IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


බුදු සසුන ව‍ෙනුෙවන් කළ සේවය රෙ වැසි සිත්හි බොහෝ කල් රැදෙනු අැති

අපවත්වී වදාළ දවුල්දෙණ ඤාණිස්සර අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නා හිමියන් සම්මුද්ධ ශාසනය වෙනුවෙන් ඉටු කළ සේවය රටවැසියන්ගේ සිත්හි බොහෝ කාලයක් රැඳෙනු ඇති බවත්, උන්වහන්සේ අපවත්වීම බුද්ධ ශාසනයට මෙන්ම රටටත් විශාල පාඩුවක් බවත් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් ශෝක පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටී.

අගරදගුරුතුමන් සිය ශෝක පණිවුඩයේ මෙසේද සඳහන් කර තිබේ.

ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර අග්ගමහා පණ්ඩිත, දවුල්දෙණ ශ්‍රී ඤාණිස්සර මහා නා හිමියන් වහන්සේගේ අපවත්වීම ගැන මාගේ සාතිශය සංවේගය ප‍්‍රකාශ කරමි.

දවුල්දෙණ ඤාණිස්සර මහා නා හිමියන් ශ්‍රී සම්බුද්ධ ශාසනයට මෙන්ම, සංඝ ශාසනය සඳහා ද තමන්ගේ අසහාය බුද්ධි මහිමයෙන් ද ධර්ම ශාස්ත‍්‍රීය දැනුමෙන් ද, ප‍්‍රඥා මහිමයෙන් ද කළ සේවය රටවැසියන්ගේ සිත්හි බොහෝ කාලයක් මතකයේ රැඳෙනවා නොඅනුමානය. වයස අවුරුදු 13 දී ශාසන ගතවූ උන්වහන්සේ දශක නවයක් පුරා ශාසනයට හා මුළුමහත් ශ්‍රී ලංකා රටවැසියනට කළ මෙහෙවර පැසසුම් සහගතය.

අධ්‍යාත්මික අභිවෘද්ධිය සඳහා උන්වහන්සේගෙන් සුවිශේෂී කාර්යභාරයක් ඉටුවිය. සිංහල සාහිත්‍ය සඳහා උන්වහන්සේ ඉටුකළා වූ කර්තව්‍යද විශිෂ්ටය. උන්වහන්සේගේ අපවත්වීම බුද්ධ ශාසනයටත්, මුළු මහත් රටටත්  විශාල පාඩුවක් බව පැහැදිලිය.

උන්වහන්සේ අනුගමනය කළ බුදු දහම තුළ, බලාපොරොත්තු ලෙසටම උන්වහන්සේට නිවන් සැප ලැබේවායි ප‍්‍රාර්ථනය කරමි.



අදහස් (0)

බුදු සසුන ව‍ෙනුෙවන් කළ සේවය රෙ වැසි සිත්හි බොහෝ කල් රැදෙනු අැති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 64 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site