IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ඥාණසාර හිමියන්ට සමාව දීම ගැන තීරණයක් ගන්න ජනපතිට හැකියාවක් තිබිය යුතුයි

(නිමල කොඩිතුවක්කු)

බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට ජනාධිපති පොදු සමාව ලබා දිය යුතු බවට සෘජු තීරණයක් ගැනීමට ජනාධිපතිවරයයාට හැකියාවක් තිබිය යුතු බව මවුබිම සුරැකීමේ ජාතික සංවිධානයේ ජාතික සංවිධායක ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියෝ කොළඹදී  අද (09) පැවසූහ.

මවුබිම සුරැකීමේ ජාතික සංවිධානය නාරාහේන්පිට අභයාරාමයේදී කැඳවූ මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව පැවසූහ.

මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ මවුබිම සුරැකීමේ ජාතික සංවිධානයේ  ජාතික සංවිධායක ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියෝ එහිදී වැඩිදුරටත් මෙසේද කීහ.

   ‘‘ඥණාසාර හිමියෝ අත්අඩංගුවට පත් වුනාට පස්සේ එම නඩු තීන්දුව පිලිබඳ  සාකච්ඡා කරන්න අපේ කැමැත්තක් නැහැ. නීතියට අපි ගරුකරනවා.  මේ වෙනුවෙන් උන්වහන්සේ ඇපෑලක් දාලා තියෙනවා.

මේ රටේ භික්ෂුවට තියෙන ආදරය ගෞරවය මේ ආණ්ඩුව අහිමි කරමින් තියෙනවා. මේ ආණ්ඩුව භික්ෂූන් වහන්සේට එරෙහිව දැවැන්ත  කුමන්ත‍්‍රණයක යෙදිලා ඉන්නවා.

මේ රටේ භික්ෂූන් වහන්සේලාගෙන් සියයට 80ක්  විතර ඉන්නේ මේ ආණ්ඩුවට එරෙහිවයි. හැකිනම් ආණ්ඩුවට කැමති භික්ෂුන් වහන්සේලා කවුද කියලා  පෙන්වන්න කියලා මම ආණ්ඩුවට අභියෝග කරනවා.

මේ ආණ්ඩුව රටට එරෙහිව ගෙන යන වැඩ පිළිවළට එරෙහිව අද වනවිට භික්ෂුන් වහන්සේලා නැගි සිටිනවා. එහි ප‍්‍රතිඵලයක් විදියට ඥාණසාර හිමියන්ට අද දඬුවම් ලැබිලා තියෙනවා.

ඥණසාර හිමියන්ට ජනාධිපති පොදු සමාව ලබා දිය යුතු බවට සෘජු තීරණයක් ගන්න ජනාධිපතිවරයයාට පුළුවන් කමක් තියෙන්න  ඕන. ස්ත‍්‍රී දුෂණය කරලා,  මං කොල්ලා කාලා වගේ දෙයක් මෙතන වෙලා නැහැ. එහෙම වෙලා තියෙනවනම් අපි කියන්නේ නැහැ ජනාධිපතිට සමාව දෙන්න කියලා.

රට වෙනුවෙන් කතාකරලා, රණවිරුවන් වෙනුවෙන් කතා කරලා, ආගම වෙනුවෙන් කතා  කරලා ජනාධිපති සමාවක් දෙන්න බැහැ කිවුවොත් ඒක ජාතික අපරාධයක් විදියටයි අපි දකින්නේ. ඒ සඳහා අවශ්‍ය වැඩ පිළිවළ අපි සකස් කරමින් පවතිනවා.

විජයකලා මහේෂ්වරන්  මන්ත‍්‍රීවරිය රටට , ජාතියට එරෙහිව හඬ නැගුවා. එල්. ටී.ටී.ඊ සංවිධානය  නැවත ගොඩ නැගිය යුතුයි කියන අරමුණේ ඉඳගෙන ඇය ප‍්‍රකාශයක්  කළා. අද වනතෙක් කථානායකවරයා මේ සම්බන්ධයෙන් ගත්ත ක‍්‍රියාමාර්ගයක් නැහැ.

කථානායකවරයා පක්ෂග්‍රාහි පුද්ගලයෙක් කියලා අද පැහැදිලියි. කතානායකවරයාගෙන් අද දෙයක් ඇහුවම පොඞ්ඩක් ඉන්න කියලා  රනිල් වික‍්‍රමසිංහ මහත්තයගෙන් අහලා තමයි  උත්තර දෙන්නේ. අද එතුමා මේ තරම් බාල්දු තත්ත්වයට පත්වෙලා තතියෙනවා.

ඉදිරියේදි රන්ජන් රාමනායක අමාත්‍යවරයාට එරෙහිව  තියෙනවා අපහාස නඩුවක්. මේකෙන් තීන්දුවක් එයි. අන්න එදාට  ඔය කියන ආණ්ඩුවේ ඉහළ මිනිස්සු විසින් රන්ජන් රාමනායක  මහතාට ජනාධිපති පොදු සමාවක් ලබා දෙනවමයි.

ඒ නිසා මේකේ වාසියක් ඥණසාර  හිමියන්ටත් එන්න පුලූවන්. මොකද රන්ජන් රාමනායකට දෙන්න පුලූවන් නම් ඥණසාර හිමියන්ට දෙන්නම වෙනවා. ඒ නිසා  රන්ජන් බේරගන්න නම් ආණ්ඩුවට ඥණසාර හාමුදුරුවොත් බේරගන්න වෙයි කියලා අපි විශ්වාස කරනව’’ යැයිද උන්වහන්සේ එහිදි පැවසූහ.

 



අදහස් (5)

ඥාණසාර හිමියන්ට සමාව දීම ගැන තීරණයක් ගන්න ජනපතිට හැකියාවක් තිබිය යුතුයි

Bamunuarachchi Friday, 10 August 2018 01:02 AM

හිටපු ජනාධිපතිවරු එල්ලුම්ගහට නියමවූ මිනීමරුවන්ට සමාව දුන්නානම් මුන්වහන්සේට සමාව දීම ප්‍රශ්නයක් නොවෙයි.

:       9       2

විජිත් Friday, 10 August 2018 11:18 AM

දඬුවම් දියයුතුයි. චෝදනාව තමයි උතුම් වූ සිවුර ට නින්දා කිරීම. නිදහස් කළොත් උපැවිදි වියයුතුයි. මන්ද මෙසේ සමාජයට නිදහස් කිරීම යනු සමාජයට තවත් පිළිකාවක් එක්කිරීමක් වන නිසයි.

:       2       24

BamunuarachchiMonday, 13 August 2018 12:49 AM

සිංහල ජාතිය ආගම වෙනුවෙන් කතාකරන අපේ හාමුදුරුවෝ නිදහස් කරන එක වැරදිනම් එල්ලුම්ගහට නියම වූ මිනීමරුවන් නිදහස් කිරීම හරිද? අපේ හාමුදුරුවෝ සිංහලයා හා බුද්ධාගම වෙනුවෙන් කතාකර සිවුරේ නියම ගෞරවය රැක්කා. මෙවන් හාමුදුරුවරුන් නැතිනම් දිස්ත්‍රික්ක පිටින්ම ඉල්ලන රටෙන් කොටසක් ඉල්ලන ජාතිකයින් ඉදිරියේ සිංහලයා නිවටයින් වෙනවා. මේ හාමුදුරුවන්ට විරුද්ධව කතාකරන්නේ අන්න ඒ වර්ගයේ මිනිස්සුය. සිංහලයාගේ නැතිවීයන අයිතිය රැකගන්න මෙවන් හාමුදුරුවරු දහස් ගණනක් මේ සිංහල රටේ බිහිවේවා! දැනට අවුරුදු 600කට ප්‍රථම මෙය සිංහලයාගේ රටය.

:       510       527

Chanak Los angelesMonday, 13 August 2018 09:45 PM

දඬුවමට බිය පුද්ගලයෝ වැරදි කිරීමෙන් වැලකී ඉන්න ඕනේ ..

:       0       223

Chanak Los angeles Monday, 13 August 2018 09:56 PM

අනුගාමිකයෝ කියනවා අපේ හාමුදුරුවන්ට අච්චු කලාට මුන්ට යස පාඩමක් උගන්වනවා කියා. තව සමහරු මේකට කොමන්ට් දාල අයදිනවා ජනපති සමාව දෙන්න කියා. අනේ කාලේ වනේ වාසේ.

:       152       140

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31325 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13537 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11001 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 116 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 942 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 281 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site