(නිමන්ති රණසිංහ)
ගාලු මුවදොර පිහිටි බණ්ඩාරනායක පිළිරුව ආසන්නයේ සිට මීටර් 50ක ප්‍රදේශය තුළට කිසිදු පුද්ගලයෙකුට ඇතුළු වීම වළකාලමින් අධිකරණය නිකුත් කළ නියෝගය ඉවත දමන ලෙසට අරගලකරුවන් කළ ඉල්ලීමක් සම්බන්ධයෙන් සලකා බැලීම සඳහා ලබන 29 වැනිදා අධිකරණයේ පෙනී පෙනී සිටින ලෙසට දැනුම් දෙමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා කොටුව පොලීසියේ ස්ථානාධිපතිවරයාට අද (26) සිතාසි නිකුත් කළේය.
මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේ අරගලකරුවන් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥ කණ්ඩායමක් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමිනි.
ගාලු මුවදොර බණ්ඩාරනායක පිළිරුවට පහරදී පෙරළා දැමීමට යම්කිසි පිරිසක් සූදානමින් ඇති බවට තොරතුරක් ලද බවත් , ඒ හේතුවෙන් එම පිළිරුව ආසන්නයට කිසිවෙකුට හෝ ළංනොවන ලෙසට නියෝගයක් නිකුත් කරන්නැයි කොටුව පොලිසිය අධිකරණය හමුවේ ඉල්ලීමක් ඉදිරිපත් කර තිබුණේ ඉකුත් (20) වැනිදාය .
කොටුව පොලිසිය ඉදිරිපත් කල කරුණු සැලකිල්ලට ගත් අධිකරණය නිකුත් කළ එම නියෝගය ඉවත දමන ලෙසට අරගලකරුවන් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥ මඩුල්ල අධිකරණයෙන් ඉල්ලීමක් කළහ .
ඒ අනුව එම ඉල්ලීම සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීම සඳහා ලබන 29 දා අධිකරණයේ පෙනී සිටින ලෙසට දැනුම් දෙමින් මහේස්ත්‍රාත්වරයා කොටුව පොලිස් ස්ථානාධිපතිවරයාට එසේ සිතාසි නිකුත් කළේය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd