(සුජිත් හේවාජුලිගේ)
අජිත් නිවාඩ් කබ්රාල් මහතා ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයෙන් ඉවත්වීමෙන් පසු ඇතිවන එම පුරප්පාඩුව සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා පත්කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අවධානය යොමුවී ඇත.
බැසිල් රාජපක්ෂ මහතාට ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීම සඳහා කැටගොඩ මහතා ඔහු එවකට දැරූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයෙන් පසුගිය ජුලි මස 6 වැනිදා ඉල්ලා අස්වූයේය.
ප්‍රවීණ රංගන ශිල්පියෙකුද වන ජයන්ත කැටගොඩ මහතා පාර්ලිමේන්තුව අවස්ථා කිහිපයක්ම නියෝජනය කළේය.
මේ අතර අජිත් නිවාඩ් කබ්රාල් මහතා ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයෙන් ඉවත් වීමේ ලිපිය පාර්ලිමේන්තු මහලේකම්වරයාට අද සදුදා බාරදීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd