
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
කොවිඩ් ආසාදනයවීම නිසා කොළඹ බෝවන රෝග විද්‍යායතනයේ( අයි ඩී එච් රෝහල) ප්‍රතිකාර ලැබූ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සුවය ලබා ඊයේ ඉන් පිටව ගියේය .
කොවිඩ් ආසාදනයවීමෙන් එම රෝහලට ඇතුළත් කෙරුණු කතානායකවරයා දින කිහිපයක් එහි ප්‍රතිකාර ලැබුවේය.
කොවිඩ් ආසාදිත සේවකයන් කිහිප දෙනෙකු කතානායක නිල නිවෙසේ නිරෝධායනය වෙමින් සිටින හෙයින් කතානායකවරයා මේ දිනවල ගොස් සිටින්නේ ඔහුගේ දෙහිවල පිහිටි නිවෙසටය.
මේ අතර කතානායක නිල නිවසේ කළමනාකාර පසන් අතුකෝරළ මහතාටද කොවිඩ් ආසාදනයවී ඇතැයි වාර්තා වේ.
ඔහුද කතානායක නිල නිවෙසේ නිරෝධායනයට යොමු කරනු ලැබ සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd