(නිමන්ති රණසිංහ)
මුලතිව් පුදුකුඩිඉරිප්පු පොලීසියේ සේවය කළ පොලිස් සැරයන්වරයකු අද (01) සිය රාජකාරි ගිනි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන ඇතැයි පොලීසිය පවසයි.
මහනුවර ප‍්‍රදේශයේ පදිංචි මෙම පොලිස් සැරයන්වරයා පුදුකුඩිඉරිප්පු පොලිස් ස්ථානයේ ගේට්ටුව අසලදීම මෙසේ වෙඩි තබාගෙන ඇති අතර, එහිදී බරපතල තුවාල ලැබීමෙන් පසු මුලතිව් මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.
මෙම පොලිස් සැරයන්වරයා සියදිවි හානිකර ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය කර ගැනීමට නොහැකි වී ඇති අතර පෞද්ගලික හේතුවක් මත මෙලෙස සියදිවි හානි කර ගන්නට ඇතැයි පොලිසිය සැක පළ කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd