IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


හම්බන්තොට බස්රියේ දඩයම

 

මහ දවල් හම්බන්තොට දී බස්රථයක් තුළ සිට මගියෙකුට වෙඩි තබා ඝාතනය කෙරිණි. මාතර සිට අම්පාර බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් තුළදීම බස් රථයේ ගමන් ගත් මගියෙකුට එම බස් රථයේම ගමන් ගත් තවත් මගියෙකු තැබූ වෙඩි පහරකින් බස් රථයේ ආසනය තුළ මහා ලේ විලක් මැද බස් මගියා මිය ගොස් තිබිණි.   


මගීන් පටවාගෙන මාතර සිට අම්පාර බලා බස් රථය ධාවනය වූයේ මගීන්ගේ ගමනාන්තයට ළඟා වීමේ බලා පොරොත්තුවෙනි. තංගල්ල නගරයෙන්ද මගීන් කිහිප දෙනෙකු බස් රථයට ගොඩවූ අතර සියඹලාණ්ඩුවට ප්‍රවේශපත්‍ර ගත් මැදිවියේ යුවළක් ද බස් රථයේ පසුපස ආසනයට ආසන තුනක් ඉදිරියෙන් අසුන් ගත්හ. බස් රථයට අම්බලන්තොට නගරයෙන් මගීන් කිහිප දෙනෙක් ගොඩවී එම මගීන්ට ප්‍රවේශ පත්‍ර ලබාදීමට කොන්දොස්තරවරයා බස් රථයේ ඉදිරියේ සිට පසුපසට ළං​ෙවනවාත් සමඟම මරිජ්ජවිල ප්‍රදේශයේ දී විශාල ශබ්දයක් සමඟ මර ළතෝනි හඩක් ඇසෙනවාත් සමඟම බස් රථය නතර කරන ලෙසට මහ හඬින් මගීන් කෑගසන්නට වූහ. බස් බෝම්බයක් යැයි සිතූ රියැදුරු බස් රථය නතර කරනවාත් සමඟම බස් රථ‍යේ පසුපස දොරෙන් බැසගත් කෙනෙක් බස් රථයට පසුපසින් පැමිණි කුඩා මෝටර් රථයක නැගී පලා ගිය බව බස් රථයේ සිටි මගීන් කිහිපදෙනෙක් පැවැසූහ.   


ලේ පෙරාගෙන සිටින සිය සැමියා තුරුලු කර ගත් බිරිඳගේ විලාපයෙන් බස් රථයම ගිගුම් දෙන්නට විය. වහා ක්‍රියාත්මක වූ බස්රථයේ රියැදුරු, වෙඩි පහර වැදී බස් රථයේ ආසනයෙන් බිමට වැටී සිටි තුවාලකරු රැගෙන බස් රථය හම්බන්තොට මහ රෝහල කරා පැමිණ තිබේ. වහා ක්‍රියාත්මක වූ බස් රථයේ මගීන් හා සෙසු පිරිස් තුවාලකරු රෝහලට ඇතුළත් කළද ඒ වනවිටත් ඔහු මිය ගොස් සිටි බව වෛද්‍යවරුන් පවසා තිබිණි.   


හම්බන්තොට මහ රෝහලේ රෝගීන් බැලීමට පැමිණ සිටි පිරිස් නිසා රෝහලේ දහවල් 1 ට පමණ හදිසි ප්‍රතිකාර ඒකකය අසල දැඩි කලබලකාරී වාතාවරණයක් විය. වෙඩි වැදීමෙන් මිය ගිය පුද්ගලයාගේ බිරිඳ ලේ තැවරුණු ඇඳුම් සමඟ මහ හඬින් කෑගසන්නට වූවාය. වහා එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරිහු පොලිස් පරීක්ෂණ කඩිනමින් ආරම්භ කළහ.   


මෙම වෙඩි වැදීමෙන් මිය ගොස් ඇත්තේ සියඹලාණ්ඩුව ඇතිමලේ වැව ග‍ඟේයාය පදිංචි ව සිටි එස්.එච්. චන්දන ප්‍රසන්න නමැති තිස් හතර හැවිරිදි පුද්ගලයකු බව හෙළි විය.

   
තංගල්ල, රන්න, අඳුපැලෑන ප්‍රදේශයේ 2011 වසරේ දී සිදු වූ මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධව තංගල්ල මහාධිකරණයේ පැවැත්වෙන නඩු විභාගයකට පෙනී සිටිමින් ආපසු ඇතිමලේ නිවස බලා අම්පාර බස් රථයෙන් සිය බිරිඳ සමඟ ගමන් කිරීමේදී මෙම වෙඩි ප්‍රහාරයට ලක් වී ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී තිබිණි.   


මිය ගිය පුද්ගලයා මෙම නඩුවේ තුන් වැනි විත්තිකරු බවත්, මීට පෙර මෙම නඩුවේ 1 වැනි විත්තිකරුවූ ​ෙමාහුගේ බාප්පා ද ඝාතනයට ලක් වී ඇති බවත් පොලිස් පරීක්ෂණවලින් හෙළි වී තිබිණි.   


බස් ථයේ රියැදුරු වන සුරාජ් මහතා කියා සිටියේ “​ෙමම බස් රථය මිරිජ්ජවිල ප්‍රදේශයට ළංවන විට පිටුපසින් මහා ශබ්දයක් ඇසුණා. මම හිතුවේ බස් බෝම්බයක් කියා. ඒ සමඟ කෑ ගහන හඬක් ඇසුණා. මම බස් එක නතර කරා. පසුපස සිද්ධිය මම දැක්කේ නැහැ. බස් රථයේ සෙනඟ සිටියා. වෙඩි තියලා කියලා කෑ ගැහුවා. මම බස් රථය තුවාලකරු සමඟ හම්බන්තොට මහ රෝහලට පැමිණියා. තුවාලකරු ඒ වනවිටත් මිය ගොස් සිටි බව දැන ගත්තා.”   


බස් රථයේ පැමිණි මගියෙක් කියා සිටියේ “මම කුඩාවැල්ලෙන් බස් රථයට ගොඩවුණා මොණරාගල යන්න. හම්බන්තොට ට ළං​ෙවනවාත් සමඟම මහා පිපිරීමක් සිදුවුනා. බසය නතර කළාට පස්සේ බස් රථයේ මගීන් බිමට බැස්සා. ඒ අතර කෙනෙක් මෝටර් රථයක් ඇවිත් අරගෙන ගියා දැක්කා. තුවාලකරු අරගෙන බස් රථය රෝහලට ගියා.”   


බස් රථවල ගමන් ගන්නා මගීන් සිය ගමනාන්තය දක්වා අසීමිත බලා පොරොත්තු තබා ගෙන බස් රථවලට ගොඩ වී ගියත් විවිධ පුද්ගලයින්ගේ පෞද්ගලික අවශ්‍යතා මත සිදු වන මෙවන් සිදුවීම් නිසා රස්තියාදු වීම හා ජීවිතවලට එල්ලවන තර්ජන සම්බන්ධව දිගින් දිගටම ප්‍රශ්න මතුවන බව බස් මගීන් කිහිප දෙනෙක් පැවැසූහ.   


පසුගියදා දියතලාවේ දී බස් රථයේ බෝම්බය පුපුරා යෑම නිසා මගීන් විශාල පිරිසක් තුවාල ලැබූ අතර කිහිප දෙනෙක් තවමත් ප්‍රතිකාර ලබති. අම්පාර බස් රථයේ වෙඩි තැබීම සිදු විය. වාසනාවට මෙම වෙඩි තැබීම අවාසනාවන්ත ඉලක්කගත පුද්ගලයාට පමණක් සිදු වුවද අපරාධකරු යම් කෙනෙක් හඳුනා ගත්තේනම් හෝ ඇල්ලීමට ගියානම් තවත් විපතක් සිදු වීමට ඉඩ තිබූ බවත් යම් හෙයකින් වෙඩි ඉලක්කය වැරදී ගියානම් අහිංසක අයෙකුට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවන බව බස් මගීහු පැවැසූහ. පොදු බස් රථවල ගමන් කිරීමට පවා බියක් ඇති කාලයක් බවට නැවතත් පත්වීම සම්බන්ධව මහජනතාව දැඩි විමසිලිවන්තව සිටිය යුතු බව යි.   

 

 

 

මිය ගිය පුද්ගලයාගේ බිරිඳ වන දිනූෂා චතුරංගනී (33) මෙසේ කීවාය. මම අද උසාවියට එන විට මොකක් හරි අමුත්තක් මට දැනුණා. අනේ මට ඒ දෙය කිව්වේ නැහැ. මට අද හරි වෙනසක් දැනුණා බස් රථයේ ගමන් කරන විටත්. මට නොයෙක් දේ සිතුණා. මේ වගේ විපතක් මගේ ළඟ සිටියා කියලා මම හිතුවේ නැහැ. උපන් දිනේ අද කියලා එයා මට උදේ කිව්වා. මම ගෙර ගිහින් ළමයි දෙන්නට මොනවද කියන්නේ යැයි හම්බන්තොට මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය අසල කෑ ගසමින් ඇය කීවාය.   


තංගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලක්සිරි ගීතාල් මහතාගේ උපදෙස් මත, හම්බන්තොට සහකාර පොලිස් අධිකාරී එස්.එස්. අතුල ද සිල්වා මහතාගේ මෙයෙවීමෙන් හම්බන්තොට මූලස්ථාන පොලිස් පරීක්ෂක ජී.එස්.පී. අබේසිංහ මහතාගේ මූලිකත්වයෙන් පරීක්ෂණ සිදු කෙරේ.   

 

 

 

සටහන-ඡායාරූප- අම්බලන්තොට 
සනත් ගමගේ  

 

 



අදහස් (0)

හම්බන්තොට බස්රියේ දඩයම

ඔබේ අදහස් එවන්න

නිම්තෙර

හැම ඊර්ෂ්‍යාවකටම වඩා ලිංගික ඊර්ෂ්‍යාව භයානකයි
2024 අප්‍රේල් මස 02 221 0

“දිනක් බන්ධනාගාර භාරයේ සිට උපදේශනය සඳහා පැමිණි වයස අවුරුදු 50 පසුවෙන පමණ කාන්තාවක් හඬා වැටෙමින් පැවැසුවේ තම සැමියාට අනියම් සම්බන්ධයන් තිබුණාදැයි සැක


පනස් වසරකට පසු පෙරභවය සොයා යයි
2021 මැයි මස 01 16158 0

පෙරභවය හෙළි කළ දරුවන් මගින් අපූරු තොරතුරු වරින්වර අසන්නට ලැබේ. ඒ අතරින් අතිශය අසිරිමත් සිදුවීමක් පසුගිය දිනෙක සිදුවිය. එම පුනර්භව සාධකයට හේතු වූයේ මීට


රටින් ගෙනා ලක්ෂ විස්සක සුනඛ ජෝඩුව අභිජනනයට සූදානම්
2021 මැයි මස 01 7905 0

මිනිසාගේ පැරණිතම මිතුරෙකු වශයෙන් සැලකෙන සුනඛයා වත්මන් යුගය වන විට නිවෙසේ ආරක්ෂකයෙකු සේම සුරතලෙකු වශයෙන්ද ආරක්ෂක අංශවලට සම්බන්ධ වී විවිධ අපරාධ පුපුර


වතුකම්කරු මද්දට ලිවෙන කඳුකර කොටියා
2021 අප්‍රේල් මස 24 2789 0

මදු හා උඟුල් අටවා වන සතුන් දඩයම් කර ගැනීමට මෙරට බහුලව සිදුවෙන ක්‍රියාදාමකි. මෙරට බොහෝ වනාන්තර ආශ්‍රිතව වන සතුන් දඩයම් කර ගැනීම ඉලක්ක කර ගනිමින් මෙසේ මද


කඳු මුදුනේ ජීවත්වෙන මිනිසුන්ට පිහිටක්
2021 අප්‍රේල් මස 03 5239 0

සන්නිවේදන පහසුකම් නැති කුප්පි ලාම්පුවෙන් එළිය දකින මහ කැලේ මැද කඳු මුදුනේ ජීවත්වෙන මිනිසුන් හමුවීමට පසුගියදා මහනුවර මහ දිසාපති චන්දන තෙන්නකෝන් මහතා


බක්මහ අකුණු සෑදෙන්නේ මෙහෙමයි
2021 මාර්තු මස 27 3943 0

සාමාන්‍ය ව්‍යවහාරයේදී අපි අප්‍රේල්, මැයි මාසවල පතිත වන වර්ෂා සහිත කාලගුණයට බක්මහ අකුණු යයි කියමු. එම කාලයේදී පතිත වන අධික වර්ෂාපතනයත් සමග විදුලි කෙටීම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 338 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1720 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1558 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site