(පද්මා කුමාරී කංකානම්ගේ )
කල්පිටිය පොලිස් බල ප්‍රදේශයේ මුසල්පිටිය ග්‍රාමයේ, මුස්ලිම් ජාතික 78 හැවිරිදි මවක හා ඇගේ 60 හැවිරිදි වැඩිමහල් පුතා අද (21 ) සන්ධ්‍යාවේ වස පානය කොට මිය ගොස් ඇතැයි කල්පිටිය පොලිසිය පවසයි. මිය ගොස් ඇති පුතා මඩ කළපුවේ පදිංචි විවාහකයෙකු වන අතර,ඔහු අද දින (21)උදෑසන සිය මෑණියන් දකින්නට මුසල්පිටිය පැමිණ ඇත.
වස පානය කිරීමට නිශ්චිත හේතුවක් තවමත් අනාවරණය වී නැත.
මෘත දේහයන් සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතය.
ඉන් අනතුරුව මියගිය දෙදෙනාගේම දේහයන් අධිකරණ වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමු කරණ බැව්, කල්පිටිය පොලිස් ස්ථානාධිපති ජයම්පතී බණ්ඩාර මහතා පැවසීය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.