IMG-LOGO

2025 නොවැම්බර් මස 21 වන සිකුරාදා


මහනුවර දේශපාලන පක්ෂ 116ක් ඡන්ද සටනට

( චමිල් රුපසිංහ)

මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා මහනුවර දිස්ත්‍රික්කයෙන් පළාත් පාලන ආයතන 20 ක් සඳහා පිළිගත් දේශපාලන පක්ෂ  හා ස්වාධින කණ්ඩායම් 116 ක් අද (20) දහවල් වන විට ඇප මුදල් තැන්පත් කර තිබෙන බවත්  පිළිගත් දේශපාලන පක්ෂ වලින් පළාත් පාලන ආයතන සඳහා  ඇප මුදල් තැන්පත් කිරීම් 54 ක්  සිදුකර තිබෙන බවත් මහනුවර තේරීම්භාර නිලධාරී එච්.එම්.පී හිටිසේකර මහතා පැවසීය.

මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේදී අද (20) පස්වරුවේ පැවැති මාධ්‍යය හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

මෙවර මහනුවර දිස්ත්‍රික්කයේ සියලුම පළාත් පාලන ආයතන සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානය, එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇප මුදල් තැන්පත් කර තිබෙන බවත් ඇතැම් පළාත් පාලන ආයතන සඳහා මෙම පක්ෂ නාම යෝජනාද ඉදිරිපත් කර තිබෙන බවද ඔහු සඳහන් කලේය.

මෙවර මහනුවර දිස්ත්‍රික්කයෙන් ඡන්දය පාවිච්චි කිරීම සඳහා 10,97,342 ක් සුදුසුකම් ලබා තිබෙන බව නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් නාමල් තලංගම මහතා එහිදී ප්‍රකාශ කර සිටියේය.



අදහස් (0)

මහනුවර දේශපාලන පක්ෂ 116ක් ඡන්ද සටනට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 6 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 132 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 979 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site