන එක වගේම ර​ෙට් ජනතාව දන්නවා නෙවිල් ප්‍රනාන්දු ඔය සමහරුන්ට දීපු තෑගි ගැන නම්. අපි සාක්ෂි සහිතව ඉදිරියේදි හෙළි කරන්නම් දීපු තෑගි ගැනත්.   

 

 

  •  මේ සිද්ධියෙදි ආණ්ඩුව ඇරියෙත් නෑ. දැන් ඊළඟ පියවර මොකක්ද?  

අපි මේ වෙනකොට සංවිධානයක් ගොඩනගලා තියෙනවා “ජන පවුර” කියලා. ඒකට සිවිල් සංවිධාන, වෘත්තීය සමිති, ශිෂ්‍ය ව්‍යාපාරය, දේශපාලන පක්ෂ ඇතුළු විශාල ජනතා දායකත්වයක් ලැබෙනවා. “ජන පවුර මේ ප්‍රශ්නෙ පිළිබඳ තීන්දුවක් අරගෙන තියෙනවා. ඒ අනුව අපි ආණ්ඩුවට විරුද්ධව විශාල බලවේගයක් ගොඩනගනවා මේ වෙනුවෙන්. මේක වහන්නම ඕනෑ. ඒකට මෙහා කිසිම විසදුමක් නෑ. මේ ගැන ආණ්ඩුව සංවේදී වෙන්නෙ නැත්නම් ජාතික වැඩවර්ජනයකට යන්න සූදානම්. ඒක මෑත ඉතිහාසයේ ආණ්ඩුවකට එරෙහිව දියත්වෙන අති විශාලම විරෝධතාව වෙන එක වළක්වන්න බෑ. එදාට කඳුළු ගෑස්වලින් ජල ප්‍රහාරවලින් ඒ ජනබලය මර්දනය කරන්න ආණ්ඩුවට බැරි වෙයි.  

 

 

  •  දූෂණ මර්දන කමිටු කාර්යාලය වැහුවා. ඔබලා ඒ ගැනත් මාධ්‍ය සාකච්ඡා තිබ්බා. මාධ්‍ය සාකච්ඡාවලින් එහාට මොකක්ද ඔබලගේ පියවර?  

මේ ආණ්ඩුවට ජනතාව ජනවරම දුන්නේ හොරු අල්ලන්න කියලා. ජනාධිපතිවරණය දවසෙත් පොල්වත්තක ඉඳපු මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ඒකටයි ජනාධිපති කෙරෙව්වේ. රාජපක්ෂ පාලනයේ හොරකම් ගැන කප්පරක් කතා කියලා තමයි මේ අය බලය ගත්තේ. රාජපක්ෂ කල්ලිය දූෂණ මර්දන කමිටු කාර්යාලයට එෆ්.සී.අයි.ඩී. එකට විරුද්ධ වුණේ ඒවා හරියට තමන්ගෙ රාජකාරිය කරගෙන ආපු නිසා. එෆ්.සී.අයි.ඩී. එක වහන්න කියලා අදහස ආවේ රාජපක්ෂ කල්ලියේ හොරා කාපු අයගෙන්. අද මෛත්‍රීපාල සිරිසේන ඉටු කළේ ඒ අයගෙ මේ වුවමනාව. පහුගිය ආණ්ඩුවෙ වගේම මේ ආණ්ඩුවෙ හොරුන්ටත් විරුද්ධව පරීක්ෂණ කෙරෙයි කියලා තමයි මේ කමිටු කාර්යාලය වැහුවෙ. ඒ අතින් මෛත්‍රීපාල සිරිසේන දෙපැත්තෙම ඉන්න හොරු රකින වැඩක් මේ කළේ. දූෂණ මර්දන කමිටු කාර්යාලය වසා දැමීම හරහා එෆ්.සී.අයි.ඩී. එකට ස්වභාවික මරණයක් අත්පත් වෙනවා. ඒක කරගන්න ඕනෑකම තිබුණෙ දෙපැත්තෙම ඉන්න හොරා කාපු පල් හොර රැලට. දැන් ​ෙමෙත්‍රීපාල සිරිසේන ඒ වුවමනාව ලස්සනට කරලා දුන්නා. නීතිය, අධිකරණය තමන්ගෙ අතට අරගෙන සෙල්ලම් දාපු මහින්ද රාජපක්ෂට වුණු දේ මෛත්‍රීපාල සිරිසේනට අමතක වෙලා වගේ දැන්. මේ වැඩේටත් එරෙහිව ජනතාව පෙළ ගස්සනවා අපි.  

 

 

  •  ආණ්ඩුව කියන්නේ 2020 වෙනකම් විතරක් නෙවෙයි ඊට පස්සෙත් මේ ආණ්ඩුවම තමයි කියලා. මේක හොල්ලන්න හිතන එක හීනයක් කියලයි ඒ අය කියන්නේ?  

දැන් මේ ආණ්ඩුවට අඩු මහින්ද රාජපක්ෂ විතරයි. රාජපක්ෂ ආණ්ඩුවෙ ඉඳපු හොරු දූෂිතයෝ බොහෝ දෙනා මේ ආණ්ඩුවෙ ඇමැතිවරු. යූ.එන්.පී. එකේ අයත් හොරකම් කිරීම පටන් අරගෙන තියෙනවා.  
ඊළඟ මහ මැතිවරණය 2020 තියන එක වෙනම කතාවක්. ඒත් ආණ්ඩුවෙ ඉරණම ඊට කලින් වුණත් තීන්දු වෙන්න පුළුවන්. ඇයි ආණ්ඩුව ඡන්ද තියන්නෙ නැතුව දවසින් දවස කල් දාන්නේ.

ප්‍රියන්ත කොඩිප්පිලි  



අදහස් (0)

නෙවිල් ප්‍රනාන්දුගෙ සාක්කුවට හරවලා තියෙන්නෙ ජනතාවගේ මුදල්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31230 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13399 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10977 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 82 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 915 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 274 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site