
(යොහාන් භාසුර)
යුක්රේනයේ යුද්ධයට මැදිව සිටි ශ්‍රී ලංකා පුරවැසියන් 27 ක් යුක්රේනය අතහැර යෑමට අවශ්‍ය නොමැති බව දැනුම්දී ඇති බව විදේශ අමාත්‍ය ජී. එල්. පීරිස් මහතා පැවසීය.
යුක්රේනයේ යුද්ධය ආරම්භ වන විට ශ්‍රී ලංකා පුරවැසියන් 81 දෙනෙක් එහි සිටි බව කී අමාත්‍ය ජී. එල්. පීරිස් මහතා ඉන් 15 ක් එහි අධ්‍යාපන ලබන ශිෂ්‍යයන් බව ද සඳහන් කළේය.
ශිෂ්‍යන් හැර ඉතිරි 66 දෙනාගෙන් 39 ක් මේ වන විටත් යුක්රේනය අතහැර පෝලන්තය, රුමේනියාව සහ ජර්මනියට යන රටවල්වල ගොස් ඇති බවත් යුද්ධය ආරම්භයේ සිට එහි සිටි ශ්‍රී ලාංකිකයන් පිළිබඳව තානාපති කාර්යාල සමඟ සම්බන්ධ වෙමින් සොයා බැලූ බවත් අමාත්‍යවරයා කීය.
ශ්‍රී ලාංකිකයන් 1561 ක් බෙලරුසියාවේ සිටින නිසා ඔවුන් පිළිබඳව කටයුතු කිරීම රුසියාවේ තානාපති කාර්යාලයට පවරා ඇති බව කී අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවසුවේ එහි සිටින විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මාසයක් නිවාඩු ඇති අතර බෙලරුසියාවේ සිටින ශ්‍රී ලාංකිකයන්ට මේ දක්වා අවදානමක් නොමැති බවත්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd