(අජන්ත කුමාර අගලකඩ)
2015 වසරට පෙර ජනාධිපති කාර්යාලය විසින් ගෙවීමට නියමිතව තිබූ රුපියල් මිලියන 4400 ක් ගෙවීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය දැනුවත් කිරිමේ පත්‍රිකාවක් අමාත්‍ය මණ්ඩලය වෙත අද (13) ඉදිරිපත් කර තිබූ බව වාර්තා විය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අදාළ අමාත්‍ය මණ්ඩල යෝජනාව ඉදිරිපත් කරන ලද වාර්තාවේ.
2015 ට පෙර, ජනාධිපති කාර්යාලය විසින් ලබාගන්නා ලද විවිධ භාණ්ඩ හා සේවා වෙනුවෙන් ආයතන 259 කට පමණ එම මුදල ගෙවීම සම්බන්ධයෙන් දැනුවත් කිරිම සඳහා එම පත්‍රිකාව ඉදිරිපත් කර තිබූ බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
විගණකාධිපතිවරයා විසින් කරන ලද දැනුම් දීමකට අනුව, ඇමැති මණ්ඩලය දැනුම් දීමකට අනුව, ඇමැති මණ්ඩලය දැනුවත් කිරීම සඳහා කැබිනට් සංදේශය ඉදිරිපත් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (13) පැවති කැබිනට් රැස්වීමේ දී ප්‍රකාශ කර ඇත.
COMMENTS
ගමරාල ඡන්ද වැඩ පටන් අරන් වගේ...
දැන්ද මතක් උනේ අපි හිතුවේ ඡන්දෙට ඉස්සෙල්ල දවසේ ඔය විස්තර කියයි කියලා..
අපට සතෙත්, ලොකුවුන්ට බිලියනයත් ... මේ ගොල්ලන්ට රුපියලක් වගේ..
“රටේ ආර්ථිකය ඉවරයි” කියමින් දැන් යටිගිරියෙන් කෑ ගහන මහින්ද රාජපක්ෂලා විසින් තමන් පාලනය කළ වසර 10ක කාලය තුළ රටට අත්කළ ඉරණම මෙමගින් පෙනේ. මේ වූ කලී ජනාධිපති ලේකම් කාර්යාලය සඳහා වන වියදම් පමණි. මින් වැඩි හරියක් භාණ්ඩ හා සේවා සඳහා යැයි පෙන්වා දුන්නද එහි යටි අර්ථය නම් මෙම මුදලින් සියයට අනූවක්ම රාජපක්ෂලා විසින් කෑමට හා බීමට වියදම් කළ මුදල් වීමය. අප දන්නා පරිදි එවකට ජනාධිපති මහින්දගේ උත්සව සංවිධානය කළ සම්බන්ධීකරණ ලේකම්වරයා විසින් කිරිබත් සපයන ලද්දේ කිරිබත් කෑල්ලක් රුපියල් 47.50ක් වශයෙනි. අද ඔහු කොහුවල ප්‍රදේශයේ අක්කරයක පමණ තට්ටු හයකින් සමන්විත දැවැන්ත නිවසක් ඉදි කර තිබේ. ඔහු විසින් කොළඹ ආනන්ද විද්‍යාලයට දන්ත සෞඛ්‍ය ඒකකයක් තමන් කළ පව් වසා ගැනීම සඳහා ලබා දුන්නේය. ඔහුගේ නැන්දම්මා විසින් එක්තරා පුවත්පතකට පවසා තිබුනේ “මේ වගේ බෑනෙක් ලබන්නට තමන් හුඟක් පිං කර ඇති බව”යි. රටේ ආර්ථිකය කඩා වැටිලායි කියමින් හතර මහා අපායේ වැටෙන මුසා බස් බස් දොඩන බන්දුල ගුනවර්ධන ශ්‍රීමතාණන් රටේ ආර්ථිකය කඩා වැටෙන්නට එක් පවුලක් විසින් මේ තරම් කෑමට බීමට වියදම් කළ ආකාරය ගැන සඳහන් කරන්නේ නැත.
කොන්ද පණ නැති ගතිය ඔය එළියට එන්නේ... ලැජ්ජයි
මේ පොජ්ජ දැන දැන, දවස් 52ක් අගමැති කූරු කරා නොවැ...
මහබැංකුවෙන් හොරාගත් සල්ලිවලට වඩා පොඩි ගාණක්නේ මේක..
ඉල්ලන්න නම් එපා, කොහෙන් කියල ගෙවන්නද? මහබැංකුවේ තිබුණු සේරම සල්ලි ටිකට විදලා.
මගුලක් කතා කරනවා. කජු ඇටද? කොස් ඇටද?
2015 කලින් කවුද හිටියේ හොරු රැළනේ නේද? නැහැ නැහැ... සහෝදර සමාගම.
අවුරුදු හතරක් පොල් ගෑවද? දෙදාස් පහලවේ ඡන්දේදි හොරු හිරේදානවා කියලා බයිලා ගැහුවා.. දැන් ආයෙමත් බයිලා පටන් අරන්.. අපිට ඩිමේන්ශියා නැහැ.
පාස්කු දා ප්‍රහාරයට කලින් ලැබිච්ච තොරතුරු වලටත් වෙන්න ඇත්තේ ඔය ටිකම තමයි.
ගිය යකා කොරහත් බිඳගෙන වගේ ගිහින් තියෙන්නේ.
මේ ඒකාලේ අරලිය ගහ මැදුරේ කන්න බොන්න දුන්නු බිලක්ද?
අනේ දෙවියනේ, මේ අපේ බදු සල්ලි නේද? මහබැංකු කෙරුවාවෙන් තුනෙන් එකකට සමාන මුදලක්! ඉක්මණට ඒ ගොල්ලන්ව බලේට පත්කරමු. එතකොට ඔය බිල් අහෝසි කරලා දාන්න. නැත්නම් ගෙවලා දාන්න පුළුවන් ටක් ගාලා.
මේ වගේ රටේ මුදල් කාබාසිනියා කරපු උදවිය විලි ලැජ්ජාවක් නැතුව නැවත රටේ පාලනය ඉල්ලන්න එනවා. මේ නැවත එන්නේ රට කන්න නේද?
පෙර, පසු කතා ඕනෑ නැහැ. ගෙවන්න තියෙනවා නම් ගෙවලා දාන්න.
ඔහොම රට පාලනය කලේ කොහොමද හලෝ? 2015 ඉඳල මේවා ගැන දැනගෙන හිටියේ නැද්ද? නාගානන්ද කොඩිතුවක්කු කියන්නේ ඔය බණ නේද? කොල්ලෝ කෙල්ලනේ... මෙන්න මේ සෙට් එක අයින් කරන්නම වෙලාව. නැතිනම් නුඹලා පහල බාලංශයේ ඉඳලා මහන්සි වෙලා ඉගෙනගෙන උපාධි කරලා කඳුළු ගෑස් , වතුර කකා නුඹලාගේ තරුණ කාලය විනාශ කර ගනිල්ලා.
ගොට්ලර් එන්නේ ඕවා කවර් කරන්න තමයි.
පොලු තිබ්බ බව එළියට දෙන එක වැරදියි. පොලු තිබ්බ එක හරි. ඒ නිසා තවතව පොලු තියන්න ඒ ගොල්ලන්ට ඡන්දය දී දිරි ගන්වමු.
ඡන්දය නමැති බලු පොරය ලංවෙන විට...// සියල්ල මතක් වී පරබල්ලන් දඟලන විට ..// ඡන්දය නමැති පිස්සුබලු එන්නත ළඟ ඇතිවිට..// වීරයන් සේ හිටි නකුටන් දනින් වැටෙනු ඇත..//
මොනවද? එ් භාණ්ඩ හා සේවා 259 කොපමණ කාලයක් සඳහා ගෙවිය යුතුද..? අැයි මෙතෙක් එ්වා පියවීමට කටයුතු නොකළේ සහ අනවශ්‍ය වියදම් නම් එවා හෙළි කළ යුත්තේ අපිද ඔයාලද? නඩත්තු හා පරිපාලන වියදම් මෙන්ම සැත්කම් වැනි ජනාධිපති අරමුදලෙන් ගෙවිය යුතු දෙවල්ද? මෙය ජනාධිපති කාර්යාලයේ අකාර්යක්ෂමතාව හැර වෙනත් යමක් මෙතැන නැති බව ඉදිරියේදී හෙළිවනු අැත.
2015ට පෙරද, පසුද කියන එක වැදගත් නෑ. ගෙවන්න තියෙන මුදල් මොන ආණ්ඩුව පත්වුණත් වහාම ගෙවිය යුතුයි. මෙම පුවතේම ඉතා පැහැදිලිව සඳහන් වෙනවා. ජනාධිපති කාර්යාලය ලබාගත් භාණ්ඩ හා සේවා සඳහා මෙම මුදල ගෙවිය යුතුයි කියලා.... ජනාධිපති කාර්යාලයෙන් මෙහෙයවපු මහා පරිමාන සංවර්ධන ව්‍යාපෘතිත් මේ ගෙවීම් ඇතුලේ තියෙනවා. නවරජය බලයට පත්වෙලා ජනාධිපති කාර්යාලයෙන් දියත් කළ ව්‍යාපෘති කරපු කොන්ත්‍රාත්කරුවෙක් විදිහට මම මේ කියන්නේ... මට තවම සල්ලි ගෙවලා නෑ. අවුරුද්දකට පමණ පෙර අවසන් කළ ව්‍යාපෘතිවලට...
අැයි කලබල? මේ අාණ්ඩුවත් තව කෝටි ගණන් පොලු තියපුවා... කොන්ත්‍රාත්වලට... එ්වත් ඉක්මණින් ගෙවලා දාන්න.
දැන්ද මතක් වුනේ..?
පිටරට ඉන්න අපිට අපේ රට ගැන ගොඩක් කණගාටුයි. නැවතත් පරණ අයම ඉල්ලලා කෑමොරදෙන මිනිසුන් දිහා බලපුවහම කියන්න වචන නැහැ. මේ තරම් මිනිස්සු වහල්ලුද කියලා හිතෙනවා. රට මේතරම් ආගාධයකට ඇද දැමු මේ පාට පක්ෂ මානසිකත්වයෙන් මිදිලා රටට, මිනිසුන්ට ආදරය කරන කෙනෙක් පත්කර ගන්න තියෙන අන්‍තිම අවස්ථාවයි අපිට මේ උදාවෙලා තියෙන්නේ කියලා මේ මෝඩ මිනිසුන්ට නොතේරෙන එකයි අරුමේ....
මේවට බොරුවට කෑගහල ඇති පලක් නැහැ.. නැවත නැවතත් මේ අයව බලයට ගේන්න පොරකනවා නම්... මොවුන්ට හොරාකාපන් කියලා උල්පන්දම් දෙන්නේ කතිරේ ගහන අපේ මිනිස්සුමනේ. එහෙව් එකේ මොකටද මේ බෙරිහන් දෙන්නේ? මෙයාලවම බලයට ගෙනැල්ලා ඔහේ යනවිදිහට යන්න දෙමු රට බල්ලට ඇරලා...
හිඟය හොයාගන්න අවුරුදු 5ක් ගත කරපු එකත්, හිඟය ඇතිකළා වගේම බරපතල වරදක්..
"යන යකා කොරහ බිඳන් යනවා" කියන්නේ මේ වගේ වැඩ වලට තමා. දීපු දන්සැල් මදිවට රොත්ත බුරුත්ත එකතු කරගෙන පාටි දමල හරහට මහත් වුන අය කොපමණක් ඔය සහෝදර සංස්ථාවේත්, ගෝල බාලයන් අතරත් ඉන්නවද කියල පේනවා නේද?
මේ මොනවා කිව්වත් අපේ ගොන් රැල අන්ධ අය වගේ මොවුන් පස්සෙම යනවා. ජාති ණය ඇති ඉහත ආත්මවල...
අායෙත් ඔය පවුලම එකතුවෙලා එන්නේ රට කන්න තමයි, නැතුව රටට ආදරේට නෙමෙයි. පේනවනේ ලක්ෂ 440,000 ක් කියන්නේ... උල තියන්න ඕනේ...
මොවුන්ට දැන් තමයි මේවා මතක් වෙලා තියෙන්නේ.. බලයට ආවේ හොරා කාපුවා හොයන්න කියලනේ.. අවුරුදු 5ක් තිස්සේ මොකද කරේ..? අලුත් ජනාධිපති අපේක්ෂකයා ඉදිරිපත් කරාට පස්සෙද මේවා මතක් වුනේ..? ගියපාරත් මේ වගේ බොරු කියලා තමයි මිනිසුන්ට බියක්, සැකක් නැතුව ජීවත් වෙන්නවත් බැරි රටක් හැදුවේ. ඔය මෝඩ හැට දෙලක්ෂෙ ආයෙත් බිලි බාගන්න වගේ හදන්නේ.. ඇස් ඇරලා බලපියව් මිනිසුනේ...
මේ ඔක්කොම මුදල් එකවරම බැංකුවෙන් ගෙවන්න ඉන්නේ. ඕවත් වැඩද? කජුකනවා වගේ ගෝඨා සහ සමාගමට.
ඔය සල්ලි තමයි ඡන්දෙට වියදම් කරලා තියෙන්නේ... රෝහිත පුත්‍රයාට රොකට් එක යවන්නත් කීයක් හරි දෙන්න ඇති. නෝනාට නම් මම ශතයක්වත් දුන්නේ නැහැ. එයාට කොටින්ගේ රත්තරන් තියෙනවානේ... ඉතිරි කොල්ලෝ දෙන්නට කොටි ගානක් දුන්නා අර නිල් බලකාය කියන රැලත් එක්ක අසම්මත වැඩ කරන්න. කෝටි 400ක් කියන්නේ මොකක්ද? මේ ගත්තා මේ දුන්නා..."
සුබ අනාගතයක් !!!!!!