IMG-LOGO

2023 දෙසැම්බර් මස 04 වන සඳුදා


අනාගතයේදී අපේ රට බලවතුන්ගේ යුද මධ්‍යස්ථානයක් වේද කියා බියක් තිබෙනවා

(උණවටුන ඩී.ජී. සුගතපාල, අහංගම සුමතිපාල දියගහගේ)

අනාගතයේ දී අපේ රට ලෝක බලවතුන්ගේ යුද මධ්‍යස්ථානයක් බවට පත්වේද කියා  සැකයක් හා බියක් තියෙනවා.  යැයි හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පෙරේදා (02) රත්ගම දී පැවසීය.


ඔහු මේ බව කියා සිටියේ රත්ගම, මලවැස්සාගොඩ මහා මණ්ඩලාරාම පුරාණ විහාරයේ සාංචි තොරණ විවෘත කිරීම  බුදු පිළිමය නිරාවරණය කිරීම සහ නව ධාතු මන්දිරයට මුල්ගල් තැබීමේ උත්සවය නිමිත්තෙන් පැවති උත්සවයේ දී ය.  

 ඒ මහතා වැඩි දුරටත් මෙසේද පැවසීය.

“හම්බන්තොට වරාය ඉන්දියන් සාගරයේ වටිනාම  වරායක්. මධ්‍යස්ථානයක්. දැන් ජාත්‍යන්තරව තියෙන සීතල යුද්ධය ලංකාවේ මූලස්ථානය බවට පත්වේද කියලා අපට සැකයක් තියෙනවා. මේවා ගැන කවුරුවත් කථා කරන්නේ නැහැ. නිහඬවෙලා ඉන්නවා. හම්බන්තොට වරාය හම්බන්තොට දරුවන්ට පමණක් නෙවෙයි. මුළු රටේම දරුවන්ට අයිති සම්පතක්. වරාය, ගුවන්තොටුපොළ, අධිවේගි මාර්ගය දායාදයක්. හම්බන්තොට වරායට කීවා පිහිනුම් තටාකයක් කියලා. දැන් ඒක කෝටි ගණනකට විකුණනවා. මත්තල වී ගබඩා කළා. දැන් ඉන්දියාව හා ලෝකයේ රටවල් දඟලනවා මත්තල ගුවන් තොටුපොළ ගන්න. ගුවන්තොටුපොළ වී ගබඩා කළා. වී ගබඩාවක් බවට පත් කරලා බාල්දු කළා.

සැප්තැම්බර් 02 වැනිදා තමයි ශ්‍රි.ල.නි.පක්ෂය ගොඩනැගුණේ. බණ්ඩාරනායක මහත්තයා එක්ක ශ්‍රි.ල.නි.පක්ෂය ගොඩ නගන්න දකුණේ ඩී.ඒ. රාජපක්ෂ මහත්තයා එදාම ගියා. හබරාදුවේ ගුණසේකර මහත්තයාත් පසුව එක්වුණා. එහෙම හදපු ශ්‍රි.ල.නි පක්ෂයට අපිව අද එපා වෙලා. මට සම්මේලනයක් තියෙනවා කියලා 31 වැනිදා රාත්‍රී මට ආරාධනා කරලා තියෙනවා. මොහාන් මන්ත්‍රීතුමාට  ආරාධනාව හමුවෙලා තියෙන්නේ අද උදේ. අද උදේ එවනවා හෙට එන්න කියලා. අපට වැඩ නැති මිනිස්සු නේ. හදිසියේ ලියුමක් මතක්වෙලා එවනවා.

 ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ ස්වර්ණමය යුගය මා සභාපතිවරයාව සිටි යුගය කියලා කියන්න පුළුවන්.  ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු 56යි හිටියේ චන්ද්‍රිකා මට පක්ෂය  භාරදෙන විට. මා  අපේ පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සංඛ්‍යාව  127ක් දක්වා වැඩි කළා. පළාත් සභා සියල්ල  පාලනය කළේ අපේ පක්ෂය. පළාත් පාලන ආයතන සියයට 90ක් විතර පාලන බලය ලැබිලා තිබුණේ අපේ පක්ෂයට. එක තමයි ශ්‍රි.ල.නි.පක්ෂයේ  ශක්තිමත් යුගය. ඒ යුගය අද අමතක වෙලා.

අපට නොමිනේෂන් දෙන්නේ නැහැ කියනවා. එහෙම වූ විට අපටත් සිදුවෙනවා ජනතාවත් එක්ක දේශපාලනය කරන්න. ජනතාව අපිත් එක්ක ඉන්නකම් එක අපට ප්‍රශ්නයක් නෙවෙයි. මේ නිසා  වෙනත් දේශපාලන අලුත් දේශපාලන පක්ෂ බිහිවෙනවා. ශ්‍රීලංකා පොදු පෙරමුණ බිහිවෙලා තියෙනවා. පොදු පෙරමුණක් ගොඩනගන්න අපි කටයුතු කරමින් යනවා. එදත් අපි ඡන්ද ඉල්ලුවේ පොදු පෙරමුණෙන්.  අනාගතයේදිත් එකාබද්ධ විපක්ෂය  පොදු පෙරමුණ බොහොම පැහැදිලි ලෙස ශ්‍රි.ල.නි.පක්ෂය  එජාපයත් එක්ක ඉන්න තුරු මේ තත්ත්වය දිගින් දිගටම පවතිනවා කියන එක කියන්න ඕන. එක අපට ප්‍රශ්නයක් නෙවෙයි.

දෙදහස් පහේ සිට අපි හිටපු කාලය තුළ විහාරස්ථාන ගොඩ නගන්න උදවු කළා. අපි තරම් ආධාර කරපු යුගයක් තිබුණේ නැහැ. යුද්ධය පැවැති කාලයේදි හාමුදුරුවරු පිරිත් ගෙවල්වලට වඩින්න බයවුණා. අපි එවායින් බැට කැවා. යුද්ධයෙදී වැඩිම ආබාධිත රණවිරුවන් ඉන්නේ ගාල්ල දිස්ත්‍රික්කයේ රත්ගම ආසනයේ. ඔවුන් සටන් කළේ තමන්ගේ දේපළ ආරක්ෂාකර ගන්න නෙවෙයි. රට ත්‍රස්තවාදීන්ගෙන් මුදවාගන්න ඒකියභාවය නිදහස ආරක්ෂාකරගන්න. එහෙම තමන්ගේ ජීවිත පූජා කළ රණවිරුවන්ට තමයි එළවා එළවා පහර දෙන්නේ. වතුරවලින් හා බැටන් ප්‍රහාර වලින් රණවිරුවන්ට පහරදුන්නා. එදා ඇහැක් තුවාල කළා.

 සමහරු මහ ආඩම්බරයෙන් කියනවා අධිකරණයකදි මේ ගැන ඇසුවොත් මම ඇවිත් ඔක්කොම කියනවා කියලා.  බලන්න මොන තරම් නින්දිත ප්‍රකාශයක්ද කියලා. මේ විදියට පවා දෙන්න බැහැ හමුදා නායකයකුට. එහෙම කරන්න බැහැ. ලෝකයේ කොහේවත් එහෙම කරන්නේ නැහැ. එවැනි සමාජයක් තුළ තමයි අපි ඉන්නේ. රජයක් හා නායකයන් විසින් දිය යුතු ආදර්ශයක් තියෙනවා රටේ ජනතාවට දරුවන් ඒ දිහා බලාගෙන ඉන්නවා. කොල්ලකනවා වගේ මහ බැංකුව කොල්ල කෑවා.

 බස් එකේදී පික්පොකට් ගහන පික්පොකට් කාරයා අන්න හොරා කියලා කෑගහනවා. ඒ වගේ තමයි මේ ආණ්ඩුවත් අන්න හොරා අන්න හොරා කියමින් මේ අය හොරකම් කරනවා. මහ බැංකුවේ කොල්ලය දැන් එළියට ඇවිත් තියෙනවා. එකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු මේ ගැන ලොකු සටනක් කළා. විපක්ෂයේ මන්ත්‍රීවරු එකතුවුණා එහි එක ප්‍රතිඵලය තමයි කොමිසම. දැන් කොමිසමෙන් කරුණු හෙළිදරව් වෙනවා. ඇමැතිවරයකු ඉල්ලා අස්වෙනවා. ඇමැතිවරයකු හොරකම් කරලා ඉල්ලා අස්වුණා කියුවිට. එක නේ වුණේ. එතුමා ගැන මම කියන්න යන්නේ නැහැ. දෙවියන් කෝපවූ විට දේවියන්ගේ හාල් කැවුණු විට  වෙන වගේ වැඩක් තමයි මේ ආණ්ඩුවට වෙලා තියෙන්නේ. ඇමැතිවරු බැණ ගන්නවා. ඒ ඇමැති මේ ඇමැතිට බණිනවා. විශ්වාසභංග යෝජනාවක් ගේන බව කියනවා. හොරා කියනවා  නැව් ගිල්ල කියනවා. ආණ්ඩුව ඇතුළේ ගහ ගන්නවා.

අපේ ආණ්ඩුවට හොරු කියලා කිව්වට අපේ ආණ්ඩුවේ හොරු ටික තමයි දැන් ඒ පැත්තට ගිහින්  ඉන්නේ. එයාලා අපේ පැත්තේ ඉන්නකම් මුන් ඔක්කොම හොරු කියලා කීවා. දැන් ඒ පැත්තට ගිහින්  ඒකාබද්ධයට හොරු බව කියනවා. මේක තමයි  දේශපාලනයේ කැත. අපට බලය දෙන්නේ ජනතාවට යමක් කරන්න. මා කල්පනා කරන්නේ මම රටට යමක් කළාද කියලා. ඒ තුළින් තමයි දේශපාලනඥයින් තෘප්තිමත් වෙන්නේ.  අපට කියන්න පුළුවන් වසර 30 තිබූ යුද්ධය අවසන් කළා කියලා. ඒක අපට සතුටක්. ඒ සතුට ලබාගන්නේ අපි කරන සේවය අනුව. යුද්ධය අවසන් කිරිමෙන් අපි මහත් සේවයක් කළා කියලා හිතනවා.

අද මළකඳන් එන්නේ නැහැ. ජනතාවට බියෙන් සැකයෙන් තොරව ජනතාවට ගමන් බිමන් යන්න පුළුවන්. ඒ තත්ත්වයට රට පත් කළා. රට සංවර්ධන කළා. සියයට 98කට විදුලිය ලබාදීලා තියෙනවා. ජලය ලබාදුන්නා. රෝහල් ටික අලුතින් ඉදිකළා. පොලිස් ගොඩනැගිලි ඉදිවුණා. පාසල් ටික ගොඩනැගුවා. අලුත් විෂය ධාරාවක් හැදුවා. මහින්දෝදය විද්‍යාගාර ඉදිකළා. වසර දෙකහමාරක් ගියත් තවම මේ ආණ්ඩුවට බැරිවෙලා තියෙනවා ඒක විවෘත කරගන්න. අපේ ආණ්ඩුව වසරක් තුළ විද්‍යාගාර දහසක් හදනකොට මේ අයට අවුරුදු දෙකහමාරක් ගිහින් තවම බැරිවුණා මේ ටික  විවෘත කරගන්න.

 රාජ්‍ය ඇමතිවරයෙක් මා දැක්කා රූපවාහිනි වැඩසටහනක දී කියනවා අපි අනුන්ගේ ෆයිල් හොය හොයා යනවා මිසක් වැඩක් කරන්නේ නැහැ, මට නම් එපා වෙලා තියෙන්නේ කියලා. එහෙම කියලා අඬනවා. කවුරුහරි ගිහින්  සනසන්න එයා කියනවා අරූට හොරා කියනවා මිනීමරුව කියනවා  අපි වැඩක් කරන්නේ නැහැ කියලා කියනවා. එයා හඬ හඬා ඇත්ත කීවේ. ඒ අයගේ හදවතට දැනෙනවා අපි කරන්නේ බොරුවක් කියලා. මේ කට්ටිය කුළල් කාගෙන රටට සේවයක් කරන්නේ කොහොමද? දැන් ණය බර ගැන කථා කරනවා. අපි රට භාරගන්න විට මීට වඩා ණය බර තිබුණා. අපි ණය නොගෙව හිටියාද? හැම ආණ්ඩුවක්ම පසුගිය ආණ්ඩුවේ ණය ගෙවන්න ඕන. ඩඞ්ලිගේ කාලයේ ගත්තු ණය විතරක් නොවෙයි මහවැලිය හදන්න ගත්තු ණය පවා අපි ගෙව්වා. අපි හඬ හඬා හිටියේ නැහැ. අපි ගත්තු ණය අපට ගෙවන්න පුළුවන් කියලා අපි දන්නවා.

නමුත් මේ අය සංවර්ධනය නැවැත්තුවා. අපි ගත්තු ණය පාරේ ගියවිට පේනවා නේ. පාරවල් කාපට් කළා. වරායවල් හැදුවා.

මේ රට බලවතුන්ගේ යුද මධ්‍යස්ථානයක් බවට පත්වේද කියලා අපට සැකයක් තියෙනවා. අනාගතයේ දී  බයක් තියෙනවා. ඉන්දියන් සාගරයේ මේක වටිනාම වරායක් මධ්‍යස්ථානයක්. දැන් ජාත්‍යන්තරව තියෙන සීතල යුද්ධය ලංකාවේ මූලස්ථානය බවට පත්වේද කියලා සැකයක් තියෙනවා.  මේවා ගැන කවුරුවත් කථා කරන්නේ නැහැ. නිහඬවෙලා ඉන්නවා. හම්බන්තොට වරාය හම්බන්තොට දරුවන්ට පමණක් නොවෙයි මුළු රටේම දරුවන්ට අයිති සම්පතක්. වරාය ගුවන්තොටුපොළ අධිවේගි මාර්ගය දායාදයක්. අද හාමුදුරුවෝ කීවා කොළඹ ගිහින් අවශ්‍ය වැඩ ටික කරගෙන දවල්ට දානයට පන්සලට වඩින්න පුළුවන් කියලා. ඒක තමයි ඇත්ත. රටක් දියුණු කරන්න ඕන. ජාතියක් දියුණු වෙන්න ඕන.

 වෛද්‍ය විද්‍යාල  සිසුන් මහ පාරේ. ප්‍රශ්නයට විසඳුමක් දෙන්නේ නැහැ. දොස්තර මහත්වරු වැඩ වර්ජනයේ. දවස ගානේ කොළඹ නගරයේ පෙළපාළි. නායකයින් කියන්නේ මිනිසුන්ට අහුම්කන්දෙන්න ඕන, මේක කළ යුතුයි කියලා තමන්ගේ මතයේ එළඹගෙන ඉන්න ඕන නැහැ. අපට තමයි ඒකාධිපතියෝ කියලා කීවේ. එක කියලා දැන් බේරෙනවා. අද මහජන මතය තුට්ටුවකට ගණන් ගන්නේ නැති යුගයක් බවට පත්වෙලා තියෙනවා. බීරි අලින්ට විණා වයනවා වගේ වැඩක් තමයි මේ ආණ්ඩුවට ජනතාවගේ ප්‍රශ්න ගැන කථා කරන එක.”

 විහාරාධිපති දේවාලේගම පදුමවංශ හිමියන් අනුශාසනාවක් කළ අතර ගාල්ල දිස්ත්‍රික්  සන්ධාන මන්ත්‍රීවරුන් වන දොස්තර රමේෂ් පතිරණ, මොහාන් පිී. ද සිල්වා, දකුණු පළාත් සභා මන්ත්‍රී ආරියවංශ සම්මු යන මහත්වරු ද මෙහිදී කථා කළහ.



අදහස් (7)

අනාගතයේදී අපේ රට බලවතුන්ගේ යුද මධ්‍යස්ථානයක් වේද කියා බියක් තිබෙනවා

ase Monday, 04 September 2017 09:27 AM

එදා සොයිසා මහත්තය කියපු දේ හරි " අප්පච්චි මලා " ඊට පසුව "අප්පච්චි මොකක්ද වචනයක් කියල නැවත ඉපදිලා " කිව්වා, හරි නේ මේ ඉන්නේ එදා මහින්ද නොවෙයි වගේ කරපු කියපු කිසිම දෙයක් දන්නේ නැහැනේ, අනේ පව්

:       355       509

chathuri Monday, 04 September 2017 02:39 PM

ගොඩක් බය හිතෙනවද? එන්න.... මතුරලා නූලක් දමන්න. තමන්ගේ වැඩේ හරියට කරලා. රට බාර දුන්නා නම්... මේ කිසිම ප්‍රශ්නයක් නැහැනේ..

:       103       8

Chanak Los angeles Monday, 04 September 2017 04:46 PM

පසුගිය කාලේ ගිය විදියට අපිනම් හිතුවේ මුළු ලංකාව මැදමුලනේ කොලනියක් වේවි කියලයි ..

:       100       7

sathyayaa Monday, 04 September 2017 11:26 PM

"ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ ස්වර්ණමය යුගය මා සභාපතිවරයාව සිටි යුගය කියලා කියන්න පුළුවන්......" මොකක්ද මේ නැහැදිච්ච කතාව. අඩු වශයෙන් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ කාලයේ වත් කියල කිව්වා නම් මේ මනුෂ්‍යයා ගේ මොළය තවම නරක්වෙලා නැහැ කියල හිතා ගන්න තිබුන. ඇත්තම කතාව නම් බණ්ඩාරනායක ලාගේ ශ්‍රී ලං නි පය හා මැතිනිය වැනි නායිකාවක් නොසිටින්න මහින්ද තවමත් ජපුරේ වි.වි. යේ පුස්තකාලයේ කඹුරනවා.

:       20       98

vidya Tuesday, 05 September 2017 02:05 AM

ඉතාම අගේට යුද්දය ඉවර කරලා අන්තිමට සරත් ෆොන්සේකාව ඇදගෙන ගිහින් හිරේට දමල මුළු නෑදෑ පරපුරම ඇතුලට දමා ගෙන සියලු දෙයක්ම වන කරලා දෙම්මනේ. මතකනේ මර්වින් සිල්වා හැසුරුණු හැටි . නීතිය කාලම දැම්මනේ . දැන් පොහොට්ටුවෙන් නෙමෙඉය් නෙලුම් අලේ අරගෙන ආවත් වැඩේ amaruwei

:       51       168

Chandra Tuesday, 05 September 2017 03:21 AM

හිටියනම් මෙලහකට ඉරාකයට වුනු දේම තමඊ ලංකාවට වෙන්නේ . අදටවත් ඒ රට හදන්න බැහැ. දූෂිත වෙලා . තමන්ගේ පැවැත්මට රට විනාස වෙලා .

:       0       0

rocky Sunday, 17 September 2017 02:06 PM

මෙතුමා දැන් වැඳලා, දණින් වැටිලා මහ පොලොව බදාගන ඉඹින්නේ නැද්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

දේශපාලන

සජිත්ගෙන් බන්දුලට විවාදයකට අභියෝගයක්
2023 නොවැම්බර් මස 24 190 0

ආර්ථිකය ගැන දින හතක විවාදයකට එන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රවාහන හා මහා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට පාර්ලිමේන්තුවේ දී අභිය


’මිනිස්සුන්ට අරගල තිත්ත වෙලා’
2023 නොවැම්බර් මස 23 854 18

මිනිස්සුන්ට අරගල තිත්ත වෙලා යැයි පොදුජන පෙරමුණේ මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.


හිටපු ජනපතිලාට පාර්ලිමේන්තු එන්න දෙන්න එපා
2023 නොවැම්බර් මස 22 2736 12

ජනාධිපතිවරුන් ලෙස සිට නැවත පාර්ලිමේන්තුවට පැමිණීම නීතියක් ගෙනැවිත් නතර කළ යුතුව තිබෙන බව පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයස


‘‘බඩගොස්තරවාදී දේශපාලනය රටින් තුරන් කරනවා‘‘
2023 ඔක්තෝබර් මස 16 564 13

දූෂණය වංචාව ඉහවහ ගිය රටේ රුධිර කාන්දුකරණය හා වකුගඩු බද්ධ කිරීමට අවශ්‍ය බෙහෙත් හේත් පවා නොමැති බවත් බංකොලොත් මේ රටේ බෙහෙත් හේත්වලින් පවා හොරා කන අන්ත ද


ශ්‍රී ලංකාව හැම විටම සියලු දෙනා සමග එක්ව වැඩ කරන්න කැමති රටක් - රුවන් විජයවර්ධන
2023 ඔක්තෝබර් මස 15 375 1

චීනයේ නිල සංචාරයක් සඳහා ‍ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉරිදා (15දා) පිටත් වෙයි. එහිදී චීන ජනාධිපතිවරයා සමග ද්වීපාර්ශ්වික සාකාච්ඡා සඳහා ජනාධිපතිවරයා


‘‘පරිසර තීන්දු ගත යුත්තේ පරිස්සමින්‘‘
2023 ඔක්තෝබර් මස 11 385 1

පරිසර ක්ෂේත්‍රය සම්බන්ධයෙන් තීන්දු තීරණ ගත යුත්තේ විද්‍යාත්මකව බැවින් සතා සිව්පාවා ගහ කොළ මෙන්ම මානව සම්පත ගැන දත්ත අතිශය වැදගත් බව විපක්ෂ නායක සජිත


වැඩි දෙනා කියවූ පුවත්


මඟුලට කෝටි 1933ක් වැය කරලා
2023 නොවැම්බර් මස 28 28044 19




මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ සනීපාරක්ෂාවේ ගැටලුවලට නිමාවක් ගෙන එන හමිංබර්ඩ් කථාව 2023 නොවැම්බර් මස 19 884 0
ශ්‍රී ලංකාවේ සනීපාරක්ෂාවේ ගැටලුවලට නිමාවක් ගෙන එන හමිංබර්ඩ් කථාව

අද එක්සත් ජාතීන්ගේ ලෝක වැසිකළි දිනයයි. වසර 2030 වන විට ලොව පුරා සැමට පූර්ණ සනීපාරක්ෂව හිමි කර දීම ඉලක්ක කරගෙන “වේගයෙන් වෙනස කරා”

රේන්කෝ ස්වර්ණමය ප‍්‍රමිතිය හා නව්‍යකරණයේ ජවය ISO 9001:2015 සහතිකයෙන් පිදුම් ලබයි 2023 නොවැම්බර් මස 01 661 2
රේන්කෝ ස්වර්ණමය ප‍්‍රමිතිය හා නව්‍යකරණයේ ජවය ISO 9001:2015 සහතිකයෙන් පිදුම් ලබයි

නිෂ්පාදනය, අලෙවිකරණය හා බෙදාහැරීම යන අංශ ඔස්සේ නව්‍යකරණයෙන් පිරිපුන් උසස් තත්ත්වයේ කුඩ සහ මදුරු දැල් ඇතුළු නිෂ්පාදන පෙළක් හඳුන්වාදෙමින් ශ්‍රී ලාංකී

උත්සාහය හා දැඩි කැපවීම නිසා ක‍්‍රිකට් දිවිය ජයගත් එෂාන් මාලිංගගේ අපූරු කතාව 2023 සැප්තැම්බර් මස 06 4582 0
උත්සාහය හා දැඩි කැපවීම නිසා ක‍්‍රිකට් දිවිය ජයගත් එෂාන් මාලිංගගේ අපූරු කතාව

දැඩි ආශාව හා කැපවීම මුණගැසෙන ක‍්‍රිකට් වැනි ක්ෂේත‍්‍රයක් තුළ, එෂාන් මාලිංග පැමිණි ගමන් මග නම් එතරම් ආශ්වාදජනක එකක් නොවේ. ඔහුගේ පන්දු යැවීමේ වේගය හා දක

Our Group Site