
(යොහාන් භාසුර)
ලිට්‍රෝ සහ ලාෆ් යන ගෑස් සමාගම් දෙක අද (6) සිට වෙළෙඳපොළ නිකුත් කරන ගෑස් සිලින්ඩරවලට නව මුද්‍රාවක් හදුන්වා දුන් බව පාරිභෝගික ආරක්‍ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය.
නව ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයේ සුදු පසුබිමේ රතු වර්ණයෙන් ලිට්‍රෝ ලාංඡනය ද, නව ලාෆ් ගෑස් සිලින්ඩරයේ කහ පසුබිමේ කොළ වර්ණයෙන් ලාෆ් ලාංඡනය ද, මුද්‍රණය කර ඇති බවත් නව සැපයුම හදුනාගැනීම සඳහා මෙය හදුන්වා දුන් බවත් රාජ්‍ය අමාත්‍යවරයා කීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd