(සුජිත් හේවාජුලිගේ සහ නාලක සංජීව දහනායක)
රටේ අපරාධ , පාතාලය හා මත්ද්‍රව්‍ය පාලනයට දැඩි නීතිරීති හඳුන්වා දෙන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාළ අංශවලට අද (27) උපදෙස් දුන්නේය.
ජනාධිපතිවරයා මේ උපදෙස් දුන්නේ නීති කෙටුම්පත් සම්පාදන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් සමඟ ජනාධිපති කාර්යාලයේදී අද (27) පැවැති සාකච්ඡාවකදීය.
මත්ද්‍රව්‍ය වැටලීම් වලට බාධාවන නීතිමය ගැටලු කෙරෙහිද මෙහිදී විශේෂ අවධානය යොමු කෙරුණු අතර නීති විරෝධී මත්පැන් හා මත්ද්‍රව්‍ය ජවාරම්කරුවන් ඉවත් කිරීමටද ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් දුන් බව ජනාධිපති කාර්යාලය පවසයි.
මත්ද්‍රව්‍ය වැරදිවලට අදාළ දඬ මුදල් සංශෝධනය පිළිබඳවද අපරාධ හා වැඩපිළිවෙළ හා එහි නීතිමය සංශෝධන පිළිබඳවද මෙහිදී ජනාධිපතිවරයාගේ අවධානය යොමුවිය
බන්ධනාගාර ක්ෂේත්රයේ සිදුවිය යුතු වෙනස්කම් පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි.
සුසිල් ප්‍රේමජයන්ත හා ආචාර්ය විජයදාස රාජපක්ෂ යන ඇමැතිවරුද ජනාධිපති ලේකම් උදය ආර් සෙනෙවිරත්න,නීතිඥ ජයන්ත ජයසුරිය,ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු,පොලිස්පති පූජිත් ජයසුන්දර,අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ රත්නසිරි යන මහත්වරුද නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ නිලධාරිහු පිරිසක්ද මේ සාකච්ඡාවට සහභාගි වූහ.
ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන්ද එක කරන්න යන්නේ? අලුතෙන් ඇති වුන ප්‍රශ්නයක් වෙන්න ඇති.
ඔය වැඩේට නියම පුද්ගලයා ඝෝටාභය රාජපක්ෂ
කට්ටිය පාර්ලිමේන්තු යන්නේ නැතුව නීති හදන්නේ කොහොමද.?
නීති තිබුණට ඒවා ක්‍රියාත්මක කරනවද ?
මෙයාගේ දැඩි නීතිරීති, එල්ලුම් ගහ, කඩු ප්රහාරවල් මේ අවුරුදු හතරම අපි දුටුවා.
ඕස්ට්‍රේලියන් තරුණයෙක් නීති විරෝධී ලෙස ගෙනා මත් ද්‍රව්‍ය ග්‍රෑම් 450 ක් සමග සිංගප්පුර්වේදී අත්අඩංගුවට ගත්තා. සිංගප්පුර්වේ නීතිය මරණ දඩුවමයි. ඔහු තරුණයෙක් නිසා, දුප්පත්කමින් මිදිමට තම දෙමපියන් දැනුවත්ව මේ වරද කල නිසත් හුගක් අය මොහුව නිදහස් කරන ලෙස ඉල්ලා සිටියා. නමුත් සිංගප්පුර්වේ බලධාරීන් ඒ කිසිකෙනෙකුට ඇහුන්කන් දුන්නෙ නෑ. අවසානයේදී එවකට ඕස්ට්‍රේලියාවේ හිටපු අගමැති ජෝන් හාවර්ඩ් මහත්මා සිංගපුර්වේ අගමැතිට පුද්ගලිකව මේ සම්බන්දව කතාකර ඒ වරදකරුව මරන්න එපා කියා ඉල්ලා සිටියා. එවිට සිංප්පුර්වේ අගමැති කියා සිටියේ. "මොහුව අහුවුනේ නැතිනම් මගේ මිනිසුන් 450 ක් මේ මත් කුඩු වලින් මිය යනවා, නමුත් ඔහුව අහුවුන නිසා ඔබට නැතිවෙන්නෙ එක මිනිහෙක් පමනයි". අගමැති ජෝන් හවර්ඩ් ගේ ඉල්ලීමවත් සිංගප්පුර්වේ අගමැති පිලිගත්තෙ නෑ. ඔහුට මරණ දඩුවම දෙන ලදි. සිංගප්පුර්වේ මත්ද්‍රව්‍ය නීතිය අනුව ඔහු 450 දෙනෙක් මැරීමට තැත් කල කෙනෙකි. මෙවැනි දේවල් වලින් වත් පාඩමක් ඉගෙනගෙන ලංකාවේ අනාගතය බේරාගන්න.
දැන් අල්ල්ලන හෙරෝයින් වලට මොකද වෙන්නේ. ජනතාව ඒවා දන්නේ නැහැ. ඒවා ප්‍රසිද්දියේම විනාශ කරන්න ඕනේ. ඒවා ආපහු එලියට එනවා කියන එකයි මගේ මතය.
මරණ දඩුවම අනිවාර්යෙන්ම දෙන්න ඕනේ.
උපදෙස්? මෙයාගෙන්? විහිලු නැතුවට විහිලු.
මෙයට තද දඬුවම් තිබිය යුතුයි. මේක සංවිධානාත්මක බිස්නස් එකක්. මේවා ගෙනෙන පාරවල් තියනවා.
ඔබ හිතනවද මේ මත්ද්‍රව්‍ය සමග අහුවෙන හැමෝම ඒවාට සම්බන්ධයි කියලා ගොඩක් දෙනාට පාර්සලයක් අතට දීලා එහෙම නැත්නම් පොදු ප්‍රවාහන මාධ්‍යයකදී බෑග් එකක් අල්ලගන්න දීලා ඒ නිසා ඔය කියන දේ එක්ක මම නම් එකඟ නැහැ... පටලවපු නඩු ඕනේ තරම් තියෙනවා. ඒ නිසා මෙය කියනතරම් සරල නැහැ. ඔබ ගුවන්තොටුපලින් එනකොට පොදු ප්‍රවාහන මාධ්‍යයක ගමන් කරනකොට කාගෙවත් බෑග් එකක් ගැනීම ඉතා අනතුරුදායකයි. කහවත්තේ පාසල් දරුවෙක් හරහා බත් පාර්සලේ මත්ද්‍රව්‍ය යැව්වා.. ඒ දරුවා අහුවුණානම් එයා මැරුවම සාධාරණයිද?
ඔබතුමා මත්ද්‍රව්‍යවලට දැඩි නීතිගේන්න කතා කිරීම ඉතා හොඳයි. ඒත් යාපනේදී ලොකුම කේරල ගංජා තොගය අල්ලගත්තු වෙලාවේදී දෙමල දේශපාලකයෙක්ගේ ටෙලිෆෝන් කෝල් එකෙන් සැකකරුවන් නිදහස් කරලා වැටලීම කරපු මුලු පොලිස් යුනිට් එකම විසුරුවා හැරපු රටේ ජනාධිපති ඔබතුමා බව දන්නවද? ඒ වගේම බේරුවලින් මෙතෙක් අල්ලාගත්තු 2වැනි ලොකුම හෙරොයින් තොගය අල්ලගත්තු මත් කුඩු ජාවාරම් කරුවන්ගෙන් වෙඩිකාලා යන්තම් ජීවිතේ ගලවාගන නැවත වරක් මත්ද්‍රව්‍ය වුවදුරට එරෙහිව සටන් කරන්න ඒ අංශයටම ආයෙත් පැමිණි කීර්තිමත් පොලිස් නිලධාරියාව ඒ වැටලීමෙන් පස්සේ මත්ද්‍රව්‍ය නාශක අංශයෙන් ඉවත් කරලා පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයට මාරුකරලා යවපු රටේ ජනාධිපති ඔබතුමා බව දන්නවද? ජනාධිපතිතුමනි, ඔබ මේ රටේ ජනාධිපති නොවී පොලොන්නරුවේ ග්‍රාමසේවකතුමා වූවානම් අපි කෙතරම් පිංබර ජාතියක්ද? රටක්ද?
කැබිනට් මංඩලයට නොකියා ජනපති නටන නාඩගම මාෙකක්ද?
අල්ලන කුඩු පෙන්නනවා විතරයි... ආයි ඒවා නැහැ.. මොන තරම් අල්ලනවද..? මිනිස්සුන්ට ඒවා විනාශ කරනවා පෙන්නන්න.. විශ්වාස නැහැ.. නැත්නම්.. ජනතාවට.. ආයි ඒවා එළියට..