IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


‘කරුණා අම්මාන්ට නීතීය ක්‍රියාත්මක නොවීම ගැන රාජපක්ෂ කඳවුර හෙළි කළ යුතුයි‘

(නිමල කොඩිතුවක්කු)
රාජිතට, චම්පිකට,  ෆොන්සේකාට ක්‍රියාත්මක වූ නීතිය රණවිරුවන් තුන් දහසක් ඝාතනය කළ බව කියන කරුණා අම්මාන්ට ක්‍රියාත්මක නොවීම ගැන රණවිරුවන් වෙනුවෙන් කිඹුල් කඳුලු හෙලන රාජපක්ෂ කඳවුර වහාම රටට හෙළි කළ යුතුව ඇතැයි කුරුණෑගල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් අමරසේන මහතා පැවසීය.

රණවිරු ඝාතන පිළිබද උදම් අනා උතුරේ ඡන්ද එකතු කරන රාජපක්ෂ කඳවුර දකුණේ රණවිරුවන් පිළිබඳ කිඹුල් කඳුළු හෙලා ඡන්ද එකතු කරන බවද ඔහු සඳහන් කළේය.
සමගි ජන බලවේගය පක්ෂ කාර්යාලයේ අද(24) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කුරුණෑගල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් අමරසේන මහතා .

රණවිරු ඝාතන ගැන කරුණා අම්මාන් ඉතා බරපතල ප්‍රකාශයක් සිදුකළා. යුදහමුදාවට වගේම සමස්ත ශ්‍රී ලාංකිකයන්ටම එම ප්‍රකාශ තදින් බලපෑවා. මේ වගේ ප්‍රකාශයක් අපේ කාගේ හරි කටින් ප්‍රකාශ කරානම් නැවත නැවත ප්‍රචාරය කරන මාධ්‍ය අද කරුණගේ ප්‍රකාශය යටපත් කරමින් සිටිනවා.

අංගුලිමාල රහත් උනානම කරුණට බැරිද කියලා විමල් වීරවංශ අහල තිබුණා. කරුණා අම්මාන් මැරුවා කියපු හමුදාවේ 3000 අමතරව අරන්තලාව, දළදා මාලිගාව, ශ්‍රී මහා බෝධියට බෝම්බ ගහලා බුදුදහමටත් විශාල හානියක් සිදුකළා. මහින්ද රාජපක්ෂ සරණ ගියා ගිය පලියට කරුණාට රහත් වෙන්න බැහැ.

අද රාජපක්ෂ කඳවුරේ අයව දකුණට එක ජාතික චින්තනයකුත් උතුරට තව ජාතික චින්තනයකුත් පතුරනවා. රණවිරුවන් වෙනුවෙන් කිඹුල් කඳුළු හෙළන රාජපක්ෂ කදවුර උතුරේ හමුදා නිලධාරීන් තුන් දහසක් මරපු කරුණා අම්මාන් තමන්ගෙ කඳවුරේ තියාගෙන ඉන්නවා.

කරුණාකරලා අපේ රණවිරුවන්ට, ආගමට අත තියන්න එපා කියලා කබරගොයා තලගොයා කරන රාජපක්ෂ කදවුරට  අපි කියනවා.

හමුදාවේ  තුන් දාහක් මැරුවා. මම කොරෝනා වලටත් වඩා බයයි කියපු කරුණා අම්මාන්ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් එන්න කිව්වහම අසනීප වෙලා. රාජිතලා, චම්පිකලා, ෆොන්සේකලා අත්අඩංගුවට ගන්නෙ තියෙන හයිය කරුණ අත්අඩංගුවට ගන්න මේ ආණ්ඩුවට නැහැ.  මේ ආණ්ඩුව කරුණා අම්මාන් ගැන මුනිවත රකින එක පිළිබඳව අපිට විශාල කුකුසක් තියෙනවා.

මේ ආණ්ඩුවේ එක පිරිසක් උතුරට ගිහින් හමුදාවේ මෙච්චර පිරිසක් මැරුව කියල එහි දෙමළ ජනතාව පිනවනවා. සරත් වීරසේකර ඇතුළු පිරිස දකුණට ඇවිත් වීර කතා කියලා මෙහෙ දකුණේ අය පින වනවා. මේක තමයි මේ ආණ්ඩුව දෙබිඩි පිළිවෙත . මේ අය එක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක්ට ගහනවා.

 ඡන්දෙට කලින් වගේම ඡන්දෙන් පස්සෙ පස්සේ මේ අය නැවත එකම කදවුරකට ගොනු වෙනවා .රණවිරුවන් වෙනුවෙන් මැරෙන්න දඟලපු විමල්, උදය ඇතුළු රාජපක්ෂ කඳවුරට අපි කියනවා කරුණා වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කරන්න කියලා. සමහර විට සිංහල ජනතාව පිනවන්න මේ අය කරුණට දින කිහිපයකට බන්ධනාගාර රෝහල සූදානම් කරල තියෙන්නත් පුළුවන්. නිදහස දිනා දෙන්න කැපවුණු රණවිරුවන් ඝාතනය කළ කරුණා අම්මාන්ට  නීතිය ක්‍රියාත්මක කරන්නේ කියලා අපි රජයට බල කරනවා.

මම තනියම මගේ මැතිවරණ ව්‍යාපාරය කරගෙන යන කොට ආරක්ෂක රථ ගිලන්රථ ගිනි නිවන රථ ඇතුළුව වාහන හතළිහක් පමණ පිරිවරාගෙන වාහන පෙරහැරක් කුරුණෑගල සිට හෙට්ටිපොළට එක් අපේක්ෂකයෙක්  ගමන් කළා. හොයලා බලනකොට කුරුණෑගලින් ඡන්දෙ ඉල්ලන මහින්ද රාජපක්ෂ මහත්තයා තමයි එහෙම ගිහින් තියෙන්නේ.

මහින්ද රාජපක්ෂ මහත්තයා  මීරිගමට හෙලිකොප්ටරයෙන් ඇවිත් අධිවේගී මාර්ගය නිරීක්ෂණය කරන මුවාවෙන් කුරුණෑගල ඡන්ද රැස්වීම් රාශියක් ඇමතුවා.

සජිත් ප්‍රේමදාසට විපක්ෂ නායක කාර්යාලය භාවිතා කරන්න එපා කියලා මැතිවරණ කොමසාරිස් වරයා කිව්වා. රණසිංහ ප්‍රේමදාස මහත්තයාගේ ඡන්ම දිනය වෙනුවෙන් වෑතර රෝහලට උපකරණ පරිත්‍යාග කරන එක වැළැක්වූවා.

මහින්ද රාජපක්ෂ මහත්තයා මැතිවරණය වෙනුවෙන් රථවාහන පිරිවරාගෙන රට පුරා රැස්වීම් වලට යනවා. විජයරාම නිල නිවස පාවිච්චි කරනවා, අරලියගහ මන්දිරයේ පාවිච්චි කරනවා. මේවට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ.

අපේක්ෂකයෝ විදියට අපිට කාර්යාලය ඉදිරිපිට කටවුට් එකක් ගහන්න බැහැ.එහෙමනම් කොහොමද රාජපක්ෂවරු මේ විදිහට කටයුතු කරන්නේ. මේ ගැන  වහාම නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. ඉදිරියේදී මේ ගැන මැතිවරණ කොමසාරිස්වරයාට ලිඛිතව දැනුම් දෙන්නත් මම කටයුතු කරනවා.


සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක නීතිඥ එරන්ද වැලිඅංගේ මහතා.

    සමගි ජන බලවේගය නිර්මාණය කළේ එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය පූර්ණ අනුමැතිය සහිතවයි.එසේ තිබියදී අපේ පක්ෂ සාමාජිකයන්ගේ  පක්ෂ සාමාජිකත්වය අත්හිටුවනු ලැබුවා. ඒ නිසා තමයි අපි අධිකරණයට ගියේ.දැන් අධිකරණය මගින් විත්තිකරුවන්ට නොතීසි නිකුත් කර තිබෙනවා.
 

පාක්ෂිකයන් පක්ෂයක් තුල රැදී  සිටින්නේ ඔවුන්ගේ හදවතේ කැමැත්ත ඇතිවයි. එහෙම නැතුව බලෙන් තියාගන්න බැහැ. බොරු ප්‍රචාරය වෙමින් අපේ පාක්ෂිකයන් නොමග යවන්න බැහැ. අපේ කිසිදු පාක්ෂිකයෙකු සමගි ජන බලවේගය හෝ සජිත් ප්‍රේමදාස මහතා අත්හැර යන්නේ නැහැ.

දැන් දිනෙන් දින  සිරිකොතේ සිටින පිරිස් අපිත් එක්ක එකතු වෙනවා. මේ බය නිසා තමයි නීති තර්ක ගැන වැරදි අර්ථකථන දීලා වාසි ගන්න හදන්නේ. මහින්ද රාජපක්ෂගේ අනුපාර්ශ්වය හැටියට දැන් සිරිකොත පත්වෙලා තියෙනවා. තර්ජන කරාට බිය ගැන්නුවට අපේ කණ්ඩායම පසු බසින්නේ නැහැ.

අද ආණ්ඩුවෙ බංකොලොත් දේශපාලඥයන් දාලා අපේ රටේ නම ජාත්‍යන්තරයට ගෙනයන  ක්‍රීඩකයන් අප්‍රසාදයට ලක් කරමින් යනවා. ජනාධිපති කොමිසමක් පත් කරලා මේ ගැන සොයා බලන්න කියලා අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.

රණවිරු සළුපිළි පැලද සිටින රාජපක්ෂවරුන් කරුණගේ ප්‍රකාශයත් එක්ක අද නිර්වස්ත්‍ර වෙලා තියෙනවා. මේ පිරිසට තවදුරටත් ආගම ජාතිය රණවිරුවන් විකුණගෙන කන්න දෙන ඉඩ තියන්න එපා කියලා අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා .



අදහස් (0)

‘කරුණා අම්මාන්ට නීතීය ක්‍රියාත්මක නොවීම ගැන රාජපක්ෂ කඳවුර හෙළි කළ යුතුයි‘

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31083 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13225 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10946 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 37 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 878 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 263 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site