IMG-LOGO

2025 දෙසැම්බර් මස 01 වන සඳුදා


තවත් මංකොල්ලකරුවෙක් බලයට ගෙනත් මේ ආර්ථික කඩා වැටීම නවත්වන්න බෑ

    (මුදිතා දයානන්ද)


එක මංකොල්ලකරුවෙක් වෙනුවට තවත් මංකොල්ලකරුවෙක් බලයට ගෙනත් මේ ආර්ථික කඩාවැටීම ගොඩ ගන්න බැහැ යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර දිසානායක මහතා අද (02) පැවසීය.


දිසානායක මහතා මේ බව පැවසූයේ පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ  ප‍්‍රධාන කාර්යාලයේදි පැවති මාධ්‍ය හමුවකදී වන අතර ඔහු තවදුරටත් මෙසේද පැවසීය. 


දැන් ආණ්ඩුවට ගණන් උගන්වන්නත් සිදුවෙලා. දුම්රිය ගාස්තු වැඩිවෙන්නේ සියයට පහළොවකින් කියලයි ආණ්ඩුව කිව්වේ. ඒත් සමහර ගමනාන්තයන් සඳහා ගාස්තුව වැඩිවී තිබෙන්නේ සියයට තිස්පහකින් හතළිහකින් වගේ ඉතා විශාල ප‍්‍රතිශතයකින්. වැඩිවෙල මිල ගණන් හරියට කියාගන්න වත් බැරි අර්බුදයක ආණ්ඩුව පත්ව තිබෙනවා. සියලූම අත්‍යවශ්‍ය භාණ්ඩ ඉහළ ගිහින්. 


ජීවන වියදමට සරිලන ලෙස ජනතාවගේ ආදායම් මාර්ග වැඩි කරනවා,  ජනතාවගේ හිස් සාක්කු පුරවනවා,  තරුණ තරුණියන්ට රැකියා දශ ලක්‍ෂයක් දෙනවා, කියලා රනිල් වික‍්‍රමසිංහ මහත්තයා එදා කිව්වා. එක්සත් ජාතික පක්‍ෂ පාලනයකින් රටේ ආර්ථිකය ගොඩ යනවා කියලා. ඇතැමුන් තුළ තිබුණ මතයත් බොරු කරමින් පසුගිය වසර තුන හමාර තුළ රටේ ආර්ථිකය විනාශයකට ඇද දැම්මා.  ආණ්ඩුවට තවදුරටත් රුපියල කඩා වැටීම පාලනය කරගත නොහැකි වී තිබෙනවා. යෝජනා කරන කි‍්‍රයාමාර්ග අසාර්ථක වෙමින් තිබෙනවා. දේශීය ආදායම් පනත මගින් බදු ඉහළ දමා තිබෙනවා. 


මෙම ආර්ථික අර්බුදය විසඳන්න ආනයනික භාණ්ඩ සීමා කිරීමට ආණ්ඩුව යෝජනා කරනවා. මන්ත‍්‍රීවරුන්ට වාහන ගෙන්විම නවත්වන්න කතා කරනවා. මේක හරිම හාස්‍යජනක කතාවක්. මැති ඇමතිවරු වාහන අරන් අවුරුදු තුනක් විතර වෙනවා. සතියකට දෙකකට සැරයක් ඔවුන් රට සවාරි යනවා. ජනාධිපතිවරයා පහුගියදා ඔහු නිරත වූ සංචාරයට 63ක පිරිසක් රැගෙන ගියා. මේ විදිහට රටේ නායකයින් විශාල නාස්තිකාර වියදම් කරනවා.

ආණ්ඩුවේ මැති ඇමතිවරු අධි සුඛෝපභෝගී පරිභෝජනවාදී ජීවිතයක් ගත කරමින් ජනතාවට පටි තදකරගන්න කියනවා. ඒක හරියට මහ කකුළුවන් ඇදයට යන ගමන් පොඩි එවුන්ට කෙලින් යන්න උපදෙස් දෙනවා වගේ. 
 



අදහස් (8)

තවත් මංකොල්ලකරුවෙක් බලයට ගෙනත් මේ ආර්ථික කඩා වැටීම නවත්වන්න බෑ

bandara Tuesday, 02 October 2018 12:47 PM

මෙතුමා වාහන ගන්නේ නැතිව වසර තුනම රට තුලම ඉන්න ඇති

:       3       51

Bamunuarachchi Tuesday, 02 October 2018 01:56 PM

මේ නැස්පත්තියට මග පෑදුවේ නුඹලා.

:       419       211

Senarath Wednesday, 03 October 2018 07:26 AM

2015 දී තමනුත් ඇතුළු විවිධ පක්ෂ ගණනාවක් පොරොන්දු , සහතික දීල නොවෙයිද මේ ආණ්ඩුව පත්කළේ. එදා තමුන් ගේ සහාය මේ රජයට නොලැබුණා නම් මොවූන්ට බලයට එන්න ලැබෙන්නේ නැහැ. පසුගිය රජය ගැන කියපු බිලයන දහස් ගණන් වල හොරකම් තවම ඔප්පු කරගන්න බැහැ. ඒ උනාට එදා ෆයිල් පෙන්නමින් කතා කලේ.

:       205       135

Sanath KandyThursday, 04 October 2018 05:15 AM

ජවිපෙ කලින් රජය විවේචනය කළත් කවදාවත් ජනතාවට කිවේ නෑ යුඑන්පියට බලය දෙන්න කියලා. ජවිපෙ කවදාවත් යුඑන්පිය වෙනුවෙන් පොරොන්දු සහතික දීලත් නෑ. පරණ ආණ්ඩුවේ හොරකම් යට ගහන්නේ එදා පෙන්නපු ෆයිල් තවම අල්ලස් කොමිසමේ, නීතිපති දෙපාර්තමේන්තුවේ පුස් කනවා. වැරදිකාරයෝ ජවිපෙද? නැතිනම් අවුරුදු හැත්තෑවක් තිස්සේ මාරුවෙන් මාරුවට මේ දෙගොල්ල බලයට ගේන අපිද?

:       0       128

Vajira Wednesday, 03 October 2018 10:24 AM

මේ නස්පැත්තියට වග කියන්න ඕන මාරුවෙන් මාරුවට අවුරුදු හැත්තෑවක් තිස්සේ මේ දෙගොල්ලන්ටම රට බාර දෙන අපිම තමා. විකල්පයක් ගැන හිතුවේ නැත්තම් තව අවුරුදු හැත්තෑවක් ගියත් මේ වලෙන් ගොඩ ඒමක් නෑ.

:       0       162

Mf Friday, 05 October 2018 07:24 PM

වෙනසකටත් එක්ක මේ පාර ජවිපෙ එකට කතිරය ගහමු.

:       0       226

ButhayaSaturday, 08 December 2018 07:59 AM

ඕකට කතිරේ ගහයි බත් කන ගොන්නු ඉන්නවනම්. 71 ඉදලම කරේ රට කන එක. රටට කරපු එක සේවයක් දන්නා කෙනෙක් ඉන්නවා නම් ලියනවද බලන්න. මෙහෙමවත් අල්ලලා ඉන්නේ යු. ඇම් පිය පොම්ප කරන සල්ලි නිසා.

:       58       1

nalin Friday, 21 December 2018 08:09 AM

2001 පරිවාස ආණ්ඩුව හරහා 17වෙනි සංශෝධනය ගෙන එම 2005 සුනාමි සහන මණ්ඩලය පරාජය කිරීම උතුර, නැගෙනහිර වෙන්කිරීම, සුනාමියෙන් විනාශ වූ දකුණු දුම්රිය මාර්ගය දින 57න් නිම කිරීම, 2005 මහින්ද රාජපක්ෂ ජනාධිපති කිරීම, ශ්‍රීලංකා කාරයෝ කකුලෙන් අදිද්දී මේ සියල්ල කලේ ජවිපෙ විපක්ෂයේ සිටයි... තව බොහෝ දේ ඇත.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 227 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 281 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1197 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site