(පද්මා කුමාරී කංකානම්ගේ )
කල්පිටිය පොලිස් බල ප්‍රදේශයේ මුසල්පිටිය ග්‍රාමයේ, මුස්ලිම් ජාතික 78 හැවිරිදි මවක හා ඇගේ 60 හැවිරිදි වැඩිමහල් පුතා අද (21 ) සන්ධ්‍යාවේ වස පානය කොට මිය ගොස් ඇතැයි කල්පිටිය පොලිසිය පවසයි. මිය ගොස් ඇති පුතා මඩ කළපුවේ පදිංචි විවාහකයෙකු වන අතර,ඔහු අද දින (21)උදෑසන සිය මෑණියන් දකින්නට මුසල්පිටිය පැමිණ ඇත.
වස පානය කිරීමට නිශ්චිත හේතුවක් තවමත් අනාවරණය වී නැත.
මෘත දේහයන් සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතය.
ඉන් අනතුරුව මියගිය දෙදෙනාගේම දේහයන් අධිකරණ වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමු කරණ බැව්, කල්පිටිය පොලිස් ස්ථානාධිපති ජයම්පතී බණ්ඩාර මහතා පැවසීය.
COMMENTS
මව සහ පුතණුවන් මෙලෙසින් වස බීවේ... කිසිදු හේතුවක් කාටත් කිම ? නොම කීවේ ... අපමණ දුකකි ! අපෙ හදවත් රිද වූවේ ... ඒ රිදවීම මේ ලෙස කවියක් වූවේ ...
වැරදිලා අමෘතෙ කියලා හිතලාවත් බිව්වද?
දුප්පත්කම නිසා වෙන්න ඇති... අහිංසක පිළිසරණක් නැති මිනිසුන්ට වෙන විපත... අම්මත්, පුතත් සසරින් එතෙර වීමට හැමෝම කරන පින්වල ශක්තිය ලැබේවා...!!!
අපේ සමහර මුස්ලිම් සහෝදරයෝ සල්ලි මිටි ගණන් බෙදනවා.. හැබැයි ලැබිය යුත්තන් බලලා තෝරලා දුන්නා නම් මෙවැනි විපත් සිදු නොවෙන්න ඉඩ තියෙනවා. අනිත් නබිතුමා කියලා තියෙන්නේ දකුණු අතින් ලබාදෙන දේ වම් අතට නොදෙන ලෙස ලබා දෙන්න කියලයි. නමුත් හුඟාක් මිනිස්සු ප්‍රසිද්ධිය තකා මේ මුදල් ලබාදෙනවා...
සෑම මුස්ලිම්වරයෙක්ම තමන් උපයන ආදායමෙන් 2.5% අනිවාර්යයෙන් කියන දුගී බද්ද අනිවාර්යෙන්ම දුප්පතුන්ට ගෙවිය යුතුවෙනවා. මෙසේ තිබියදී මෙහෙම දෙයක් සිදුවීම කණගාටුවට කරුණක්... මෙයින් පෙනීයන්නේ මෙම මුදල සාධාරණව බෙදී නොයන බවයි...
ජාතික වියතුන්ගේ සභාව මේ ගැන සොයා බලන්න ඕනේ... අද හුඟක් අය මුදල් වියදම් කරන්නේ පුහු ආටෝපය වෙනුවෙන්... 2.5% අනිවාර්ය දුගී බද්ධක් තිබියදී මෙවැනි දේවල් සිදුවීම දුකට කාරණයක්...
ඉතින් ඇයි මෙතන ජාතිය සඳහන් කරන්නේ? එ්ක කියන්න අවශ්‍ය නැහැනේ...
ඔතන ගැටළුව 60 හැවිරිදි පුතා මඩකලපුවේ ඉදලා ඇවිත් ඇයි 78 හැවිරිදි අම්මා එක්ක වස බිව්වේ කියන එක එකට වාසය කරන අය නම් හිතන්න තිබුනා ජිවත්වෙන්න විදියක් නැති නිසා වස බොන්න ඇති කියලා එත් ඔය පුතාටත් දරුවෝ ඇති බිරිදක් ඇති ඒ අය ගත්තම දරුවෝ ලොකු අය වෙන්නැති විවාහ උන එහෙම නම් ඔහුට පුත්තලමේ ඇවිත් මැරෙන්න තරම් හේතුව අම්මා එක්ක අභිරහසක් වෙනවා මෙතන ජිවත් වෙන්න බැරි දරිද්‍රතාවය මත සිදුවුනාවු මරණ නොවේ.