(චමිල් රුපසිංහ)
කැබිනට් සංශෝධනය කියා කිසි වෙනසක් නැති බවත් වෙන කාඩ් පැක් නොමැති නිසා එකම කාඩ් පැක් එක එහාට මෙහාට අනන බවත් එය කිසිම තේරුමක් නැති බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද (25) ගැටඹේදි පැවසිය.
ගැටබේ රාඡෝපවනාරාම විහාරාධිපති කැප්පෙටියාගොඩ සිරිවිමල හිමියන් බැහැදැකීම සඳහා ගැටබේ රාඡෝපවනාරාම විහාරාධිපති කැප්පෙටියාගොඩ සිරිවිමල හිමියන් බැහැදුටු අවස්ථාවේදී මාධ්‍යවේදියකු නැගු පැනයට පිළිතුරු මෙසේ පැවැසිය.
ගැටඹේ රාජපෝවනාරාම විහාරාධිපති කැප්පටියාගොඩ සිරිවිමල නාහිමියෝ එහිදි මෙසේ පැවසුහ.
අද රට දිහා බලපුවාම රටට නායකත්වයක් නෑ. රටම අද අරාජික වෙලා ජනාධිපතිතුමාට වැඩක් කරන්න දෙන්නෙ නෑ. අනික් මිනිස්සු වැඩක් කරන මිනිහව කපල දාලා ජනාධිපතිතුමාට උපදෙස් දෙන්නේ ඒ මනුස්සයව විනාස වෙන්න. දැන් අන්තිම භයානක තත්ත්වයක් රටේ තියෙන්නේ යැයි මහනාහිමියෝ පවසති.
මේ පණිවුඩය ජනතාව දුන්නේ එයාලට විතරක් නෙමේ මහජනතාව අනික්අයටත් එක්කයි මේ පාඩම ඉගැන්නුවේ. හරියට වැඩ නොකළොත් ඊළඟ ඡන්දෙදී අපි අනික් පැත්ත කියා ජනතාව කියන බවද ඒ නිසා ජනතාවට සුභදායක විදිහට හරි උපදෙස් අරගෙන ඔබලා ක්‍රියා කළ යුතු බවද නාහිමියෝ වැඩිදුරටත් සඳහන් කළහ.
මේ අවස්ථාව සඳහා ශ්‍රී භාරති පිරිවෙන් විද්යානාධිපති ශ්රාසත්රවේදී අඹලියද්දේ සංඝරතන හිමියන්ද,මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේ මහතාද සහභාගී වුහ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්ව පෑලියගොඩ නගර සභාවේ බලය පිහිටුවන බව ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා කොළඹදී අද (21) පැවැසීය.
පළාත් පාලන මැතිවරණ ප්‍රථිපල අනුව කඩුවෙල මහ නගර සභාවට එජාප ලැයිස්තුවෙන් මන්ත්‍රී ධූර පත් කිරීමේදී තමන්ට අසාධාරණයක් වී ඇතැයි කියමින් එයට විරෝධය පල ක
රට තුළ ඇතිකළ ප්රජාතන්ත්රවාදය නිදහස ඇතැමුන් වැරදි ලෙස භාවිතා කිරීම ගැටුම්කාරී තත්ත්වයක් ඇතිවීමට හේතු වූ බවත්, දුන් නිදහස, ප්රජාතන්ත්රවාදය වැ
ආණ්ඩුව පවතින ගැටුම්කාරි වාතාවරණයේ වාසිය ලබා ගෙන තමන්ට එරෙහිව ඇති ජනතා අප්‍රසාදය අමතක කරවීම සඳහා කටයුතු කරමින් ඇතැයි පිවිතුරු හෙළ උරුමය නායක පාර්ලිම
ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ රත්ගම ආසනයේ ප්‍රධාන සංවිධායක අමරසිරි කුරුවගෙයි මහතා අද (6) සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්විය.
මහනුවර තෙල්දෙණිය ප්‍රදේශයේ ගැටුම්කාරී තත්ත්වයක් ඇතිවීම වැළැක්වීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට ආණ්ඩුව අසමත් වූ බවත්, එවැනි ආණ්ඩුවකින් රටට පලක් නැති බවත
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
‘කැබිනට් සංශෝධනය කියා එකම කාඩ්පැක් එක අනනවා’ - මහින්ද
sirimal Sunday, 25 February 2018 10:58 AM
නීතිය සහ සාමය ගැනනම් හරි සන්තෝස ඇති. ඒ වුණාට සුමානෙකට කියලයි කියන්නේ. සුමානෙන් පස්සේ හමුදා කාරයෙක් එහෙම ආවොත් හරි ජංජාලයක් තමයි වෙන්නේ. මාර්තු මාසේ නුගේගොඩින් පටන් ගන්න යන අරගලය" අද, හෙටම කළොත් හොඳවෙයි.
PrasadSunday, 25 February 2018 11:43 AM
මාර බයක් නේද තියෙන්නේ? වැරදි කළාම ඔහොම වෙනවා. එ්ත් බය වෙන්න එපා. රනිල් මහත්තයා ඉන්නවනේ.
SathyayaaMonday, 26 February 2018 01:09 AM
රනිල් මහත්තය හදිසියේ ස්වර්ගස්ථ වුනොත්, මහින්ද මහත්තයටත් වෙන්නේ පල්ලිය වත්තේම සාමයේ සැතපෙන්න. එහෙම නැත්නම් දෙන්නටම අර කවුරුත් යන්න බය ලෝකෙදි හමුවෙන්න බැරි වෙනවා.
nishanTuesday, 27 February 2018 11:25 PM
ඉතින් ඔබතුමාගේ කාලේ කැබිනට් එක තිබුනේ ගෙදර නේ.
kapila Sunday, 25 February 2018 11:26 AM
මේ රට වෙනස් කරන්නේ හාමුදුරුවරු තමයි. හෙට ජනාධිපති හරි, අගමැති හරි ගියොත් කියන්නේ තවත් වෙන කතාවක්... තමයි.
Prasad Sunday, 25 February 2018 11:51 AM
හාමුදුරුවන් සමග සම අසුන් ගැනීමට බෞද්ධයෙකුට සුදුසුද? නැතිනම් මේ අය රටේ උසස්ම අයද? හාමුදුරුවොත් බොහොම අසීරුවෙන් වගේ අසුන්ගෙන ඉන්නේ.
jim kuru Sunday, 25 February 2018 12:09 PM
නීතිය සහ සාමය මෙයට ලැබුණා වගෙයි. රනිල්, මහින්ද එක වල්ලේ පොල් වගෙයි.
බන්ඩා Sunday, 25 February 2018 01:44 PM
2015 ජනාධිපතිවරණය දින්නේ මුස්ලිම් සහ දෙමළ අති බහුතර ඡන්ද මත පිහිටලයි. අදත් මුස්ලිම් සහ දෙමළ අති බහුතරය අතර රනිල් ජනප්‍රියයි. ඒත් පළාත් පාලන අායතනවලින් අති බහුතරය එජාපය පරාදයි. අැයි ඒ? සිංහල ‘අති බහුතරයට’ දැන් රනිල් අප්‍රිය වෙලා. දකුණේ මුස්ලිම් සහ දෙමළ අති බහුතර ඡන්ද සහ සිංහල සුලුතර ඡන්ද වලින් පළාත් පාලන අායතන එජාපයට දිනන්න බැරිවෙන තරමට සිංහල ජනමතය වෙනස් වෙලා. ෆස්ට් පාස්ට් ද පෝස්ට් ක්‍රමය අනුව නම් කොළඹ නගර සභාව වැනි අායතන කිහිපයක් හැර අන් සියල්ලේම බලය පොහොට්ටුව අල්ලනවා. නමුත් තටමලා තටමලා මුස්තාපා දුන්නු බහුබූත ක්‍රමය නිසා එජාපයටයි, ජවිපෙටයි, ශ්‍රීලනිපයටයි කණා ෂොට් වැදුණා. ජාම බේරුණා. පළාත් සභා ඡන්දෙකදීත් සුලු ජාතික ‘අති බහුතර’ ඡන්ද ගොඩට වඩා සිංහල ඡන්ද තීරණාත්මක වෙලා බව දැන් මොනවට පැහැදිලියි.
Saman Sunday, 25 February 2018 03:19 PM
එතකොට ඔයාට කොහොමද කුට්ටම අනන්න ඕන ?
athula Sunday, 25 February 2018 06:36 PM
දැන් සතුටුයි නේද ? කොහොමහරි ෆොන්සේකාව හලපු එකට අනේ රනිල්ට කොහොම ස්තුති කරන්නද මන්ද ?
ajith Monday, 26 February 2018 01:53 AM
අපෝ! මෙයා අනපු කුට්ටමේ සේරම කොලවල හිටියේ බූරුවෝ.මෙයා ඉතින් රජා නේ.
Chandra Monday, 26 February 2018 03:26 AM
ඔබ තුමා ආයේ බලයට ආවාත් අනේ අපේ රටට පසුගිය වකවානුවේදී අහිමි වෙච්ච මුදල් කන්දරාව නැවත ලබාගන්න කටයුතු කරන්න. දුෂිතයන්ට දවුවම් කරන්න . අපි තමයි තවම මේ මුදල් ගෙව ගෙවා දුක් විදින්නේ.
aseMonday, 26 February 2018 07:13 AM
එච්චර කාලයක් ඉන්නේ මොකටද? අවංක නම් හෙට හරි ඒ මුදල් නැවත දෙන්න පුළුවන්නේ... මොකටද දැනගෙන සාක්කුවට බොරු කියන්නේ? ලැජ්ජාවක් නැද්ද?
HarrySL Monday, 26 February 2018 04:41 AM
අප රටේ දේශපාලන කාඩ් කුට්ටමේ කාඩ් 225කි. බහුතරයක් ජෝකර්ලාය, සුලුතරයක් කාඩ් කුඩු කරගෙන ඇති අතර තවත් පිරිසක් තම කාඩ් වලින් වැඩක් ගත නොහැකිව ලත වේ.
Neelaka Monday, 26 February 2018 06:04 AM
දැන් මේ කට්ටිය කියන්න මේක සරත් ෆොන්සේකා මහත්තයට දෙමු කියලද. පොඩ්ඩක් හිතල බලන්න. දැන් ඉන්නේ යුද හමුදාවට නායකත්වේ දීපු සරත් ෆොන්සේකමද කියලා. දේශපාලනේට ආපු දවසේම එයා නැති උනා.
ShanMonday, 26 February 2018 07:19 AM
නිකම් හොරු එක්ක හෙළුවෙන් පේන කියන්නේ නැතුව ඉන්න. ඉන්න කම්බ හොරුන්ට වැඩිය ඒ මනුස්සයා දහස් ගුණයකින් හොඳයි.
NeelakaMonday, 26 February 2018 08:10 AM
පොඩ්ඩක් හිතලා බලන්න. දැන් ඉන්නේ යුද හමුදාවට නායකත්වය දීපු සරත් ෆොන්සේකාමද කියලා. දේශපාලනේට ආපු දවසේම එයා නැතිවුණා. දැන් ඉන්න ඡන්දෙන් පැරදිලා, තමන්ගේ පක්ෂේත් අත්ඇරලා, එජාපය හරහා රනිල්ට පින්සිද්දවෙන්න ඇමතිකමක් ගත් පුද්ගලයෙක්. ඉතින් ඕක සාගල කරත්, රනිල් කරත්, සරත් ෆොන්සේකා කරත් තීරණ ගන්නේ රනිල්මයි. සරත් ෆොන්සේකා දැනටත් කරන්නේ රනිල්ට ඕනෑ දේවල්. ඒක නිසා නිකන් හිත රවට්ටගන්න ෆොන්සේකාට දුන්නම ඔක්කොම හරි කියලා හිතන්න එපා. එයා ආවත්... යස් සර්.. ඕකේ සර් තමයි.
Shan Monday, 26 February 2018 07:17 AM
දැන්වත් පන්සල් ගියානම් බුදුන් වැඳලා එන්න. විහිළු කතා කිය කිය ඇවිදින්නේ නැතුව. දැන් 70ත් පැනලානේ, යන තැනකට වැඩක් කරගන්න උත්සාහ කරන්න දැන්වත්.
tishan Monday, 26 February 2018 07:58 AM
අපි අවුරුදු 70ම ඇනුවේ එකම බුරු කුට්ටම...
සාරාසී Monday, 26 February 2018 08:40 AM
ඔන්න මේක තමයි නියම කියමන ...
Sunil Monday, 26 February 2018 08:06 AM
මේ කාඩ් කුට්ටම්වල ඉන්නේ ජෝකර්ලා විතරයි.
akshin. Monday, 26 February 2018 11:27 AM
සීනි, පිටි වගේ අලුත් අය දාන්නද කියන්නේ?
alfred Monday, 26 February 2018 01:58 PM
කාඩ් කුට්ටම් සෙල්ලම් කරන්නද ජනතාව ඡන්දෙ දුන්නේ? ඔය අනන්නේ 52ක කුට්ටමක් නෙමේ. 250ක විතර එකක්. තව අැනපල්ලා. ඔක්කෝටම ගලන්නම ජනතාව උත්තර දෙනවා.
de silva Monday, 26 February 2018 03:06 PM
ඔබතුමාගේ කාලෙත් කලේ මේකම තමයි. ඔබතුමාලා අාවොත් කරන්නෙත් මේකම තමයි.
rocky Tuesday, 27 February 2018 03:47 AM
කාඩ් පැක් එක කවුරු කොහොම ඇනුවත් ඊට ඉස්සෙල්ල ජෝකර් ඉවත් කරනවා.
R.Lianage Tuesday, 27 February 2018 04:26 AM
දැන් බබා වෙලා. ඔබ කෙළේ කාඩ් කුට්ටම පවුලේ සාමාජිකයින් අතර බෙදා ගැනීම නොවේද?
Tissa Wednesday, 28 February 2018 01:25 AM
2020 අතිවිසිස්ට ජයකින් බලයට පත්කරන්නේ කවුද ? රටේ මහජතාව. ඇයි? පවතින ආණ්ඩුව ජනතාවට දුන් සහන මොනවාද.? අදික බදුබර.ජීවන වියදම.පොහොර සහනාදරය කප්ප්පාඩු කිරීම. සමුද්ද්රිය කැප හරිම. වැඩිහිටි දීමනාව රුපියල් 100 කපහැරිම. මතිඅමති දීමන වැඩිකරගැනීම,සුකොපබෝගී වාහන ගැනීම.
chaminda Wednesday, 28 February 2018 02:59 PM
දැන් රටේ බොහොමයක් මිනිස්සු බණ අහන්නෙත් පුටු වල ඉඳගෙන... ඉස්සර අපි නම් බණ ඇහුවේ පැදුරු, කාපට් එළාගන බිම ඉඳගන, ලොකු මිනිස්සු දෙන වැරදි ආදර්ශ තමා හැම දේකටම මුල...
rocky Thursday, 01 March 2018 02:27 AM
පළමුවත් මව්බිම! දෙවනුවත් මව්බිම!! තුන්වෙනුවත් මව්බිම!!!