IMG-LOGO

2025 මාර්තු මස 26 වන බදාදා


ගිය ඡන්දයෙන් එජාපය ලැබුවේ පරාජයක් නොව ප්‍රතිසංවිධානයට හොඳ අවස්ථාවක්


(***අංජුල මහික වීරරත්න සහ ***කැලණිය - ලාල් එස්. කුමාර)

ආගමට, ජාතියට, සංස්කෘතියට හිතැති ප්‍රකට බෞද්ධ පවුල් දෙකක නියෝජනයක් වන රුවන් විජයවර්ධන මහතාට දේශීයත්වය ආගම පිළිබඳව අමුතුවෙන් කියා දිය යුතු නැතැයි කැලණිය රජමහා විහාරාධිපති මහාචාර්ය කොල්ලු‍පිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියෝ පැවැසූහ.

එක්සත් ජාතික පක්ෂය ගොඩ ගැනීමේ බරපතළ වගකීම රුවන් විජයවර්ධන මහතාට පැවැරී ඇතැයි කී සංඝරක්ඛිත නාහිමියෝ ඒ සඳහා මහා සංඝරත්නයේ පූර්ණ ආශිර්වාදය හිමිවන බව සඳහන් කළහ.

එක්සත් ජාතික පක්ෂ නව නියෝජ්‍ය නායක ධුරයට පත් රුවන් විජයවර්ධන මහතා කැලණිය රජමහා විහාරයට ගොස් වන්දනාමාන කර මහා සංඝරත්නයේ ආශිර්වාද ගැනීමෙන් පසු මහාචාර්ය කොල්ලු‍පිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියෝ අනුශාසනාවක් කරමින් මෙසේ ද පැවැසූහ.

“කැලණිය රජමහා විහාරය, හුණුපිටිය ගංගාරාමය ප්‍රමුඛ විහාරස්ථානවල ක්‍රියාකාරී දායකත්වය දරමින් රුවන් විජයවර්ධන මහතා විශාල මෙහෙවරක් කරනවා. ඒ අනුව ඔබතුමන්ට මහා සංඝරත්නයේ ආශිර්වාදය හිමි වෙනවා.

හෙලේනා විජයවර්ධන ළමාතැනිය කැලණි රජමහා විහාරයේ නව දියුණුව උදෙසා ධන පරිත්‍යාග කළ මැතිනිය ලෙස මුළු මහත් ලංකාවම දන්නවා. එදා පටන් මේ දක්වා විජයවර්ධන පවුලේ සියලු‍ම දෙනා යහපත් මංගල කාරණයක් සිදුවන අවස්ථාවකදී කැලණි විහාරයට පැමිණ ආශිර්වාද ගැනීම සිරිතයි. ඒ ආශිර්වාදය ගැනීම සඳහා රංජිත් විජයවර්ධන පියාණන් ප්‍රමුඛ රුවන් විජයවර්ධන මහතා අද මෙහි පැමිණ සිටිනවා.

 පාරම්පරිකව එක්සත් ජාතික පක්ෂය නිර්මාණය කළ ඩී.එස්. සේනානායක, එෆ්.ආර්. සේනානායක උරුම කරගත් පවුලේ කෙනකු ලෙස රුවන් විජයවර්ධනට මෙරට සංස්කෘතිය, දේශීයත්වය පිහිටා තිබෙනවා. එමෙන්ම මෙරට ජනතාව ශක්තිවන්ත කිරීමට අවශ්‍ය කරන ආභාසය ද එතුමාට තිබෙන බව අවධාරණය කළ යුතුයි.

විජයවර්ධන පවුල මෙරට ප්‍රකට බෞද්ධ පවුලක්. රංජිත් විජයවර්ධන මහතාගේ පියාණන් වන්නේ හෙලේනා විජයවර්ධන ළමාතැනියගේ ජ්‍යෙෂ්ඨ පුතණුවන් වන ඩී.ආර්. විජයවර්ධන මැතිතුමායි. ඒ නිසා මෙරට ආගමට, සංස්කෘතියට, ජාතියට සම්බන්ධ  පවුල් දෙකක නියෝජනය ලෙස රුවන් විජයවර්ධන මහතා අප සලකනවා.

ඒ නිසා එතුමාට  දේශීයත්වය, ආගම පිළිබඳව මෙන්ම රටේ ගැඹුරට ගිය සංස්කෘතිය පිළිබඳව අමුතුවෙන් කිව යුතු නැහැ. එතුමා පවුලේ ආභාසය මෙන්ම උරුමය නිසා රටේ පවතින ශක්තිය පිළිබඳව ඉතා හොඳින් තේරුම් ගෙන සිටිනවා.

රුවන් විජයවර්ධන මහතා ලැබිය යුතු අධ්‍යාපන සුදුසුකම් මෙරට මෙන්ම එංගලන්තයේදී  ලබාගෙන අංගසම්පූර්ණ වී දේශපාලනයට පැමිණියා. එතුමා එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක ධුරයට පත්වූයේ එවන් පසුබිම යටතේයි.

කඩාවැටුණු එක්සත් ජාතික පක්ෂය නැවත ගොඩ නැගීමේ බරපතළ වගකීම නියෝජ්‍ය නායක ලෙස ඔබතුමාට පැවැරී තිබෙනවා. යම්කිසි සැහැල්ලු‍වක් ඇති කරගත්තා නම් එය බැහැර කර වගකීම තේරුම් ගෙන පාක්ෂිකයන් තවදුරටත් මනසින් ශක්තිමත් කරමින් ප්‍රායෝගිකව ක්‍රියාකාරී පාක්ෂිකයන් බවට පත්කරමින් රටේ ආර්ථික වෙනසක් ඇති කරන්න අවස්ථාවක් ගන්නැයි අප ඉල්ලා සිටිනවා.”
එක්සත් ජාතික  පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා අදහස් දක්වමින් මෙසේ පැවැසීය.

“එක්සත් ජාතික පක්ෂය නැවත ගොඩනගන්න මට හැකියි. අපට මහ මැතිවරණයෙන් ලැබුණේ පරාජය නොවෙයි. එය පක්ෂය ප්‍රතිසංවිධානය සඳහා හොඳ අවස්ථාවක් බව කිව යුතුයි.

අතීතයේ දී රජයක් ලැබුණු විට අප පාක්ෂිකයන්ගෙන් ගොඩක් දුරස් වුණා. මේ ප්‍රතිඵලය අපට ලැබුණේ ඒ නිසයි. නැවත පාක්ෂික විශ්වාසය දිනාගෙන  ඉදිරියට යන්න අපට හොඳ අවස්ථාවක් තිබෙනවා. ඒ අනුව පක්ෂය නිසි තැනට ගෙන එන්න හැකි වෙතැයි මා සිතනවා.”
මෙහිදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න සහ රුවන් විජයවර්ධන මහතා ඒවාට දුන් පිළිතුරු මෙසේය.

ප්‍රශ්නය: ඔබතුමාට නියෝජ්‍ය නායක ධුරය ලැබුණාට පක්ෂයේ ඇතැම් පිරිස් කැමැති නැහැ නේද?
පිළිතුර: මා ඒ ගැන දන්නේ නැහැ. පක්ෂයේ විවිධ අදහස් සහ මතවාද තිබෙනවා. සියලු‍ම දෙනා එකමුතුකමින් ඉදිරියට යා යුතුයි. විවිධ මති මතාන්තරවලටත්  ගරු කරමින් පක්ෂය ශක්තිමත් කිරීම මගේ අරමුණයි.

ප්‍රශ්නය: රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වයෙන් ඉවත් වූ පසුව එ.ජා.ප.යේ නායකත්වය ලැබෙන්නේ කාට ද?
පිළිතුර: ඉදිරියේදී එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වී ඒ ගැන හරි තීරණයක් ගනීවි.

ප්‍රශ්නය: ඔබ පක්ෂ නායකත්වය බලාපොරොත්තු වෙනවා ද?
පිළිතුර: අනිවාර්යයෙන්ම. පාක්ෂිකයන්ගේත් කෘත්‍යාධිකාරී මණ්ඩලයේත් විශ්වාසය තිබෙනවා නම් පක්ෂ නායකත්වයට ඉදිරිපත් වෙන්න මා ලෑස්තියි.

ප්‍රශ්නය: පක්ෂ නායකත්වයට තෝරා පත් කරගන්නත් රහස් ඡන්දයක් තැබිය යුතු වේවි ද?
පිළිතුර: නායකත්වය බලාපොරොත්තු වන තවත් අය ඉන්නවා. ඔවුන් ද ඉදිරිපත් වේවි. ඒ අනුව තෝරා ගැනීම සඳහා සුදුසු තීරණයක් ගනීවි.

ප්‍රශ්නය: එක්සත් ජාතික පක්ෂයේ තනතුරු පාක්ෂිකයන්ගෙන් විමසන්නේ නැතිව පත් කරන්නේ ඇයි?
පිළිතුර: ජනතා විශ්වාසය නැතිව  තනතුරුවලට පත් වී නැහැ. මගෙත් නායක පුටුවට කෑදරකමක් නැහැ. ඒත් පක්ෂය ආරක්ෂා කරගත යුතුයි.

මට තිබෙන්නේ ඒ චේතනාව පමණයි.
මා ඉදිරිපත් වූයේ පක්ෂය ගොඩනැගීම සඳහායි. එක්සත් ජාතික පක්ෂය මගේ හෝ වෙන කාගෙවත් හෝ පෞද්ගලික දේපොළක් නොවෙයි. මෙය ඉතිහාසය සමග බැඳී තිබෙන පක්ෂයක්. පක්ෂය විනාශ වීම ජාතික අපරාධයක්.

ප්‍රශ්නය: සමගි සන්ධානයක් ගැන සමගි ජන බලවේගය ප්‍රකාශ කර තිබෙනවා. එයින් ආරාධනාවක් ලැබුණොත් ගන්නා පියවර කුමක් ද?
පිළිතුර: ඒ අයත් සමඟ සාකච්ඡා කර එකඟ විය හැකි නම් රට වෙනුවෙන් වැඩ  කරන්න සූදානම්. දැනටමත් ආණ්ඩුවෙන් විවිධ වැරැදි වෙනවා. රට, ජනතාව ගැන  මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය ගැන සිතා එක් වීමට හැකියි.

ප්‍රශ්නය: විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන ඔබේ අදහස කුමක් ද?
පිළිතුර: අප ඒ ගැන කනගාටුවට පත්වෙනවා. සෝභිත හිමියන්ගේ මූලිකත්වයෙන් 19 වැනි සංශෝධනය ගෙනාවේ ප්‍රජාතන්ත්‍රවාදය රකින්නයි.
විසිවැනි සංශෝධනයෙන් ප්‍රජාතන්ත්‍රවාදය පසෙක තබා ඒකාධිපති ස්වරූපයක් ඇති කරලා. එක්සත් ජාතික පක්ෂය ලෙස අප ඊට විරුද්ධයි.

ප්‍රශ්නය: රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ සිටිය යුතු යැයි ඔබ සිතනවා ද?
පිළිතුර: නායකත්වයෙන් ඉවත් වන බව එතුමා  පැහැදිලිවම කියා තිබෙනවා. එතුමා දිගු කාලයක් තිස්සේ පක්ෂයට නායකත්වය දුන්නා. එතුමා අත්හරින්න හැකියාවක් නැහැ. ඊළඟ නායකත්වයට වැඩ බාරදෙන්න එතුමාටත් කාලයක් තිබෙනවා.
දෙසැම්බර් වනවිට අලු‍ත් නායකයාට පූර්ණ බලතල දී පත්කරන බව එතුමා ප්‍රකාශ කළා. ඒ විශ්වාසය අප ළඟ තිබෙනවා. එතුමාට අගෞරවය කර වැඩ කරන්න මට කිසිම චේතනාවක් නැහැ. පක්ෂය ප්‍රතිසංවිධාන කළ යුතු බව එතුමාගේත් අදහසයි.

ප්‍රශ්නය: එ.ජා.ප.යේ ඉදිරි නායක ඔබතුමා බව රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබේ ද?
පිළිතුර: එතුමා එසේ කියා නැහැ. ඉදිරි නායකයා වන්නේ නියෝජ්‍ය නායකයාම නොවෙයි.
ඒත් ඉදිරිපත් වී  පක්ෂ නායකත්වය ගන්න  නියෝජ්‍ය නායකයාටත් ඉඩ ප්‍රස්ථා තිබෙන බව එතුමා ප්‍රකාශ කළා.

ප්‍රශ්නය: එක්සත් ජාතික පක්ෂ නායකත්වයත් පවුලේ අය අතර දෝලනය වන බවට චෝදනා කරනවා නේද?
පිළිතුර: එහි සත්‍යතාවක් නැහැ. මා පත්වුණේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ඡන්දයෙන්. නායකතුමා එහිදී ඡන්දය ප්‍රකාශ කළේ නැහැ. එක්සත් ජාතික පක්ෂයේ සුදුස්සාට සුදුසු තැන ලැබෙනවා. යැයි ද රුවන් විජයවර්ධන මහතා සඳහන් කළේය.



අදහස් (0)

ගිය ඡන්දයෙන් එජාපය ලැබුවේ පරාජයක් නොව ප්‍රතිසංවිධානයට හොඳ අවස්ථාවක්

ඔබේ අදහස් එවන්න

 

දේශපාලන

යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද
2025 මාර්තු මස 25 1997 11

රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත


පළාත් පාලන ආයතනවල බලයත් ‘මාලිමාවට’ දෙන්න
2025 මාර්තු මස 21 1221 23

ආණ්ඩුව එක පැත්තක සහ පළාත් පාලන ආයතන තවත් පැත්තක තිබුණ හොත් ප්‍රතිවිරෝධයක් නිර්මාණ වී අවුලක් ඇති වන බවත් ඒ හේතුවෙන් පළාත් පාලන ආයතනවල බලය මාලිමාව සතුව


මේ වේගෙට ගියොත් සිංගප්පූරුව අල්ලන්න අවුරුදු 65ක් යනවා
2025 මාර්තු මස 21 4115 46

අද සිංගප්පූරුව තියෙන ආර්ථිකයට පැමිණෙන්න නම් මේ වේගයෙන් ගියොත් තව අවුරුදු 65ක් වත් යන බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැව


‘‘අප හැම තිස්සේම ජනතාව පැත්තේ හිට ගන්නවා‘‘
2025 මාර්තු මස 13 1314 7

මෙම රජය කලින් තිබූ රජයන් මෙන් නොව ඕනෑම දෙයක් පිළිබදව සාකච්ඡා කළ හැකියි. නමුත් රෝගීන් ඇපයට තබාගෙන රෝගීන් දුෂ්කරතාවට පත්වන ලෙස කටයුතු කරන්නේ නම් ජනතාවග


අයවැයෙන් සුරබි දෙන පහල වෙන්නේ නෑ
2025 මාර්තු මස 07 1206 6

අයවැයෙන් සුරබිදෙන පහල වන්නේ නැති නැති නමුත් මෙතෙක් කලක් ගෙන ආ අසාර්ථක ආර්ථික කළමනාකරණය නතර කොට ආර්ථිකය හැරවුම් ලක්ෂයකට ගෙන එන බව ප්‍රවාහන සහ මහාමාර්ග


ඔන්ලයින් පනත අහෝසි නොකරන්නේ ඇයි?
2025 මාර්තු මස 06 849 3

සමාජ ආරක්ෂණ පනත තවම අහෝසි නොකළේ ඇයි දැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 365 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 632 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 1299 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

Our Group Site