(නිමන්ති රණසිංහ)
කොළඹ ජාතික රෝහලට පැමිණී උද්ඝෝෂකයින් ගිලන් රථවලින් රෝහලට රැගෙන එන රෝගීන් ඇතුළත් කිරීමට විරෝධය දක්වමින් රෝහල ඉදිරිපිටදී අද (09) උද්ඝෝෂණයේ නිරත වූහ.
මෙහිදී පොලීස් විශේෂ කාර්ය බලකා සාමාජිකයන් ජීප් රථවලින් පැමිණ උද්ඝෝෂකයින් ඉවත් කොට රෝගීන් රෝහලට ඇතුළත් කිරීමට උත්සාහ ගත්හ.
එහිදී එම ස්ථානයේදී ඇතිවූ උණුසුම් ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් ජාතික රෝහලේ වෛද්‍යවරු කිහිප දෙනෙක් ජාතික රෝහලේ ප්‍රධාන ගේට්ටුව අසලට පැමිණ රෝගීන් රෝහලට ඇතුළත් කිරීමට අවසර දෙන ලෙසට උද්ඝෝෂකයින්ට දැනුම් දුන්හ. එහිදී උද්ඝෝෂකයින් සහ වෛද්‍යවරු අතර ද ඇතිවූයේ උණුසුම් වචන හුවමාරුවකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd