කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගතව සිටි 747ක් සුවය ලබා අද (17) පිටව ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

ඒ අනුව, සුවය ලැබූ සමස්ත ආසාදිතයන් ගණන 71,176 කි. ආසාදිතයන් සුවය ලැබීමේ අනුපාතය ප්‍රතිශතයක් ලෙස 92.15% ක් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ නිල වෙබ් අඩවියේ දැක්වේ.

ඉන්දියාවේ එම අගය 97.33% කි. ලෝකයේ කොරෝනා ආසාදිතයන් සුවය ලැබීමේ ප්‍රතිශතය අද වනවිට 76.13% කි.

අද දිනයේදී වැඩිම පිරිසක් සුවය ලබා පිටව ගොස් ඇත්තේ ගිරිඋල්ල සහ පොල්ගොල්ල ප්‍රතිකාර මධ්‍යස්ථානවලින් වන අතර ඒ 51 බැගිනි.

කෙසේවෙතත් මේ වනවිට ආසාදිතයෝ 5,599 දෙනෙක් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවෙති.

අද උදෑසන වනවිට 617 දෙනෙකු කොරෝනා බවට සැක සහිතව රෝහල්ගත කර ඇති බවද වසංගත රෝග විද්‍යා අංශය පෙරවරු 10.00 ට නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

මේ වනවිට ශ්‍රී ලංකාවේ කොරෝනා මරණ ගණන 409 ක් වන අතර, එය ප්‍රතිශතයක් වශයෙන් 0.54% කි. ශ්‍රී ලංකාවේ ජනගහනය මිලියනයකට සිදු වූ කොවිඩ් මරණ ගණන 18 කි.

සමස්ත කොරෝනා ආසාදිතයන් ගණන 77,184 කි.