IMG-LOGO

2025 මාර්තු මස 22 වන සෙනසුරාදා


අපි ඕනෑම දවසක ඡන්දෙකට සූදානම්

ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී  
සුනිල් හඳුන්නෙත්ති

කෝප් කමිටු සභාපති ලෙස යළිත් වරක් පත්වුණු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති සමඟ කළ සාකච්ඡාවකි මේ.  


 ආපහු කෝප් කමිටු සභාපතිකම හම්බ වුණා. ඊළඟ වටේ වැඩ ඇල්ලුව ද?  


කෝප් කමිටුව යළි පිහිටෙව්වා. ඒත් ඒක තාවකාලිකයි. පාර්ලිමේන්තුව විසුරුවන්න තියෙන කට මුල ලොකු වැඩ ටිකක් කරන්න වෙලාවක් නෑ. මාර්තු පළවෙනිද‌ා විසුරුවනවා කියල හිතුවත් අපිට තව රැස්වෙන්න පුළුවන් කමිටු වාර තුනයි. කොහොම වුණත් කාරක සභාව සියලු දෙනාගේ කැමැත්තෙන් නැවත වරක් මාව සභාපති විදියට පත්කර ගත්තා. එද‌ාම අපි යම් යම් එකඟතා ප්‍රමාණයකට ආවා. මොකද අපි කාරක සභාවෙ රැකගත්ත යම් සම්ප්‍රද‌ායන් ප්‍රමාණයක් තියෙනවා. විශේෂයෙන්ම කාරක සභාවෙ සාමාජිකයෙක් විෂය භාර ඇමැතිවරයා විදියට කෝප් කමිටුවේ තමන්ගේ අමාත්‍යාංශයට අද‌ාළ කාරණාවක් විභාගයට ගනිද්දී ඔහු ඊට සහභාගි නොවිය යුතුයි කියලා එකඟතාවයක් තියෙනවා. මීට කලිනුත් ඒ වගේ අවස්ථාවල කෝප් කමිටුවෙ නියෝජනය කළ දයාසිරි ජයසේකර, අශෝක් අබේසිංහ වගේ අය ඔවුන් ඇමැතිකම් දරපු ක්‍රීඩා අමාත්‍යාංශය, ප්‍රවාහන අමාත්‍යාංශය වගේ ඒවයි ප්‍රශ්න කෝප් එකේ කතා කරද්දී ඉවත්වෙලා හිටියා. ඒක ඉදිරියටත් රකින්න ඕනෑ. එහෙම නැත්තං ඒ නිලධාරීන් ඇමැතිවරයා ඉදිරියේ ඇමැතිව ආරක්ෂා කරන්න උත්සාහ ගන්න පුළුවන්. එ්ක පරීක්ෂණවලට බාධාවක්.  


 පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කරද්දී අපි කැඳවපු ආයතන කීපයක් තිබුණා. ඒවා දැන් ඉතා ඉක්මනින් කැඳවන්න පුළුවන්. විදේශ සේවා නියුක්ත කාර්යාංශය, ලොතරැයි මණ්ඩලය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වගේ ඒවා ඊට ඇතුළත්. දැන් ඒ අයට නැවත දැනුවත් කිරීම් අවශ්‍ය නෑ. ඒ වගේම විශේෂ ගැටලුවක් වෙච්ච වෝහාරික විගණන වාර්තාවත් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ එයාර් බස් මිලදී ගැනීම සම්බන්ධව ඇතිවෙලා තියෙන හෙළිදරව් වීමත් ගැන හොයන්න කටයුතු කරනවා. 19 වැනිදාට අපි ශ්‍රී ලංකන් ගුවන් සමාගම කෝප් එකට කැඳවනවා. වැඩ ඇල්ලුව කියන්නේ ඔය ටික තමයි.  


 එයාර් බස් ගනුදෙනුව තමයි මේ දවස්වල කරළියේ ‘හිට්’ එක. මොකක්ද මෙතන වෙලා තියෙන්නේ ඇත්තටම?  


දේශපාලන වශයෙන් අපි හැමද‌ාම කියපු කතාවක් තියෙනවානේ. ‘උනුත් හොරු - මුනුත් හොරු’ කියලා. ඒක තහවුරු වෙන තවත් අවස්ථාවක් තමයි මේ එයාර් බස් ගනුදෙනුව. මේ එයාර්බස් මිලදී ගැනීම ගැන පුළුල් සක්‍යතා අධ්‍යයනයක් කරලා නෑ. ඒ වගේම මේක කැබිනට් මණ්ඩලය අනුමත කරපු යෝජනාවක් නෙවෙයි. මේක හිටපු කථානායක චමල් රාජපක්ෂ මහත්තයාගේ කාලේ නිල නිවසේදී සාකච්ඡා කරපු ගනුදෙනුවක්. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සැසිවාරයක් කථානායක නිල නිවසේ පවත්වපු අවස්ථාවක්. මේ මිලදී ගැනීමේ කටයුතු කරන්න බාරදෙනවා හතර දෙනෙකුට. ඒත් ඇත්තටම ඒ කමිටුවෙන් වැඩ කරන්නෙ දෙන්නයි. එයින් එක්කෙනෙක් තමයි කපිල චන්ද්‍රසේන. මේක මම පාර්ලිමේන්තුවේදී හෙළිදරව් කළේ 2019 මුල. එද‌ා මේ අල්ලස් ගැනීම ගැන අපි කරුණු දැනගෙන හිටියෙ නැති වුණත් මේ ගනුදෙනුව අවිධිමත් සැක සහිත එකක් කියන එක මම එද‌ා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. මේ ගැන විගණාකාධිපතිවරයා විසින් වාර්තාවක් හැදුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කෝප් කමිටුව හරහා. ඒකෙදි තමයි සඳහන් වුණේ මේ සැසිවාරයක් කතානායක නිල නිවසේ පැවැත්වූවා කියලා. ඒක සැක සහිතයි කියලා ඒ වාර්තාවෙ සඳහන් වෙනවා. මේ ගැන මම පාර්ලිමේන්තුවෙ ප්‍රශ්න කළාම චමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා කිව්වා ඒවා ඔප්පු කළොත් මන්ත්‍රීකමෙන් ඉල්ලා අස්වෙනවා කියලා. මම ඒවා ඉදිරිපත් කළා. එතුමා ඉල්ලා අස්වුණේ නෑ. එතුමට පහුගිය දවසෙ ඒක පිළිගන්න සිද්ධ වුණා. මෙහෙම ගනුදෙනු කරන්න පුළුවන් ද? මේක ගමේ සිල්ලර කඩෙන් හාල් තුනපහ ගන්නවා වගේ වැඩක් නෙවෙයි. මේ ගිවිසුමේ ගිවිසුම අවසන් කිරීම පිළිබඳ වගන්තිවත් සඳහන් වෙන්නෙ නෑ. ඒක තමයි පුදුමෙට කාරණය. දෙපාර්ශ්වයක් ගිවිසුමකට එළඹෙද්දි සඳහන් කරනව ගිවසුමක් අවලංගු වීමේ කොන්දේසි. මේකෙ ඒවා නෑ. මේ නිසා තමයි යූඑන්පී ආණ්ඩුවෙ අයට මේ සම්බන්ධව ඩීල් ද‌ාන්න පුළුවන් වුණේ. එයාල ගිවිසුම අවසන් කිරීමටත් ගාණක් ගන්න උත්සාහ කළා. එතකොට මේකෙ අත්පත් කරගැනීමෙනුත් හොරා කන්න හදලා අවසන් කිරීමෙනුත් හොරා කන්න හදලා. ඒකයි මේකෙදි උනුත් හොරු, මුනුත් හොරු කියලා කියන්නෙ. මේක දෙගොල්ලගෙම රෙදි ගැලවෙන ගනුදෙනුවක්. බැඳුම්කර ගනුදෙනුව වගේම මේ දෙගොල්ලොම මේ එයාර් බස් ගනුදෙනුවත් හංගනවා.  


 බැඳුම්කර සිදුවීම්වලට අද‌ාළ වෝහාරික වාර්තාවෙ අලුත්ම තත්ත්වය මොකක් ද?  


 දැන් තියෙන අලුත්ම තත්ත්වය තමයි දෙගොල්ලොම එකතු වෙලා මේක යටගහන්න හදන එක. ඒක තමයි ඇත්ත තත්ත්වය. පොදුජන පෙරමුණේ අය කියනවා මේක ඒගොල්ලො අමාරුවෙ ද‌ාන්න හදපු එකක් කියලා දැන්. අපි කියන්නේ එහෙම නම් ඒකත් අධිකරණයට ගෙනල්ලා හොයලා බලන්න කියලා. එතකොට ඔප්පු වෙයිනෙ ඇත්ත නැත්ත. වෝහාරික විගණනයේ තේරුමම තමයි අධිකරණයට ඉදිරිපත් කිරීමට කරන විගණනයක් කියන එක. ඉතිං මේක අධිකරණයට ඉදිරිපත් කරලා මේ අයට අවශ්‍ය නම් නිදොස් වෙන්න පුළුවන්නේ. මෙහෙම කියන එකෙන් ඒ අය අර්ජුන මහේන්ද්‍රන් රනිල් වික්‍රමසිංහලත් ආරක්ෂා කරනවා. මොකද මේකෙ එක වාර්තාවක් එහෙම පිටින්ම තියෙන්නේ අර්ජුන මහේන්ද්‍රන්, රනිල් වික්‍රමසිංහලාගෙ අනුග්‍රහයෙන් සිද්ධ කරපු ගනුදෙනු ගැන. මේකත් යට යනවනේ මේකෙන්. ඒක තමයි අපි කියන්නේ දෙගොල්ලන්ට දෙගොල්ලො මෙතනදී ආරක්ෂා කරගැනීමේ වැඩක් සිද්ධ වෙනවා. මහින්ද රාජපක්ෂ පසුගිය ඡන්දෙදි පතුරු ගහපු සටන් පාඨයනේ මහ බැංකු හොරු අල්ලනවා කියන එක. දැන් මේ මොකක්ද කරන්නේ?  


 මහින්ද රාජපක්ෂ අගමැතිගෙ ඉන්දියා සංචාරයේදී ණය පිළිබඳ සිදුකෙරුනු කතාබහ සමාජයේ සාකච්ඡාවට ලක්වෙනවා. ඔබේ අදහස මොකක් ද?  


ඒක ඉතාම බරපතළ ප්‍රකාශයක්. රාජතාන්ත්‍රික වශයෙන් ඉතා දුබල, නොකළ යුතු තරමේ ප්‍රකාශයක් හැටියට මම දකිනවා. මොකද ඒ ප්‍රකාශය විසින් අපේ රට ඉදිරියේදී දැවැන්ත ආර්ථික අර්බුදයකට පාර කපනවා. එවැනි ණය කපා හැරීමක් කියපු ගමන්ම ඊළඟට එන ප්‍රශ්නෙ තමයි ණය දීපු අනෙකුත් ආයතන සහ රටවල් ලංකාව සලකන්නේ තවදුරටත් ණය නොදිය යුතු මට්ටමේ රටක් කියලා. ණය ගෙවිය නොහැකි මට්ටමේ රටක් කියලා. ඒ ප්‍රකාශයේ පදනම ඒක. ඊළඟට ඒ ආයතන සහ රටවල් බලපෑම් කරනවා ඒ අය දීපු ණය ඉතා ඉක්මනින් ගෙවන්න කියලා. ඒ වගේම අපිට නැවත ණය ගන්නත් සිද්ධවෙනවා. අන්න එතකොට සහන සහිතව, අඩු කොන්දේසි යටතේ ලිහිල් ප්‍රතිපත්තිවලට නෙවෙයි අපිට ණය හම්බ වෙන්නේ. ණය දෙන රටවල් ලංකාව ණය නොගෙවිය හැකි රටක් විදියට ‘ඩවුන් රේටින්’ කරල සලකනවා. දැන් අපිට මහින්ද රාජපක්ෂ අගමැතිතුමාගෙන් අහන්න සිද්ධ වෙනවා ‘දැන් සැපද’ කියලා. රටක් විදිහට අපි අසමත් කියන එක තමයි වෙන වචනවලින් මහින්ද රාජපක්ෂ ඉන්දියාවට ගිහින් කිව්වේ. මේක ගමේ ගොඩේ මනුස්සයෙක් කඩපිලේ කියපු කතාවක් නෙවෙයිනේ.  


 ආණ්ඩුව උද්ඝෝෂකයන්ට ඒ සඳහා වෙනම තැනකුත් හදලා දුන්න. ඔබලට දැන් එහෙ මෙහේ දුවන්න ඕනෑ නෑ.  


එහෙම තැනක් තිබුණට කමක් නෑ. ඒත් ඒකෙන් අනිත් තැන්වල උද්ඝෝෂණය කිරීම නැති කරන්න බෑ. උද්ඝෝෂණය කරන්න වෙනම තැන් හදනවට වඩා හොඳයි උද්ඝෝෂණය නැති රටක් හැදුව නම්. මේ ආණ්ඩුවට කරන්න පුළුවන් දේ තමයි ඉතිං ඔය කරලා තියෙන්නේ. මේක තමයි මේ ආණ්ඩුවෙ නොහැකියාව. ඉන්දියාවෙ ගිහින් කියපු කතාවෙ අනික තමයි මේ. ආණ්ඩුවෙ නොහැකියාව ප්‍රදර්ශනය කරමින් යනවා. උද්ඝෝෂණය කරන්න වෙනම තැනක් හදනවා කියන්නේ රටේ ප්‍රශ්න විසඳන්න තමන්ට බෑ කියන එක වගේම එහෙම විසඳන්න ඕනෑකමකුත් නෑ කියන එකනේ. බැරිකම කියන එක ක්‍රමයක් තමයි මේ. දැන් අනුරාධපුරේ ගොවියො පෝර ටික ඉල්ලලා වරෙන්කො ගෝල්ෆේස්. මොන මෝඩ වැඩක් ද මේ යෝජනා කරන්නේ ආණ්ඩුව? අපි දැක්කා මෙතෙන්ට උද්ඝෝෂණයක් බලන්න ජනාධිපතිතුමා ඇවිත් තිබුණා. ජනාධිපතිතුමා පිටත් වෙද්දී අර උද්ඝෝෂණය කර කර ඉඳපු අය මෙන්න ජනාධිපතිතුමාට ජයවේවා කියලා කෑ ගහනවා. දැන් මේ අයට තියෙන්නේ මෑන් පවර් එකකින් උද්ඝෝෂණය කරන්න කට්ටියකුයි ජනාධිපති මීඩියා යුනිට් එකේ කැමරාකරුවො ටිකයි රෙඩි පිට තියලා සැරින් සැරේ ඔය වගේ සංදර්ශන කරන්න.  


 මහ ඡන්දය කවද්ද කියල කාටත් දැන් අලුත් උනන්දුවක් ඇතිවෙලා.  


පාර්ලිමේන්තුව ඉතා ඉක්මනින් මේ මාසෙ විසුරුවයි කියලා හිතන්න බෑ. මේ පාර්ලිමේන්තුව ව්‍යවස්ථානකූලව සැප්තැම්බර් වෙනකම් වලංගුයි. මාර්තු පළවෙනිද‌ා විසුරුවනවා කියන එක හිතන්න බෑ. එද‌ාට ජනාධිපතිට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය එනවා. එද‌ාට පස්සෙ ඔහුට පුළුවන් විසුරුවන්න. මේක සැප්තැම්බර් වෙනකම් යන එකක් නෑ. එහෙම යන්නත් බෑ. දැන් පාර්ලිමේන්තුවට මුදල් පනත් ගේන්න බෑනේ. දැන් ශෝක යෝජනා විතරයි ගේන්න පුළුවන්. මේ තියෙන්නේ ශෝක​ යෝජනා පාර්ලිමේන්තුවක්. අපි එකඟයි පුළුවන් ඉක්මනට පාර්ලිමේන්තු මැතිවරණයකට යන එකට. අලුත් පාර්ලිමේන්තුවක් හද‌ා ගැනීමේ වගකීම රටේ ජනතාවට තියෙනවා. අපි ඕනෑම දවසක ඡන්දෙට සූද‌ානම්. අපි දැනටත් වැඩ පටන් අරගෙන තියෙන්නේ. මාලිමාව ලකුණින් අපි මේ සැරෙත් ඉදිරිපත් වෙනවා.  


 හඳුන්නෙත්තිලා කන බොන අඳින පලඳින හැටි ගැන ආපහු සමහරුන්ට ප්‍රශ්න ඇතිවෙලා.  


මටත් හිතාගන්න බෑ ඇයි මේ හදිසියෙන් ඔය ප්‍රශ්නෙ ආපහු ඇතිවුණේ කියලා. අවුරුදු ගණනකට කලින් ටෙලිවිෂන් චැනල් එකකින් අහපු ප්‍රශ්නෙකට මම දීපු උත්තරයක් අල්ලගෙන දැන් මේ කතාව ආපහු උඩට ඇවිල්ලා. මේක කාගෙ උවමනාවට සිද්ධවෙන වැඩක් ද කියලා හිතාගන්න බෑ. අපේ පක්ෂෙ පූර්ණකාලීන සාමාජිකයන්ගේ ජීවන විලාසය දන්න අය දන්නවා. ඒක නොදන්න අය තමයි මේ පුදුමවෙලා දඟලන්නේ. මේ ගැන සමාජ සංවාදයක් ඇතිවෙන එකක් හොඳයි එක අතකට. මේක උපහාසයට ලක් කරන අයට හිතාගන්නවත් බෑ අපේ ජීවන විලාසයන් ගැන. ඒකයි වෙලා තියෙන්නේ. අපි ජීවත්වෙන හැටි හංගන්න දෙයක් නැති නිසා තමයි අපි ඕනෑ කෙනෙක් මේ දේ ප්‍රසිද්ධියෙ කියන්නේ. ඩේසි ආච්චිගෙ මැණික් මල්ල මැජික් එකක් නොවුණු අය මට යාළුවෙක් කමිසයක් අරන් දෙන එක ප්‍රශ්න කරන එක තමයි විහිළුව.

 

ප්‍රියන්ත කොඩිප්පිලි   



අදහස් (0)

අපි ඕනෑම දවසක ඡන්දෙකට සූදානම්

ඔබේ අදහස් එවන්න

 

දේශපාලන

ආණ්ඩු මට්ටු කළ ආහාර තහනම
2025 මාර්තු මස 12 434 0

යම් යම් යුගවල ඇතිවුණු ආහාර හිඟය නිසා නොයෙක් අණපනත් පනවා ආහාර පාරිභෝජනය ප්‍රවාහනය සහ සංග්‍රහයට සීමා නීති පැන වූ අවස්ථා රැසක් මෙරට දේශපාලනයෙහි විය.


මහත්මා ගාන්ධිගේ යාපනය සංචාරය
2025 මාර්තු මස 12 238 0

1920 දශකයේ මැද භාගයේ බිහිවූ , ආරම්භයේ දී යාපන ශිෂ්‍ය කොංග්‍රසය නමින් හැඳින්වූ “යාපන තරුණ කොංග්‍රසය” එම යුගයේ බිහිවූ දේශපාලන සංවිධාන අතුරින් ඉතාමත් දියුණ


කටට බ්‍රේක් නැති දේශපාලකයෝ
2025 මාර්තු මස 12 315 0

රෝහිණී කවිරත්න නමැත්තියක රෝහිණී ළමාරත්න ලෙස නම වෙනස් කිරීමේ කතාවක් මුල් කර ගෙන ජාතික ජන බලවේග රජයේ නියෝජ්‍ය ඇමැතිවරයකු කළ කතාවක් ඉකුත් දිනවල දේශපාලන


ගැහැනිය සවිබල ගන්වන ජාත්‍යන්තර කාන්තා දිනය
2025 මාර්තු මස 12 70 0

කාන්තාව යනු පෘථිවි ලෝකය නමැති නෞකාව පදවන නැව් පතිනිය යි. ඇය විටෙක ආදරයෙන් පිපෙයි, ආදරයෙන් සුවඳවත් වෙයි, ආදරයෙන් පැහැගැන්වෙයි, අවසානයේ ආදරේ නාමයෙන්ම පර


වී අලෙවි මණ්ඩලය ගොඩගත හැකිද?
2025 මාර්තු මස 10 50 0

මෙරට සහල් සහ පොල් ප්‍රශ්නය ජාතික ප්‍රශ්නයක් ලෙස මතු වන්නේ එම ද්‍රව්‍ය දෙකම හිඟ වූ විටය. සහල් හිඟය හේතුවෙන් වත්මන් රජයට විවිධ අපවාද එල්ල වූ අතර, ජනාධිපති


මැති ඇමති ආරක්ෂාව
2025 මාර්තු මස 10 71 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විවිධ ජනහමු අතරතුර ජනතාව අතරට යාම ඔහුගේ ආරක්ෂාවට තර්ජනයක් බවට බුද්ධි අංශ හඳුනාගෙන ඇතැයි මේ වනවිට පුවත් පළ වී තිබේ. ඒ


මේවාටත් කැමතිවනු ඇති

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 46 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 491 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 1094 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

Our Group Site