(චමිල් රූපසිංහ)
මෙවර පළාත් පාලන මැතිවරණය නිමිත්තෙන් පළමු වටයේ නාම යෝජනා කැඳවූ නාවලපිටිය නගර සභාවට හා පස්භාගේ කෝරළය ප්‍රදේශීය සභාවන් සඳහා පිළිගත් දේශාලන පක්ෂ 6ක් නාම යෝජනා ලබාදී ඇතැයි මහනුවර තේරීම්භාර නිලධාරී එච්.එම්.පී හිටිසේකර මහතා පැවසීය.
එම නාම යෝජනා සියල්ල පිළිගත් බවත් එක්සත් ජාතික පක්ෂය මගින් නාවලපිටිය නගර සභාව සඳහා ගොන්දෙන්නාව කොට්ඨාසයට ඉදිරිපත් කළ අපේක්ෂකයා පමණක් ඉවත්කළ බවත් පනතේ විධිවිධාන සපුරා නොමැති වීම මෙම ඉවත් කිරීමට හේතුවූ බවත් ඔහු කීවේය.
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී අද(14) පැවැති මාධ්‍ය හමුවකදී තේරීම්භාර නිලධාරීවරයා මේ බව ප්‍රකාශ කළේය.
COMMENTS
ඔබේ අදහස් එවන්න
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd