( තිළිණි ද සිල්වා )
ශ්‍රී ලංකන් ගුවන් සේවය ලබන 30 වැනිදා සිට රුසියාවේ මොස්කව්නුවර වෙත නැවත වරක් සිය ගුවන් ගමන් ආරම්භ කිරීමට තීරණය කර ඇත.
ඒ අනුව ලබන 30 වනදා සිට කටුනායක බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සහ මොස්කව් හි ඩොමෙඩෙඩෝවෝ ගුවන්තොටුපොළ අතර සතිපතා ගුවන් මෙහෙයුම් ආරම්භ කිරීමට නියමිත බව ශ්‍රී ලංකන් ගුවන් සේවය නිවේදනයක් නිකුත් කරමින් අද (07) පැවසීය.
සෑම සිකුරාදා දිනකම රාත්‍රී 11.20 කටුනයකින් ශ්‍රී ලංකාවේ සිට පිරිමැසුම් පංතියේ ආසන269 ක් සහ ව්‍යාපාරික පන්තියේ ආසන 28 කින් සමන්විත එයාර් බස් A330 වර්ගයේ ගුවන් යානයකින් මොස්කව් නුවර බලා පිටත් වන අතර ඉරිදා නැවත ආපසු පැමිණීමට නියමිතයි. මෙම නගර දෙක අතර පියාසර කාලය පැය 8 යි විනාඩි 25 ක් පමණ ගත වන බව ශ්‍රි ලංකන් ගුවන් සේවය පවසයි.
කොළඹ සහ මොස්කව් සම්බන්ධ කරන ගුවන් සේවා නැවත ආරම්භ කිරීම සංචාරක කටයුතු වලට පහසුකම් සැපයීම පමණක් නොව දෙරට අතර ද්විපාර්ශ්වික ව්‍යාපාරික සබඳතා ගොඩනඟා ගැනීමට ඉවහල් වනු ඇතැයි ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සභාපති අශෝක් පතිරගේ මහතා කියා සිටී.
ඒ අනුව ශ්‍රී ලංකන් ගුවන් සේවය සමඟ ගමන් කිරීමට අදහස් කරන මගීන්ට කොළඹ, ගාල්ල සහ මහනුවර පිහිටි ගුවන් සමාගමේ ගුවන් ටිකට්පත් කාර්යාලවලින් හෝ ඔවුන්ගේ කැමති සංචාරක නියෝජිතයා හරහා ටිකට්පත් වෙන් කරවා ගත හැකි බවද ඒම සමාගම කියා සිටී.
පවතින වසංගත ව්‍යාප්තිය ආරම්භයට පෙර ශ්‍රී ලංකන් ගුවන් සේවය රටවල් 20ක ගමනාන්ත 37ක් වෙත පියාසර කර තිබේ.ශ්‍රී ලංකන් ගුවන් සේවය ක්‍රමයෙන් සිය ජාලය නැවත ගොඩනගා ගනිමින් එම සංඛ්‍යාව ක්‍රමයෙන් ඉහළ නැංවීම සඳහා සැලසුම් කර ඇත.
මේ සම්බන්ධයෙන් වන වැඩිදුර තොරතුරු 011 777 19 79 යන දුරකතන අංකයෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගෝලීය සබඳතා මධ්‍යස්ථානය ඇමතීමෙන් හෝ www.srilankan.com වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකි බව ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 30
135
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
758
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
373
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
30 වැනිදා සිට මොස්කව් නුවරට යළි ගුවන් ගමන් අරඹයි