(කාංචන කුමාර ආරියදාස)
මාතලේ දිස්ත්‍රික්කයට කැබිනට් අමාත්‍ය ධුරයක් ජනතාව බලාපොරොත්තු වුවද තමන්ට ලැබුණේ රාජ්‍ය අමාත්‍ය ධූරයක් බවත් එය ජනතාව ගෙන් විමසා ඔවුන් ලබා ගැනීමට කීව නිසා රාජ්‍ය අමාත්‍යධූරය ලබාගත් බව සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය රංජිත් අලුවිහාරේ මහතා අද (24) දඹුල්ලේ දී පැවසීය.
රාජ්‍ය අමාත්‍යවරයකු ලෙස දිවුරුම් දීමෙන් පසු රංජිත් අලුවිහාරේ මහතා පිළිගැනීමේ උත්සවයක් දඹුල්ල නගර මධ්‍යයේ දී පැවත්විණි.
අලියකු පෙරටු කරගත් පෙරහරකින් දඹුල්ල නගරයේ සිට බස් නැවතුම්පළ වෙත දක්වා රාජ්‍ය අමාත්‍යවරයා කැඳවාගෙන ඒමට එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරී වූ සූදානම් කර තිබිණි.
මෙහිදී දඹුල්ල එජාප ආසන සංවිධායක ප්‍රියාන් විජේරත්න මහතා පිරිස පිළිගැනීමෙන් පසුව සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු රාජ්‍ය අමාත්‍ය රංජිත් අලුවිහාරේ මහතා පැමිණ සිටි ජනතාව අමතමින් පැවසුවේ තමන්ට රාජ්‍ය අමාත්‍ය ධූරයක් හෝ තනතුරු ලැබීම සම්බන්ධයෙන් ප්‍රථමයෙන් ස්තූතිවන්ත විය යුත්තේ ජනමාධ්‍යයට බවයි.
ජේෂ්ඨත්වය හා පක්ෂ ක්‍රියාකාරීත්වය අමතක කර දමමින් ඒ පිළිබඳව හඬක් නොනඟා සිටියදී මාතලේ දිස්ත්‍රික්කයට අමාත්‍යධූරයක ඇති අවශ්‍යතාවය මෙන්ම තමන් කලකිරීමෙන් සිටින බව මාධ්‍ය මඟින් ප්‍රචාරය වීමත් සමඟ මෙම අමාත්‍යධූරය ලැබුණු බව සඳහන් කළේය.
කැබිනට් අමාත්‍යධුරයක් තමන් බලාපොරොත්තු වුවද තමන්ට රාජ්‍ය අමාත්‍යධූරයක් ලැබෙන බව දැනගැනීමට ලැබීමෙන් පසු තමන් එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරීන් නිවසට ගෙන්වා රාජ්‍ය අමාත්‍යධුරය බාරගන්නවාද නැද්ද යන්න ඔවුන්ගේ මතය විමසූ බවත් ජනතාවගේ ඉල්ලීම නිසා රාජ්‍ය අමාත්‍යධූරය බාරගත් බවත් සඳහන් කළේය.
තමන්ට සංචාරක අමාත්‍යාංශය යටතේ යම්කිසි සේවාවක් සිදු කිරීමට හැකියාව පවතින බවත් ක්‍රිස්තියානි කටයුතු පිළිබඳව ජාති ආගම් භේදයකින් තොරව තමන්ට සේවාවක් ලබා දිය හැකි බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
මධ්‍යම පළාත් භා මන්ත්‍රී තිස්ස බණ්ඩාර හේරත් දඹුල්ල මහ නගර සභාවේ විපක්ෂ නායක අනුර ගුණවර්ධන යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.
COMMENTS
ජනතාව නම් කිසිවක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මෙයාලට තමයි ඇමතිධුර ඕනේ... හැකි තරම් මහජන මුදල් මංකොල්ල කන්න...
මන්ත්‍රී කෙනෙක් කියන්නේ රජෙක් වත් දෙවියෙක් වත් නෙවේ රටේ රාජ්‍ය සේවකයෙක් එම සේවකයා කුමන නිලතල ලැබුවද තමන්ට හිමි රාජකාරිය කරන්නෙම ඔහු උතුම් සේවකයෙන් වනු ඇත නමුත් මේ සේවකයන්ට අවශ කරන්නේ ජනතාවට සේවය කිරීමට නොවේ ඉහල තානාන්තර ලබාගන රටට හෝ ජනතාවට සේවය කිරීමට හෝ නොවේ ඉහලින් වැජබීමට හා එම තානාන්තරය හරහා ලැබෙන වරප්ප්‍රසාද ඉහලින්ම ලබා ගනිනිමින් හැකි තරම් රජය දේපල හා මහජන මුදල් කොල්ල කෑමටයි මොහු මේ වැලපෙන්නේ ඒ කාරිය කර ගැනීමට නොහැකි වීමේ දුකට මිස ජනතාවගේ බලාපොරොත්තු ඉටු නොවීම නිසා නොවේ කිසිදු වරප්ප්‍රසදයක් නොලබා නිහඩව රටට අමිල සේවයක් කරන කල උතුම් රාජ්‍ය සේවකයන් මෙන්ම දෙසපාලකයන්ද අප රටේ නැතුව නොවේ
කතාව සහතික ඇත්ත රට වෙනුවෙන් අවංකව සේවය කරන්න නම් ලොකු ලොකු තනතුරු ඕනෑම බව හැබවකි. තනතුර ලොකුඋනුත් පමණක් මගේ බඩවියත රැක ගන්න ගමන් රටට සේවය කරමි...පොඩි තනතුරු ලැබුණු මගේ බඩවියත පමණක් රැක ගනිමි. මේ ඉන්නේ අපේ රටට සේවය කිරීමට පැමිණි මහජන නියෝජිතයකි..... ලබන වරත් මේ හාදයාව අදාළ මඩුවට යැවීමට පෙළ ගැසෙමු....
සහතික ඇත්ත. ජනතාව බලාපොරෝත්තු වෙන්නේ සේවයක් මිස ඇමති කම් නොවෙයි.
මාතලේ ජනතාව කසාය බිව් ගොළුවෝ වගේ හිටියේ මේතුමාට කැබිනට් ඇමතිකමක් අරන් දෙන්න උද්ඝෝෂණය කරන්න තිබුනා පාරවල් වහලා. මොකද ජනතා සේවයට ලොකු තනතුර නැතිව බැහැ.
ඔය පාර්ලිමේන්තුවේ ඉන්න 225 ටම කැබිනට් අමාත්‍ය ධුර පිරිනැමුවානම් හැමෝම රටට වැඩක් කරනවානේ . ඒකයි මේ රටේ වැඩක් කෙරෙන්නේ නැත්තේ .