
(හර්ෂණ තුෂාර සිල්වා)
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය, ජපානය සහ ඉන්දියාව අතර 2019 වසරේ මැයි මාසයේ අත්සන් තැබුණු ත්‍රෛපාර්ශවීය අවබෝධතා ගිවිසුම කඩිනමින් ක්‍රියාත්මක කරනු ඇතැයි ඉන්දීය රජය බලාපොරොත්තු වන බව එරට කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි.
නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කිරීමේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකා වරාය අධිකාරියට පැවරීමට ශ්‍රී ලංකා රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රකාශකයෙක් අද (1) ඒ බව පැවැසීය.
ශ්‍රී ලංකා අදාළ ගිවිසුමට අදාළ ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නායකත්ව මට්ටමින් ද මීට පෙර ශ්‍රී ලංකා රජයට දැනුම් දී ඇතැයි හෙතෙම කීය.
විදෙස් ආයෝජකයන් සමඟ මෙම ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යෑමට ශ්‍රී ලංකා ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය මීට මාස තුනකට පෙර තීන්දුවක් ගත් බව ද ඔහු කීවේය.
සියලු පාර්ශව දැනට ඇති ගිවිසුමට අදාළ අවබෝධතා සහ වගකීම්වලට බැඳී සිටින බව ද හෙතෙම තවදුරටත් සඳහන් කළේය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.