(රංජන් කස්තුරි)

2021 ඡන්දහිමි නාමලේකනයේ තමන්ගේ නම  තිබේදැයි පරීක්ෂාකර බැලීම සඳහා www.elections.gov.lk වෙබ් අඩවිය ඔස්සේ පහසුකම් සලසා තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

පවතින කොවිඩ් වසංගතය හේතුවෙන් 2021 ඡන්දහිමියන් ගණන් ගැනීමේ ආකෘති ගෙයින් ගෙට ගොස් බෙදා නොදෙන අතර 2020 ඡන්දහිමි නාමලේඛණයේ තිබෙන නම් 2021 වසරටද ලියාපදිංචි කරන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

2020 ඡන්දහිමි නාමලේඛණය නොවැම්බර් මස 17 වැනිදින දක්වා ග්‍රාමනිලධාරී කාර්යාලවල ප්‍රදර්ශනය කරන බවද එම කොමිෂන් සභාව කියයි.