IMG-LOGO

2024 පෙබරවාරි මස 29 වන බ්‍රහස්පතින්දා


අම්මත් බලාගෙන රෝහලේ ඉඳන් පාසල් යන දියණිය

 

වෙලාව දවල් 1.30යි. ඉස්කෝලෙ ඇරෙන්න ළඟයි. ඉස්කෝලෙ අරිනකල් මේ අම්මට ඉවසුමක් නැහැ. ඒ තමාගේ පණ සරි දියණිය එනකල්.


අම්මා ඉන්නේ බල්ලකෙටුව ග්‍රාමීය ආයුර්වේද රෝහලේ ඇඳක් මත. එයාට නැගිටින්න බැහැ. ගොත ගහන්නේ නැතිව කතාකරන්නත් බැහැ. එයා අංශභාග රෝගියෙක්. දුව දැන් ඉගෙන ගන්නේ බල්ලකොටුව සුගත විද්‍යාලයේ 7 වන ශ්‍රේණියේ.


දියණියගේ නම ආර්.එම්. නිමේෂා (12). අම්මාගෙ නම මාලනී (46).


ඉස්පිරිතාලේ ඉඳන් අම්මාට සාත්තු කරන ගමන් ඉස්කෝලෙ යන මේ පුංචි කෙල්ල දකින්න තවත් පැය දෙකක පමණ කාලයක් ඉස්කෝලෙ අරින්න තිබුණ නිසා, මම ඇය එන තෙක් රෝහලේ ඇති අසිරිය වින්දා.


මේ රෝහල නම් හරියට අසරණයන්ට සරණ වෙන්නේ පන්සලක් වගේ.


මම එහි යනවිට ධර්ම දේශනයක් පැවත්වෙමින් තිබුණා. නේවාසික රෝගීන් වගේම බාහිර ප්‍රතිකාර සඳහා පැමිණි සියයකට වැඩි පිරිසක් මේ ධර්ම දේශනාවට සහභාගිවෙලා හිටියා.


රෝහලේ ඉන්න එකම දොස්තර මහත්තයා වන කැලුම් මනම්පේරි මහත්තයා මෙන්ම අට දෙනකු වන සමස්ත රෝහල් කාර්ය මණ්ඩලය ද මෙම ධර්ම දේශනාවට සහාභාගි වී සිටියා.


ඊට පස්සේ තමයි වැඩ පටන් ගත්තේ. සමහරු කොටනවා. සමහරු අඹරනවා. තවත් සමහරු මිරිකනවා.


මේ තම රෝගීන්ගේ බෙහෙත්, පවුලේ ඥාතීන් විසින්ම සාදා ගන්නා අපූරුවයි.


වෛද්‍ය කැලුම් මෙන්ම ටී.එම්. අමරසිංහ මහත්තයා නිරන්තරයෙන් මේවාට උපදෙස් දෙමින් බෙහෙත් හදන හැටි පරීක්ෂා කරනවා.
ඒ අතරේම තමයි වෛද්‍ය කැලුම් කඩියෙක් වගේ දුව පැන පැන රෝගීන්ට ප්‍රතිකාර කරන්නේ.


හරිම පුදුමයි මේ කැපවීම.


මම නිහඬවම හෝරා දෙක තුනක් මේ සිතට වදින දසුන් නැරැඹීමෙන් පසු වෛද්‍ය කැලුම් එක්ක කතා කළා.


මුලින්ම ඇහුවෙ රෝහලේ ඉන්න අම්මයි දුවයි ගැන.


කැලුම් මහත්තය සියලු වැඩ මොහොතකට නතර කර ඉරිදා ලංකාදීපයට විස්තර කිව්වා.


“නිමේෂා කියන 12 හැවිරිදි මේ දිරිය දැරිය ගැන මුලින්ම දැනගන්න ලැබුණේ, මගේ මිතුරකු වන වැලිමඩ (ජෙමිණි) ගාමිණි විජය බණ්ඩාරගෙන්.


මෙයාලා ඌව පරණගම මැදවෙල මහා විද්‍යාලයේ සිසුන් සඳහා නායකත්ව හා ජනමාධ්‍ය වැඩමුළුවක් සංවිධානය කරල තියෙනවා.
හේම නලින් මහත්තය එය මෙහෙයවන ගමන් අහලා තියෙනවා, අම්මාට උදව් කරන දූලා ඉන්නව ද? කියලා.


ඒ වෙලාවේ මේ ළමයා කියල තියෙනවා මම උදෙන්ම නැගිටලා තේ හදනවා. ඊට පස්සේ අම්මාගේ මූණ සෝදවලා, වැසිකිළි යවලා, කෑම හදලා අම්මටත් කන්න දීලා, ඉස්කෝලේ යනවා කියලා.


ඒ වෙලාවේ කාටවත් අදහන්න බැරි වෙලා.


අම්මාගේ අසනීප තත්ත්වය සුවපත් කළොත් මේ දරුවා මෙන්ම මව ද ගොඩගත හැකි බැවින් උදව් කරන්න කියල හේම නලින් මහත්තය මගෙන් ඉල්ලීමක් කළා.


මේක මහා පින්කමක්. අපි සැණින් තීරණයක් ගත්තා, මේ දරුවා සහ මව බලන්න යන්න. මාත් එක්ක අමරසිංහ මහත්තයත් විජය බණ්ඩාර මහත්තයත් මැදවෙල විදුහලේ විදුහල්පති රත්නායක මහත්තයත්  ඌවපරණගම ලුණුඅටුගම  පදිංචි මේ අම්මයි දුවයි සොයාගෙන ගියා.


ඒ යද්දි විදුහල්පතිතුමා තවත් දුක්බර කතාවක් කිව්වා.


“මැදවෙල කනිෂ්ඨ විද්‍යාලයේ ඉඳලා මහා විද්‍යාලයට සිසුන් ගන්න සම්මුඛ පරීක්ෂණය පැවැත්වූ දවසේ අනෙක් ළමයි දෙමාපියන් සමග ඇවිත් හිටියත් මේ ළමයා ඇවිත් හිටියේ තනියමයි.


මේ ළමයා තනියම අදාළ ලිපි ගොනුව ඉතා නිවැරැදිව සකස් කර තිබුණා.


හරිම දක්ෂ ළමයෙක්. අපි ඇහුවම මේ ළමයා මේ සියලු විස්තරය කියද්දි, සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ සියලු දෙනාගේ දෑස තෙත් වුණා.


ඊට පස්සෙ අපි ගුරු මණ්ඩලය රුපියල් සියය ගණනෙ එකතු කරලා මාසිකව පරිත්‍යාගයක් කළා.” යැයි විදුහල්පතිතුමා කිව්වා.
“අපි මේ ගෙදරට ගියාම, මේ දැරිය කරන මහා කාර්ය භාරය ඇස් දෙකටම දකින්න ලැබුණා. 


ඒක නම් හිතාගන්නත් බැරි තරම් වූ මාතෘ පූජාවක්.


අම්මා ලෙඩ ඇඳේ පසුවෙද්දි  සියලු ඇප උපස්ථාන කරන්නේ මේ දියණියයි.


අපි කොහොම හරි මේ දෙන්නාම ගොඩගන්න ඕනැ කියන අධිෂ්ඨානය ඇතිව ආපසු  ආවා.


මම මගේ ප්‍රධානියා වන ඌව පළාත් ආයුර්වේද කොමසාරිස් පී.ඩබ්ලිව්. දිසානායක මහත්තයට මේ විස්තරේ කිව්වම එතුමත් කිව්වා කොහොම හරි උදව් කරමු කියලා.


අපි ඌව පළාත් ප්‍රධාන ලේකම් ගාමිණි රාජකරුණා මහත්තයටත් මේ විස්තර කිව්වම, එතුමා බොහොම උනන්දු වෙලා, මේ අම්මයි දුවයි දෙන්නම රෝහලේ නතර කරගන්න අවශ්‍ය නීතිමය අවසරය ඌව පළාත් පරිවාස හා ළමාරක්ෂක කොමසාරිස්වරිය හරහා ලබාදෙන්න පියවර ගත්තා.”


“ඉන්පසු අම්මයි දුවයි මෙහාට ගෙනැල්ලා, අම්මා මේ රෝහලේ දියණියත් එක්කම නතර කරලා, දුව රෝහලට නුදුරින් තියෙන බල්ලකෙටුව සුගත මහා විද්‍යාලයට ඇතුළත් කළා” යැයි ද වෛද්‍ය කැලුම් කීවේය.


මම දෙමහල් වාට්ටු ගොඩනැගිල්ලේ උඩු මහලේ සිට පිටත බැලුවෙමි.


පාසල නිමවී ගෙදර යන සිසුන්ගෙන් මහ පාර පිරී ගියේය.


ඔවුන් සිය නිවෙස් බලා යද්දී මා සොයමින් සිටි ආදරණීය කෙල්ල රෝහල් ගේට්ටුවෙන් ඇතුළු වී අම්මා සිටින වාට්ටුව වෙත දිව ගියාය.


කැමරාව අටවා ගෙන මම ඇය පසුපසින් දුවගෙන ගියෙමි.


ලෙඩ ඇඳේ සිටින අම්මාගේ මුහුණ සිනාවෙන් ආලෝක විය. දියණිය ඇඳටම ගොස් අම්මා බදාගෙන සිපගෙන සිපගෙන ගියාය.
“ඔහොම තමයි හැමදාම ඉස්කෝලේ යන්න කලිනුත් මේ විදියටම හාදු දෙනවා” යැයි  අසල ඇඳන්වල සිටි රෝගීන් මා සමග පැවැසුවේ සංවේදී සිතිනි.


අම්මාට කෑම දී තමා ද ආහාරය ගෙන පාසලේ දී නියම කළ ගෙදර වැඩ කිරීමට මෙම දැරිය පුරුදු වී සිටින්නීය. ඒ සඳහා මේසයක් පුටුවක් ඇතුළු සියලු පහසුකම් ද සපයා තිබේ.


ඇය රාත්‍රී නින්දට යන්නේ ද අම්මාගේ උණුසුමේය.


මේ දිරිය දියණිය නිමේෂා අපට කීවේ මෙවැනි කතාවකි.


“අපේ තාත්තා නැහැ. අම්මයි මමයි අපේ ගෙදර ඉන්දෙද්දි උදේ 5ට නැගිටල, කෑම උයලා, අම්මට කවලා අම්ම සෝදලා තමයි ඉස්කෝලෙ ගියේ.


මම අම්මට හරිම ආදරෙයි.


කැලුම් ඩොක්ටර් අන්කල් අපි දෙන්නම මේ ඉස්පිරිතාලෙට ගෙනාවට පස්සේ මට හිතුණා මේ කරන්නේ මොන තරම් ලොකු පරිත්‍යාගයක් ද කියලා.


මම මැදවෙල ඉස්කෝලේ ඉන්දෙද්දි පන්තියේ 4 වැනියා. ඩොක්ටර්  අන්කල් කියල තියෙන්නේ කොහොම හරි මේ පාර පළමු වැනියා වෙන්න කියලා. දැන් මම පළමු වැනියා වෙන්න උත්සාහ කරනවා” යැයි  නිමේෂා දියණිය කීවාය.


“මම කොහොම හරි මේ අම්ම සනීප කරනවා. ඊට පස්සේ අම්මගෙයි දුවගෙයි අනාගතය සඳහා කිසියම් වැඩපිළිවෙළක් සකස් කළ යුතුයි” යැයි වෛද්‍ය කැලුම් කීවේ මා ඔවුන්ගෙන් සමුගන්නා මොහොතේදීය.

බදුල්ලේ 
පාලිත ආරියවංශ



අදහස් (6)

අම්මත් බලාගෙන රෝහලේ ඉඳන් පාසල් යන දියණිය

Jm Thursday, 15 June 2017 10:16 AM

උපකාරයක් කරන්න ක්‍රමයක් සඳහන් කරන්න පුලුවන්ද

:       0       0

sanju Friday, 16 June 2017 10:36 AM

මේවා දකිද්දී පුදුම දුකයි.

:       0       0

R.H Gemunusiri Friday, 16 June 2017 07:11 PM

දිරිය බෝසත් දියනිය ඔබට ශුභ පතනවා. ඉක්මන් සුව පතනවා. …

:       0       0

Nalin Sunanda Monday, 19 June 2017 09:05 AM

මේ දුවට උදව් කරන්න කැමතියි.

:       0       0

ජානක නාමල් Monday, 19 June 2017 09:21 AM

මේ උතුම් කාර්යයට දායක වෙන සියලු දෙනාට පිං

:       0       0

samanthaindralal Tuesday, 20 June 2017 03:32 PM

මේ වගේ උදාර වූ දූ කුමාරියක් මුළු ලෝකයට හොඳ ආදර්ශයක්. දූ කුමරියේ, ඔයාට සැමදෙනාගේ ආශිර්වාදයත්, දෙවියන්ගේ පිහිටත් ලැබේවා. ඔයාගේ අම්මට ඉක්මන් සුවය ලැබේවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

නිම්තෙර

පනස් වසරකට පසු පෙරභවය සොයා යයි
2021 මැයි මස 01 15985 0

පෙරභවය හෙළි කළ දරුවන් මගින් අපූරු තොරතුරු වරින්වර අසන්නට ලැබේ. ඒ අතරින් අතිශය අසිරිමත් සිදුවීමක් පසුගිය දිනෙක සිදුවිය. එම පුනර්භව සාධකයට හේතු වූයේ මීට


රටින් ගෙනා ලක්ෂ විස්සක සුනඛ ජෝඩුව අභිජනනයට සූදානම්
2021 මැයි මස 01 7843 0

මිනිසාගේ පැරණිතම මිතුරෙකු වශයෙන් සැලකෙන සුනඛයා වත්මන් යුගය වන විට නිවෙසේ ආරක්ෂකයෙකු සේම සුරතලෙකු වශයෙන්ද ආරක්ෂක අංශවලට සම්බන්ධ වී විවිධ අපරාධ පුපුර


වතුකම්කරු මද්දට ලිවෙන කඳුකර කොටියා
2021 අප්‍රේල් මස 24 2758 0

මදු හා උඟුල් අටවා වන සතුන් දඩයම් කර ගැනීමට මෙරට බහුලව සිදුවෙන ක්‍රියාදාමකි. මෙරට බොහෝ වනාන්තර ආශ්‍රිතව වන සතුන් දඩයම් කර ගැනීම ඉලක්ක කර ගනිමින් මෙසේ මද


කඳු මුදුනේ ජීවත්වෙන මිනිසුන්ට පිහිටක්
2021 අප්‍රේල් මස 03 5200 0

සන්නිවේදන පහසුකම් නැති කුප්පි ලාම්පුවෙන් එළිය දකින මහ කැලේ මැද කඳු මුදුනේ ජීවත්වෙන මිනිසුන් හමුවීමට පසුගියදා මහනුවර මහ දිසාපති චන්දන තෙන්නකෝන් මහතා


බක්මහ අකුණු සෑදෙන්නේ මෙහෙමයි
2021 මාර්තු මස 27 3856 0

සාමාන්‍ය ව්‍යවහාරයේදී අපි අප්‍රේල්, මැයි මාසවල පතිත වන වර්ෂා සහිත කාලගුණයට බක්මහ අකුණු යයි කියමු. එම කාලයේදී පතිත වන අධික වර්ෂාපතනයත් සමග විදුලි කෙටීම


නිලධාරීන්ට එපාවූ ජී.ඩී.එල් ගේ චිත්‍රපට
2021 මාර්තු මස 27 2616 0

එක් දහස් නවසිය හැට අටේ සරසවි සම්මාන උළෙලේ අවසාන වටය සඳහා චිත්‍රපට දෙකක් නම්කර තිබුණි. එයින් එකක් වූයේ හැටේ දශකයේ ජනප්‍රියත්වයට පත්වූ ලේඛකයකු වන කරුණාස


මේවාටත් කැමතිවනු ඇති

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 410 0
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි 2024 පෙබරවාරි මස 13 348 0
නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි

දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ‍්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල

හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි 2024 පෙබරවාරි මස 12 336 0
හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි

හලාල් ප්‍රතීතන කවුන්සිලය (Halal Accreditation Council), ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ (NCE) සංවිධානත්වයෙන් 2023 දෙසැම්බර් 8වන දින පැවැත්වුණු 31 වැනි NCE අපනයන සම්මාන උළෙලේ දී අඛණ්

Our Group Site