(ඉන්දිකා රාමනායක සහ ශ්‍රිනාත් ප්‍රසන්න ජයසුරිය)

රඹුක්කන  සිද්ධිය  සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට නියෝග නිකුත් කර ඇති  කෑගල්ල කොට්ඨාස බාර  ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාව සිටි  කේ .බී කීර්තිරත්න මහතා   හදිසියේම අසනීප වී නාරාහේන්පිට පොලිස් රෝහලට ඇතුළත් කර ඇති බව පොලිස්  ආරංචි මාර්ග පවසයි.

ඒ මහතා ඊයේ (27) සවස ඇති වු හදිසි  රෝගී තත්ත්වයක් හේතුවෙන් මෙලෙස රෝහල් ගතකර ඇති බවත් අද  (28)  වනවිටත්  ඔහු   රෝහල් ගත වී සිටි බවද  පොලිස් ආරංචි මාර්ග පවසයි.

ඉන්ධන නොමැතිවීමේ සිද්ධියක් මුල්කරගෙන ප්‍රදේශවාසීන්  පැවැත්වු විරෝධතාවක් අතර තුර  වෙඩි ප්‍රහාරයකට ලක්ව මියයාමට අදාලව  පසුදිනම කෑගල්ල කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා  වහාම ක්‍රියාත්මක වන පරිදි  බම්බලපිටිය  ක්ෂෙත්‍ර බලකා මුලස්ථානයට ස්ථාමරුවීම් කර ඇත.

රඹුක්කන වෙඩි තැබීමේ සිද්ධියෙන් දී චමින්ද ලක්ෂාන්  (42 හැවිරිදි දෙදරු පියාගේ මරණ ගිනි අවියකින් නිකුත් වුන  උණ්ඩයකින්  සිදු වු ඝාතනයක් බවට තහවුරු වීම නිසා එම වෙඩි තැබීමට අණ කළ හා  වෙඩි තැබු සියලු පොලිස් නිලධාරීන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට කෑගල්ල මහේස්ත්‍රාත් වාසනා නවරත්න මහත්මිය පොලිස්පතිවරයාට හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (27) නියෝග කළාය.