(ජයන්ත සමරකෝන්)

 

පාර්ලිමේන්තු මහ මැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා 150,000 ක් තැපැල් කාර්යාලවලින් රැගෙන ගොස් නැතැයි තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

ඉකුත් 29 දා වන විට  නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ගෙන්ගෙට බෙදීම නතර කිරිමත් සමඟම හා 57,600 ක සංඛ්‍යාවක් තැපැල් කාර්යාල 2200 කට බාරදී ඇතැයි නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා අද (6) පැවසීය.

සිය අනන්‍යතාවය තහවුරු කර නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපැල් කාර්යාල වෙතින් ලබාගැනීම සඳහා ඊයේ (5) පස්වරු 5.00 දක්වා අවස්ථාව ලබාදී තිබූ බවද ඒ මහතා කීය.

පදිංචි ස්ථානය වෙනස් විම නිසා බෙදීමට නොහැකිව ඉතිරි වූ මෙම ඡන්ද කාඩ්පත් රැගෙන යාමට බොහෝ දෙනා ඉදිරිපත් වී නැතැයි ද හෙතෙම සඳහන් කළේය.

පසුගිය 14 දා සිට 29 දක්වා ගෙන්ගෙට බෙදීම සඳහා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා 16,226,388 ක් තැපැල් දෙපාර්තමේන්තුවට ලැබී තිබේ.