ඩයනා උදයංගනී
ආණ්ඩුවේ වෙනස්කිරීම් කරනවා කියා කොණ්ඩා මෝස්තරය වෙනස් කර, මේක්අප් දමා හෝ ප්ලාස්ටික් සැත්කමක් කර පළක් නැති බවත්, දැන්ම ජාන සැත්කමක් කළ යුතු බවත් මහනගර හා බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
ජාන සැත්කමකින් තොරව එක්සත් ජාතික පක්‍ෂ, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ජාතික සන්ධානයට ඉදිරියට යා නොහැකි බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
ආණ්ඩුවේ සැබෑ වෙනසක් සිදුවිය යුතු බව කී අමාත්‍යවරයා ඒ වෙනුවෙන් මාස 18ක වැඩපිළිවෙලක් සැලසුම් කර තිබෙන බව ද කියා සිටියේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ කොළඹ නිදහස් චතුරස‍්‍ර ආකේඞ් පරිශ‍්‍රයේදී පැවති චීන සම්ප‍්‍රදායික අලූත් අවුරුදු සැමරුම් උත්සවයෙන් අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ ද කියා සිටියේය.
‘‘අද රටට වැදගත් දේශපාලන න්‍යාය පත‍්‍රයක් අත්‍යාවශ්‍ය වී තිබෙනවා. අපි වෙනස් කිරීම් කරනවා කියා කොණ්ඩ මෝස්තරය මාරු කර හෝ පවුඩර් දමා හරියන්නේ නැහැ. මේකප්, ප්ලාස්ටික් සර්ජරි කර හරියන්නේත් නැහැ. දැන් ඕනෑ ජාන සැත්කමක්. ජාන සැත්කමකින් තොරව මේ ජාතික සන්ධානයට ඉදිරියට යන්න බැහැ. අපි ඒ දේ කරනවා.
රජයේ වෙනස්කම් අවශ්‍යයි. අපි ඒ වෙනුවෙන් පෙනී සිටිනවා. මාස 18ක ජාතික වැඩපිළිවෙලක් එජාප හා ශ්‍රීලනිප ප‍්‍රගතිශීලී ඉදිරි ගමන දකින ප‍්‍රජාතන්ත‍්‍රවාදී කොටස් සමඟ එක්වී අපි ඉදිරියේදී ගෙන එනවා. අපි ඉදිරි ජනාධිපතිවරණයත් විජයග‍්‍රහණය කර රට ඉදිරියට ගෙනියන්න වැඩකටයුතු කරනවා. පවුල්වාදී, බලකාමී, නූගත් බලවේගවලට නැවත මේ රටේ බලය ලබාගන්න අපි ඉඩදෙන්නේ නැහැ.’’ යැයිද අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේය.
COMMENTS
ඔබතුමා ගැලපෙන්නේ ඔය එජාපෙ එක නෙමෙයි. ඔබතුමා ඉන්නට ඕනේ මහින්දත් එක්කයි. ඔබතුමාගේ දැනුම අවශ්‍ය මහින්දටයි. රනිල් වැඩ කරන්නේ රෝයල් කට්ටියට ඕනේ විදියට... ඔබතුමා රට හදන්නට ගෝඨාත් එක්ක එකතු වෙලා වැඩ කරන්නට. ගෝඨා දන්නවා ඔබතුමා කවුද කියලා...
බල්ටියක් ගහන්න වගේ සෙට් වෙන්නේ !
ඔබතුමා ඊළඟ ඡන්දෙ දිනනනවා කිව්වට මේ ඡන්දෙදි ඔබතුමාගේ කට්ටිය පස්දෙනයිනේ තේරුනේ හැට පහකින්.
මෘත දේහයක් ජාන සැත්කම්වලින් ගොඩ දාන්න පුළුවන් වෙච්ච දවසකදී ඔබතුමාගේ කියමන සනාථවේවි !!!
මෙයාට තියෙන්නේ අධිමානයේ ගැටළුවක්... එ්කයි, එකට ඉඳලා මහින්දට වැඩේ දුන්නේ..
ඔබට ඕනෑ මොල බද්ධයක්..
මේ මොනවද කථා කරන්නේ? ජනතා පෙරහැරේ මිනින්දෝරුවා එවලා කිව්වේ පෙරහැර එන බව අමතක කරන්න එපා කියලයි. තවත් අවුරුදු පහක් රට කන්න දෙන්න කොහෙත්ම ලාංකික බුද්ධිමත් ජනතාව සුදානම් නැති බව දැනගෙන හිටියොත් යහපති...
ගුණරත්න මයා, ඔයා මේ මොනවාද කතා කරන්නේ? පුළුවන්නම් කියන්නකෝ මෙයා ට බාර දීපු වැඩ වලින් 100% ක්ම සම්පූර්ණ කරපු එක වැඩක්. පන්නිපිටියේ පන්සලේ රැස්වීම් වලට ඇවිල්ලා පුටුවේ වාඩිවුණු මෙයා දැන් වාඩි වෙන්නෙම තරු හෝටල් පුටුවල විතරයි අපිත් මේ දේශපාලකයාට රැවටුණා. ගෞරවනීය සෝම හාමුදුරුවෝ අපවත් වුනා නෙවෙයි, ඝාතනය කළා... අහිංසක සිංහල බෞද්ධ දායකයෝ රැවැට්ටුවා. එවකට රුසියාවේ හිටපු තානාපති මේ අපවත් වීම ගැන අපේ විදේශ අමාත්‍යාංශයට එවපු වාර්තාව සොයාගෙන කියවන්න බලන්න. මේ ලිපිය වික්ටර් අයිවන්ගේ පොතකත් පල වෙලා තිබුණා කියලා මගේ මිතුරෙකුත් කියලා තිබුණා. මේ දේශපාලන චෞරයන්ගේ භාවිතාව සුපිරියි නේද? මෙයාගේ අනිත් දේශපාලන මල්ලි තමයි අර ව්‍යාපෘති චෞරයා. දෙන්නම දැන් සුඛෝපභෝගී පාලන තුරුල්ලේ තමයි විහරණය... ඔයාට සතුටුයිද දැන්?
එ්ක කරන්න ඕනේ මෙයාට තමයි.
ඔබතුමාලට 2020 දී ගොඩ යන්න ඕනේ නම් ඔය එක එක බහුභූත නොවේ 2015 ඡන්දෙට කලින් ඔබතුමාලා එකතුවෙලා නිකුත් කරපු මෛත්‍රි පාලනය නමැති පොත් පිංච කියවලා බලලා එහි තිබෙන ඔබතුමාලා ජනතාවට දුන් පොරොන්දු කඩිනමින් ඉටු කරන්න.
චම්පක වැඩ කාරයෙක් නෙවෙයි.. කවදාවත් වැඩක් නොකල හිස උදුම්වා ගත්ත කෙනෙක්.. මිල්ලෑවේ වත්ත කියලා අගේට කරගෙන අාව රජයට අයිති නමුත් පුද්ගලික කොම්පැනියකින් පාලනය කල අක්කර 300 ක පමණ වත්තක් හොරණ/පාදුක්ක කිට්ටුව තියෙනවා. 2016 වසරේදී මහාපරිමාණ කර්මාන්ත කලාපයක් හදන්න කියලා ඔය වත්ත පවරා ගත්තා. පළාතේම ඉඩම් මැන්නා. අගේට කරගෙන ගිය වත්තේ වැඩ නැවැත්තුවා. 300ක් පමණ කම්කරුවන්ට වසරක් පමණ වැඩ නැතුව නිකන් පඩි ගෙව්වා. අද වත්තකුත් නැහැ හැදෙන කර්මාන්ත පුරයකුත් නැහැ. අද මුළු වත්තම අමු කැලෑවක් වෙලා... කුඩු කාරයෝයි, කසිප්පු කාරයෝයි තැන තැන අරක් අරගෙන. චම්පිකගේ ගෝල බාලයෝ ටික දෙනෙක් හොරෙන් කිරි කපලා විකුණලා ගාන මරා ගන්නවා. ඔන්න කෙරුවාව...
ඔබතුමාලගේ පොදු අපේක්ෂකයාට හොරු අල්ලන කතා, කඩු සරඹ ඔක්කොම සිහිවෙන්නේ ඡන්ද වලට කලින්, ඡන්දෙන් පස්සේ හොරුත් එක්ක එකට ආණ්ඩු හදනවා. ජනතාව ප්‍රතික්ෂේප කරපු හොරු ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගෙන එනවා. පුංචි ඡන්දෙන් පස්සේ හොරුන්ට දඬුවම් කරන කඩුව (පොලිසිය භාර අමාත්යංශය) රනිල්ට දෙනවා. මතක තබාගන්න මේ පාර පුංචි ඡන්දේදී ජනතාව දුන්නේ පොඩි ඉන්ජෙක්ෂන් එකක් පමණි. ලෙඩේ හොඳ වුනේ නැත්නම් අවශ්‍ය සැත්කම ලබන පළාත් සභා ඡන්දේදී කරලා 2020 දී ටිකට් කපලා ගෙදර යවාවි..
මෙතනදී නම් මට විමල් වීරවංස එක්ක එකඟ වෙන්න වෙනවා. එය කිව්වා වගේ මේක ඉවර වෙන්න නම් ඔක්කොම ඉන්න වෙලාවක් බලලා අර බෝම්බෙම තමයි ගහන්න ඕනෑ.
කටින් බතල හිටවනවා, වෙන්නේ බල්ටියක් ගහල මහින්දට සෙට් වෙන්න
ජාන සැත්කම ඉස්සෙල්ලම කරන්න ඕනේ ලජ්ජා නහරය උපදින කොටම අස්ථානගතව තිබු අයටයි.