(හිරාන් ප්‍රියංකර ජයසිංහ සහ ඔගස්ටීන් ප්‍රනාන්දු)
යුද හමුදා කමාන්ඩෝ බලකායට වසර 40 ක් සපිරීම නිමිත්තෙන් ලබන 08 වැනිදා ගාලු මුවදොර පිටියේදී පැවැත්වීමට නියමිත සැමරුම් උත්සවයට සමගාමීව සංවිධානය කරන ලද පා ගමනක් යුද හමුදා කමාන්ඩෝ භටයින්ගේ සහ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් අද (05) හලාවත නගරයෙන් ආරම්භ විය.
හලාවත, මහනුවර සහ ගාල්ලේ සිට කමාන්ඩෝ භටයින් සහ නිලධාරීන් කණ්ඩායම් තුනක් 07 වැනිදා සවස ගනේමුල්ලේ පිහිටි කමාන්ඩෝ රෙජිමේන්තුව වෙත ළගා වීමට නියමිතව ඇත.
එම කණ්ඩායම් තුනම 08 වැනිදා පෙරවරුවේ ගනේමුල්ලෙන් පා ගමන ආරම්භ කර කොළඹ ගාලු මුවදොර පිටිය වෙත ළඟා වීමට නියමිතව ඇත.
අද (05) වෙන්නප්පුව- බෝලවත්ත දක්වා මෙම පිරිස පා ගමනින් ගමන් කළ අතර හෙට (06) යළිත් පා ගමන ආරම්භ කිරීමට නියමිතය.
කමාන්ඩෝ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් උපුල් පිලපිටිය, බ්‍රිගේඩියර් උපාලි රාජපක්ෂ, කර්නල් සංඛ ජයලත් යන මහත්වරු ද මෙම පාගමනට එක්ව සිටියහ.






(හිරාන් ප්‍රියංකර ජයසිංහ)



(ඔගස්ටීන් ප්‍රනාන්දු)
COMMENTS
උත්තමාචාරය ඔබටයි
අපේ වීරෝධාර කොමාන්ඩෝ බලකාය දුටුවම සිතට මහත් ආඩම්බරයක්, අභිමානයක්, තේජසක් දැනෙනවා. පෙර රජ දවස විරුවන් ඔබයි. රට දැය සුරකින වීර පුතුන්ට සියලු රට වැසියන්ගේ උත්තමාචාරය. සියලු දෙවි රැක වරණය ලැබේවා!
වැඩේ නියමයි. ඈත පවතින අධික උෂ්ණය නිසා අත්කොට ට ෂර්ට් එක්කක් ඇන්දම පා ගමන වඩාත් පහසුයි.
සංවත්සර සැමරුම් තිබිය යුතුයි. නමුත් මේවා එක්තරා ආකාරයක විහිලු හා විකාර කියලත් හිතෙනවා. නරකද මේක චාමෙට තියලා, අර නාස්තිකරන මුදල්, කාලය හා ශ්‍රමය ඵලදායි වැඩකට යෙදෙව්වොත්? ගනේමුල්ලේ ඉඳලා වාහන කීයක් අද හලාවතට ගියාද? හවසට මේ අයව අරගෙන යන්න තව කීයක් වාහන යනවද? හෙට කීයක් යනවද? පාරවල් බ්ලොක් කරගෙන... මේ වගේ විහිලු තව කීයක් අපේ රටේ වෙනවද?
දුටු විට නෙතට මතුවන තුටු කදුලු පොද... පවසන රහස අගයන මම කරමි නද... ඔබ රැකි මේ බිමේ අභිමන පෙරට ගෙන... සිහලුනි හැකි නොවෙද එක්වන්නට එක පෙලට...
උත්තමාචාරය ඔබටයි...
කමෙන්ට් ටික සහ ප්‍රතිචාර බැලුවාහම ලංකාවේ ඉන්න ගුණමකුවන් ගණන ඉලක්කමෙන්ම බලාගන්න පුලුවන්.
අසරණ අහිංසකයින් ඉදිරියේ පමණක් කොන්ද කෙලින් තියාගෙන රඟන,පාලකයින් ඉදිරියේ දන නවන වැඩ්ඩු. අසරණ ජනතාවගේ මුදලින් දුෂිත පාලකයින් රකින නුගත් මුර බල්ලෝ.