IMG-LOGO

2025 දෙසැම්බර් මස 12 වන සිකුරාදා


ජනතාවගේ බදු මුදල් සමග ක්‍රීඩාව පටන් අරන්

 (නිමල කොඩිතුවක්කු)

ජාතික ආරක්ෂාව සුරක්ෂිත කර  ජනතාවාදී පාලනයක් ගෙන යන බවට පම්පෝරි ගසා බලයට පත් වූ වත්මන් ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදයට නිදහසට පයින් ගසා ජනතාවගේ බදු මුදල් සමග ක්‍රීඩා කිරීම ආරම්භ කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී  ජේ. සී අලවතුවල මහතා කොළඹදී අද(15) පැවසීය.
 
ප්‍රජාතන්ත්‍රවාදය, ජනතාවගේ නිදහස, පාර්ලිමේන්තුව පැත්තකට දමා ඒකාධිපති, මිලිටරි  පාලනයකට රට ගෙන යාමට වත්මන්  පාලකයන් උත්සාහ කරමින් සිටින බවද  අලවතුවල මහතා සඳහන් කළේය.
 
කොළඹ, මාර්ක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂනායක කාර්යාලයේ  පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්  ඔහු පැවැසීය.
 
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී  ජේ. සී අලවතුවල මහතා මෙසේද කීය.
 
    “ මේ රටේ වංචාව දූෂණය විනිවිදභාවයෙන් යුතුව රාජ්‍යකරණය කළ යුතුයි කියලා වර්තමාන රජය පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී පැවති ජනාධිපතිවරණයට පෙරත් පාර්ලිමේන්තු මැතිවරණයට පෙරත් ජනතාවට ප්‍රකාශ කළා.
 
විසි වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත මගින් ජනාධිපති කාර්යාලය සහ අගමැති කාර්යාලය විගණන කටයුතු වලින් ඉවත් කිරීමට මේ රජය දැන් කටයුතු කරලා තියෙනවා.
 
දූෂණය නාස්තිය අවම කරන්න  කතා කරපු මේ  රජය කටයුතු කරන ආකාරය දිහා බලපුවාම අපිට පුදුම හිතෙනවා.
 
රජයේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, සංස්ථා ඇතුළු ආයතන විගණනයට ලක් වනවා නම් ජනාධිපති කාර්යාලයත් අගමැති කාර්යාලයත් විගණනයෙන්  ඉවත් කිරීමේ අරමුණ මොකක්ද කියලා අපි අගමැතිතුමාගෙන් සහ ජනාධිපති තුමාගෙන් අහන්න කැමතියි.
 
මේ ව්‍යවස්ථා කෙටුම්පත හදපු කෙනෙක් අද නැහැ. මාධ්‍යයෙන් මේ ගැන විමසුවාම හැමෝම ඇඟ බේරගන්න කටයුතු කරනවා. රටේ අගමැති දන්නෙත් නැහැ අධිකරණ ඇමති දන්නෙත් නැහැ මේ කෙටුම්පත හැදුවේ කවුද කියලා.  කවුරුත් මේකෙ වගකීම බාරගන්න ඉදිරිපත් වෙලා නැහැ. එහෙනම් ඇයි මේ වගේ ව්‍යවස්ථා කෙටුම්පතක් රටට ඉදිරිපත් කරන්නේ කියලා අපි අහනවා.
 
මේ ආණ්ඩුව අද රට විහිළුවට පත් කරමින් යනවා. ජේ ආර් ගේ ව්‍යවස්ථාවටත් එහා ගෙන යමින් විසි වන ව්‍යවස්ථා සංශෝධනය මගින් ඒකාධිපති වියුරැවකට රට ගෙන යනවා.
 
ප්‍රජාතන්ත්‍රවාදය,ජනතාවගේ නිදහස, පාර්ලිමේන්තුව පැත්තකට දාලා ඒකාධිපති, මිලිටරි  පාලනයකට රට ගෙන යාමට තමයි මේ අය අද උත්සාහ කරමින් ඉන්නේ.
 
අපේ ආණ්ඩු සමයේ සමයේ දී කෝප් කමිටුවේ සභාපති ධුරය විපක්ෂයේ මන්ත්‍රීවරයකු වන සුනිල් හඳුන්නෙත්ති මහතාට ලබා දුන්නා. ඒ මගින් අපේ රජයේ දූෂණ අක්‍රමිකතා විශාල ප්‍රමාණයක් සොයා ගැනීමට හැකිවුණා. මේ ආණ්ඩුව පත් වෙලා කෝප් කෝපා  කමිටු වලට තමන්ගේ මන්ත්‍රීවරුන් පත් කරගෙන තියෙනවා. තමන්ගේ හොරකම් දූෂණ වංචා වසන් කර ගැනීමට අද ඔවුන් මෙවැනි ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා. එවැනි පාලන ක්‍රමයක් ගෙන යන්න ද ජනතාව තුනෙන් දෙකක බලයක් ලබා දුන්නේ කියලා අපි මේ රජයෙන් අහනවා.
 
විගණන කොමිසම ප්‍රසම්පාදන කොමිසම අහෝසි කරමින් මේ ආණ්ඩුව විගණනයට තිත තියලා තියෙනවා. ආණ්ඩුව මේ හදන්නේ ජනතාවගේ බදු මුදල් එක්ක සෙල්ලම් කරන්නයි.
 
ප්‍රජාතන්ත්‍රවාදී නිදහස තහවුරු කෙරෙන 19 ව්‍යවස්ථා සංශෝධනයට එහා ගිය තැනකට රට ගෙන යන්න ඕන කියන ස්ථාවරයේ අද සමගි ජනබලවේගය ඉන්නවා. රට විනාශය කරා ගෙන යන මේ ආණ්ඩුවේ වැඩපිළිවෙළ පරාජය කරන්නට අපි කටයුතු කරනවා.
 
අද රටේ ජනතාවට ජීවත්වීමට නොහැකි තත්වයකට පත්වෙලා තියෙනවා. ජනතාවගේ ආර්ථිකය කඩාවැටිල, ජීවන වියදම ඉහල ගිහින්. මේ සම්බන්ධයෙන් රජයේ කිසිම අවධානයක් යොමු කරලා නැහැ. ඖෂධ මිල විශාල ප්‍රමාණයකින් ඉහළ ගිහින්. තමන්ගේ බලය තහවුරු කර ගන්නවා වෙනුවට ජනතාවගේ මේ ප්‍රශ්න විසඳන්න කියලා අපි මේ ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.



අදහස් (2)

ජනතාවගේ බදු මුදල් සමග ක්‍රීඩාව පටන් අරන්

විජේ Wednesday, 16 September 2020 04:39 AM

අල වගේද ගෝවා, ගෝවා කයිද හාවා...?

:       0       1

BamunuarachchiFriday, 18 September 2020 03:59 PM

මොන ක්‍රීඩාවද ආයුබොවන්...?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 565 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 493 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 421 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site