(ඉන්දිකා රාමනායක)
පළාත් පාලන මැතිවරණයේ ඡන්ද ප්රතිඵල ප්රකාශයට පත් කිරීමත් සමඟ ජයග්රහණයේ සතුට සමරමින් මුලතිව් පුදුකුඩිඉරුප්පු ජනතාව රතිඤ්ඤා දල්වා අපිරිසිදු කර තිබු පුදුකුඩිඉරුප්පු නඟරය පොලිස් නිලධාරීන් විසින් පැය 3 ට අධික කාලයක් වැය කරමින් පවිත්ර කර ඇත.
පොලිසිය නගරය ශුද්ධ පවිත්ර කිරීමෙන් පසු ඉරිදා පෙරවරුවේ සිටි කිසිදු පුද්ගලයෙන් හෝ ආධාරකරුවකු පුදුකුඩිඉරුප්පු නගරයේ රතිඤ්ඥා දැල්වීමෙන් වැලකී සිටීම අගය කළ යුතුය.





COMMENTS
ඉතාමත් අගය කල යුතු ක්රියාවක්... පොලිස් විරුවන් නිහඬවම ජනයාට කියා දී ඇත්තේ අපූරු පාඩමක්.. මේ වගේම රාජ්ය තාන්ත්රික මට්ටමෙනුත් අප රණවිරුවන් ක්රියාකරන්නේ නම් එය ඩයස්පෝරාවටත් කියාදෙන මහගු පාඩමක් වේවි... සැමදා අප රකිනා විරුවන්ට මගේ ආචාරය...!
ඉතා අගය කල යුතු දෙයක් අපේ ගම කොළ කැලි වලින් වැහිලා අතු ගාන්න බයයි. දැන් ආයෙත් පරණ චන්ඩි පාරේ...
මරේ මරු දකුණේ උනානම් අවට මිනිසුන්ට කියයි පාර අතුගාන්න කියලා. කොහොමද උතුරේ මිනිස්සු? පොලිසිය උතුරේ පාරවල් අතුගානවා
උතුරු පලාත්සබාවට පොලිස් බලතල ලැබිලා වගෙයි?
මේවාට උදම් අනන සිංහලයෝ දැක්කාම අපිට අපිගැන තරහක් එනවා
පොලිස්පතිතුමා ෂුවර් එකටම මේගැන තීරණයක් ගනීවි.
අශ්වයා ගියාට පස්සේ ඉස්තාලේ වහලා මොකොටෙයි ?
බලන්නකෝ මේ පාරවල් යුද්දෙන් පස්සේ හදපුව. කොහොමත් දැනට අවුරුදු තුනකට නම් ඉස්සෙලා. අගයකලයුතුයි නේද ? ආස හිතෙනවා ඒකාලේ සංවර්ධනය මතක්වෙනකොට
රතිඤ්ඤා දැල්වීම පාලනයක් ඇති කල යුතුයි. අත දරුවන් සිටින දෙමව්පියන් මෙයින් ඉතා අපහසුතාවයට පත්වෙනවා. 31වැනිදා මම මගේ දරුවා අරගෙන ගෙදරින් මහා රාත්රියේ එළියට බැස මොරටුව නගරයේ ශබ්දය අඩු , රතිඥ්ඥ දල්වන තැන් මගහැර ඉන්න පුළුවන් තැනක් හොයාගෙන යන්න වුණා. ඉතා ශබ්දය අධික ගිනිකෙළි දැල්වීම නිසා ඉතා කුඩා ළමයි බය වෙනවා. තැති ගන්නවා.
ලක්ෂ්මන් කොහේද යන්නේ මල්ලේ පොල් වගේ අදහස් දක්වන්න එපා. එතනත් බලන්නේ දේශපාලනය. යමක් කරන කෙනා කුහක සිතින් තොරව අගය කරන්න.
අවවාදයට වඩා ආදර්ශය උතුම්ය.
රතිඤ්ඤා භාවිතය තහනම් කරන්න. බීරංග වෙඩි හෝ උණබම්බු වෙඩි ශබ්ද ප්රමාණවත්ය. ඊටත් වඩා ශබ්දය වුවමනා නම් වේගයෙන් වායු පිට කිරීමේ ක්රමයක් යොදා ගැනීම සුදුසුයි!
මොකද්ද මේ අලුත් ක්රමය මම තාම හොයනවා. හොයා ගත්තු කෙනෙක් කියන්නකෝ...
ගරු පොලිස්පතිතුමනි, ලෝකයේ වැඩිම ශබ්දය ඇති මෙවන් දේවල් තියෙන්නේ ලංකාවේ වෙන්න පුළුවන්. මෙයින් තියෙන්නේ මහා කරදරයක්. අධික ශබ්ද දූෂණය සහ සිදුවන මහජන කරදරය හේතුවෙන් මේ සඳහා ක්රියාකිරීමේ පූර්ණ බලය ඔබට තිබෙනවා. කරුණාකර මේ ගැන ඉක්මන් පියවර ගන්න. එය මහා පින්කමක්...