(නිමල කොඩිතුවක්කු)
නර බිල්ලක් ගෙන රට අර්බුදයකට ඇද දැමීම ඒකාබද්ධ නඩය කොළඹදී පවත්වන විරෝධතාවයේ ප‍්‍රධාන අරමුණ බව එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය ප‍්‍රකාශක විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් සහ විදේශ රැකියා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතා පැවසීය.
විරෝධතාවය අතරතුර පොදු දේපලවලට සිදුවන හානි මෙන්ම ජීවිත හා දේපලවලට සිදුවන හානිවල වගකීම ඒකාබද්ධ විපක්ෂය විසින් බාරගත යුතු බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
පාර්ලිමේන්තුවේ අමාත්‍යාංශ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී අද (4) එක් වෙමින් ඒ මහතා මේ බව පැවසීය.
ඒකාබද්ධ විපක්ෂයේ විරෝධතාවය ගෝඨාභය රාජපක්ෂ මහතා සහ නාමල් රාජපක්ෂ මහතා අතර බලය පෙන්වීමේ තරගයක් බැවින් විරෝධතාකරුවන් අතරම ගැටුම් ඇති විය හැකි බවද අමාත්‍යවරයා එහිදි පැවසීය.
ජනතාවගේ එදිනෙදා කටයුතු අවහිර කිරිමේ අරමුණින් ඒකාබද්ධ විපක්ෂය රැළිය පවත්වන නිශ්චිත ස්ථානය ප‍්‍රකාශයට පත්කර නොමැති බවද ඔහු කියා සිටියේය.
මෙවැනි විරෝධතා මගින් රට තුළ අරාබි වසන්තයක් නිර්මාණය කිරීම නාමල් රාජපක්ෂ මහතාගේ අරමුණ වී ඇති බවත් එයට යහපාලන රජයෙන් කිසිදු ඉඩක් නොමැති බවත් අමාත්‍යවරයා එහිදි වැඩිදුරටත් පැවසීය.
2025 දෙසැම්බර් මස 04
170
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
369
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
378
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
‘නර බිල්ලක් ගෙන රට අර්බුදයට දැමීම ඒකාබද්ධයේ අරමුණයි’
Cisco Wednesday, 05 September 2018 03:04 AM
ඔබ තුමාලා එදා කල දේ අද විපක්ෂය කරනවා.