
(නිමන්ති රණසිංහ)
ව්‍යාපාර නාමයක් සංශෝධනය කිරීම සඳහා අල්ලස් වශයෙන් රුපියල් 4000 මුදලක් ව්‍යාපාරිකයෙකුගෙන් ඉල්ලා ලබා ගත් බව කියන හඟුරන්කෙත ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරීවරයෙකු අද (14) අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව සඳහන් කරයි.
සැකකරු හඟුරන්කෙත නගරයේදී අදාල ව්‍යාපාරිකයාගෙන් එම අල්ලස් මුදල ලබාගනිද්දී සැකකරු අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසම සඳහන් කරයි.
මෙම සැකකරු හෙට (15) වලපනේ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවද අල්ලස් කොමිසම සඳහන් කරයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd