IMG-LOGO

2025 ඔක්තෝබර් මස 16 වන බ්‍රහස්පතින්දා


ඉංග‍්‍රීසියෙන් හිඟා කා ණය ගෙනා නායකයෝම ණය උගුල නිසා රට දියුණු කරන්න බෑ කියනවා

(ත‍්‍රිකුණාමලය - අමදෝරු අමරජීව)

මේ රටේ හිටපු නායකයෝ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට නැතිනම් ටෝකියෝ ආධාර සමුළුවට ගිහින් ණය අරගෙන එයාර් පෝට් එකෙන් බහිනකොට කියනවා අපට විශාල ණයක් ලැබුණා දැන් රට හදන්න පුළුවන් කියලා. එහෙම ණය අරන් ආපු නායකයෝ ටික දවසකින් කියනවා මේ ණය උගුල නිසා රට සංවර්ධනය කරන්න බැහැ. මීතොටමුල්ල කුණු කන්ද වගේ රාජපක්‍ෂ ණය කන්ද විශාලයි කියලා යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.

ජනතා විමුක්ති පෙරමුණ ‘‘ගමට දිරියක් - රටට බලයක්’ තේමාව යටතේ පිහිටු වූ දිරිය පුරවැසි සමිති ත‍්‍රිකුණාමල දිසා සමුළුව අමතමින් මන්ත‍්‍රීවරයා එසේ පැවැසීය.

මෙම දිසා සමුළුව පෙරේදා (4) කන්තලේ දුම්රිය පොළ අසල දී පැවැත් විය. මෙම දිසා සමුළුවේ දී දිරිය පුරවැසි ත‍්‍රිකුණාමල දිසා සභාපති ලෙස එම්.ඒ.ඞී.සී.කේ. කුලරත්න මහතාත් ලේකම් ලෙස ඉන්දික ප‍්‍රියදර්ශන පරණවිතාන මහතාත් පත්කර ගනු ලැබීය.

මෙහිදී තවදුරටත් අදහස් දැක් වූ අනුර කුමාර දිසානායක මහතා:-

රනිල්, මහින්ද, චන්ද්‍රිකා, මෛත‍්‍රී ඔය අය සේරම කතා කළේ ඔය ණය උගුල ගැන. රවි යනකොට පොතක් ගහලා ගියා. මොනවා වුණත් අපි ඒකට ස්තුති කරන්න  ඕන. මුදල් අමාත්‍යාංශයේ ඉදිරි දැක්ම කියලා ගහපු පොතේ තියනවා අපි අරන් තියන ණය ප‍්‍රමාණය 1985 දී අපේ රටේ ණය ප‍්‍රමාණය රුපියල් බිලියන 130යි. අද වෙන කොට ණය ප‍්‍රමාණය රුපියල් බිලියන 8443ක් වෙනවා. රනිල් ඊයේ පෙරේදා පාර්ලිමේන්තුවේදී කියනවා එකේ තියන ණය ප‍්‍රමාණය වැරදියි ඒ මුදල රුපියල් බිලියන 10500ට වැඩියි කියලා. ආයෙත් කියනවා අපි ගත් ණය ප‍්‍රමාණය සොයා බලන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කණ්ඩායමකට අපේ රටට එන්න ආරාධනා කරලා තියනවා කියලා. ඒක නිකම් හරියට අල්ලපු ගෙදර සිරිපාලට කියනවා අපේ ගෙදර කොච්චර ණය තියනවාද කියලා ඇවිල්ල බලන්න කියලා.

හම්බන්තොට වරාය හදන්න රුපියල් මිලියන 14000ක් ගිහිල්ලා, නොරොච්චෝලේ හදන්න රුපියල් මිලියන 7000ක් ගියා. මත්තල හදන්න රුපියල් මිලියන 3500ක් ගියා. නමුත් අපි අරන් තියන ණය ප‍්‍රමාණය කෝටි දසලක්‍ෂ පනස්දාහයි. රටේ සංවර්ධන ව්‍යාපෘති එක්ක බැලූවාම ඉතිරි මුදල්වලට වෙච්ච දෙයක් නැහැ. බැංකු ණයක් ගත් අයෙක් තමන් ගත් ණයට කළ දේ  ඕනෑම පුරවැසියෙක් දන්නවා.

2007 දී අපේ භාණ්ඩාගරයේ ආදායම රුපියල් බිලියන 1010යි. ඒ වසරේ විදේශයන්ගෙන් ගත් ණයවල ණය පොලී වාරිකය රුපියල් බිලියන 1144යි. 2012 වසරේ භාණ්ඩාගාර ආදායම රුපියල් බිලියන 1051යි. ණය පොලී වාරිකය රුපියල් බිලියන 1017යි. ශ්‍රී ලංකා, යූඑන්පී රටට නිදහස ලැබිලා වසර 70ක් රට පාලනය කළා. අවුරුදු 70වම කළේ මේ රට හිඟන රටක් කිරීමයි. හැබැයි හිඟා කන ක‍්‍රමයේ විතරයි වෙනස. ගමේ මිනිස්සු හිඟා කන්නේ කඩමාලූ එල්ලගෙන. නමුත් මේ අය හිඟා කන්නේ කොහොමද දන්නවාද ගුවන් යානයේ පළමු පංතියේ ආසනයක් වෙන් කරගෙන යනවා. ගිහින් බැහැලා වීඅයිපී දොරටුවෙන් එළියට ගිහින් සුද්දෙක් එක්ක ඉංග‍්‍රීසියෙන් කතා කරලා හිඟා කන්නේ. දැන් ඉතින් ණය දෙන එකේ සීමාවකුත් තියනවා. පළමු පාර ගිහින් ණය ඉල්ලනවා ණය දෙනවා. දෙවැනි පාර ගිහින් ණය ඉල්ලනවා. ණය දෙනවා. තුන්වැනි පාර ගිහින් ණය ඉල්ලනවා ණය දෙනවා. හතර වැනි පාර ගිහින් ඉල්ලනකොට කියනවා නෑ ණය දෙන්නේ නැහැ. ණයට හිලව් වෙන්න මොනවා හරි දෙනවා නම් ණයදෙන්නම් කියලා.

ඔන්න හම්බන්තොට වරාය දීලා ඩොලර් බිලියනයක් ගෙනාවා. ඊයේ පෙරේදා පුවත්පතක කාටුන් එකක් තිබුණා රනිල් හම්බන්තොට විකුණලා සල්ලි මල්ලක් අරන් එනවා. එහෙදි ආහනවා ඒ සල්ලි ඉවර වුණාම මොකද කරන්නේ කියලා. එතකොට ත‍්‍රිකුණාමලය වරාය විකුණනවා කිව්වා. ඒ සල්ලි ඉවර වුණාම මොකද කරන්නේ කියලා අහනවා. මත්තල ගුවන් තොටුපළ විකුණනවා කිව්වා. ඊළඟට ඒ සල්ලි ඉවර වුණාම මොකද කරන්නේ කියලා අහනවා. එතකොට කියනවා ත‍්‍රිකුණාමලය තෙල් ටැංකි ටික විකුණනවා කියලා. ඒ සල්ලි ඉවර වුණාම මොකද කරන්නේ කියලා අහනවා. එතකොට අපේ අවුරුදු පහ ඉවරයි කියලා රනිල් කියනවා. ඔන්න රටේ තත්ත්වය. ඔන්න ඔය විදිහට අපි ණය අර්බුදයේ පැටළිලා. මේ වනකොට ඩොලරයට සාපේක්ෂව අපේ රුපියල කඩා වැටීමෙන් අපි ගෙවන්න තියන ණය ප‍්‍රමාණය වැඩිවෙනවා. රුපියල අවප‍්‍රමාණය වීම එහෙම නැත්නම් රුපියල කඩාවැටීම පාලනය කරන්න අපේ පාලකයෝ අපොහොසත්වීම නිසා තමයි මේ තත්ත්වය උද්ගත වෙලා තියෙන්නේ. වසරකට ඩොලර් කෝටි 2000ක ආනයන වියදමක් දැරුවා නම් අපේ අපනයන ආදායම වෙලා තියෙන්නේ ඩොලර් කෝටි 1000යි. ඒ අනුව රුපියල කඩා වැටෙනවා. රවී ගහපු පොතේ තියනවා 2015 රුපියල අවප‍්‍රමාණය වීම නිසා රුපියල් බිලියන 285.1කින් අපේ ණය ප‍්‍රමාණය වැඩි වෙලා කියලා.

මේක කියන්නේ මුදල් අමාත්‍යාංශයේ ඉදිරි දැක්ම කියන පොතේ 202 පිටුවේ. ඒ පොතේ 224 පිටුවේ කියනවා. ලොව ව්‍යාපාර මුදලට සාපේක්‍ෂව රුපියල අවප‍්‍රමාණය වීමෙන් රුපියල් බිලියන 186.6ක් 2016දී අපේ ණය ප‍්‍රමාණය වැඩිවෙලා කියලා. මේකට ප‍්‍රධාන හේතුව වෙලා තියෙන්නේ අපේ අපනයන ආදායම අඩුවීම. මෙහෙම තියෙද්දී කුරහන් තලප ගිල්ලා කියලා, ගිරුවාපත්තුවෙන් ආවා කියලා ළමයි ඉම්බා කියලා ඒ අය රටේ නායකයෝ වෙන්නේ නැහැ.

මහින්ද ධුරයේ ඉන්න කාලේ ඉන්දියාවේ හින්දු පුවත්පතට සාකච්ඡාවක් දෙනවා රා ඕ කියන මනුස්සයාට හම්බන්තොට වරාය හදන්න චීනයට දුන්නේ ඇයි කියලා. මොකද ඉන්දියාව චීනයත් එක්ක තරහයි. ඒ නිසා එතකොට මහින්ද කියනවා ඇයි මම මත්තල හදන්න ඉන්දියාවට දුන්නනේ කියලා. එතකොට ආයෙත් අහනවා හම්බන්තොටට දුම්රිය මාර්ගය හදන්න චීනයට දුන්නනේ කියලා. එතකොට මහින්ද කියනවා  ඕමත්තේ ඉඳලා කන්කසන්තුරේට යනකම් රේල් පාර හදන්න ඉන්දියාවට දුන්නේ කියලා එතකොට රා ඕ අහනවා නොරොච්චෝලේ හදන්න චීනයට දුන්නා නේද කියලා මහින්ද කියනවා සාම්පූර් හදන්න ඉන්දියාවට දුන්නේ කියලා.

 ඕං පේනවා නේද මහින්දගේ විදේශ ප‍්‍රතිපත්තිය මොකක්ද කියලා. හම්බන්තොට වරාය චීනයට වික්ක එකට ඉන්දියාව තරහයි. ඒ හරහා ඉන්දියා ත‍්‍රිකුණාමල වරාය ගන්න කේවල් කරන්න යනවා. ඒකනේ ෆිල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා කිව්වේ ත‍්‍රිකුණාමල වරාය ඉන්දියාවට දෙන්න කැබිනට් එක තීරණය කරලා කියලා. එහෙම කියපු එකට සරත් ෆොන්සේකාට ස්තුති කරන්න  ඕන.

ත‍්‍රිකුණාමලය තෙල් ටැංකි ටික විකුණන්න යනවා. මුතුරාජවෙල තියන තෙල් ටැංකි ටිකේ ගබඩා කරන්න පුළුවන් වන්නේ තෙල් මෙටි‍්‍රක්ටොන් ලක්‍ෂ 2 1/2යි. ඒ වගේ හතර ගුණයක් තෙල් ත‍්‍රිකුණාමලය තෙල් ටැංකිවල තෙල් ගබඩා කරන්න පුළුවන්. ත‍්‍රිකුණාමලයෙන් තෙල් යාපනයට, පොලොන්නරුවට, මඩකළපුවට, මුලතිව්වලට බෙදාහැරියොත් කෝටි 100ක ප‍්‍රවාහන වියදම අඩු කරගන්න පුළුවන් යැයි කීය.

මෙම අවස්ථාවට සහභාගි වූ ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කමිටු සාමාජික රාමලිංගම් චන්ද්‍රසේකරන් මහතා අදහස් දැක් වූ අතර දිරිය පුරවැසි කමිටු සභාපති සී.කේ. කුලරත්න මහතා පිළිගැනීමේ කතාව කළේය.



අදහස් (3)

ඉංග‍්‍රීසියෙන් හිඟා කා ණය ගෙනා නායකයෝම ණය උගුල නිසා රට දියුණු කරන්න බෑ කියනවා

chamara Wednesday, 06 September 2017 11:03 AM

කරන හැම දේටම විරුද්ධ වෙනවට වඩා ජවිපයට පුළුවන් නම් මේවාට උත්තර තියෙන ප්‍රතිපත්ති ප්‍රකාශනයක් හදලා පෙන්නන්න. එ්කේ සුපිරි සමාජවාදී කතා විතරක් මදි සංඛ්‍යාත්මක දත්ත වලින් කරන්න පුළුවන් බව පෙන්නන්නත් ඕනෑ.

:       3       1

ධම්මWednesday, 06 September 2017 04:47 PM

"කරන හැම දේටම ජවිපෙ විරුද්ධ වෙනව" කියන මන්තරය තවදුරටත් මතුරන එක අසාධාරණයි චාමර. මේවාට උත්තර තියෙන ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ජවිපෙට තියෙනවා. අප එය හොයා බලන්නේ නැතිව කියන්නන් වාලේ ඔහේ කියවන එක හොඳ නැහැ.

:       0       57

raveendraThursday, 07 September 2017 05:07 PM

චාමර මයා වෙත, ඔබගේ අදහස්වලට අපි ගරු කරන්නෙමු.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 826 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 953 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 388 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site