
(දසුන් රාජපක්ෂ)
2015 ජනාධිපතිවරණයට අදාළව දැන්වීම්වලට මුදල් අය කිරීමේ ක්‍රමවේදයක් සකස් කර නොතිබූ බැවින් රූපවාහිනී සංස්ථාවට රුපියල් කෝටි 20ක පාඩුවක් සිදුවී ඇති බව වගඋත්තරකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු දේශපාලන පලිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසමට අද (29) දැනුම් දුන්හ.
මෙම පාඩුව පිළිබඳ අනාවරණය වී ඇත්තේ 2015 ජනාධිපතිවරණයේ දැන්වීම්වලට අදාළ විගණන වාර්තාව මගින් බව එම නීතිඥවරු දන්වා සිටියහ.
එම විගණන වාර්තාව 2016 ජුනි 17 වැනි දින සිදු කර ඇති බව ද එම නීතිඥවරු දැනුම් දුන්හ. රූපවාහිනී සංස්ථාවේ අලෙවි අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කළ සනත් ප්‍රියන්ත දළුවත්ත මහතා මෙම කොමිසමට කර ඇති පැමිණිල්ලක් යළි කැඳවූ අවස්ථාවේදී එම නීතිඥවරු මෙම කරුණු කොමිසම හමුවේ දැනුම් දී සිටියහ.
එම පැමිණිල්ල මගින් රූපවාහිනී සංස්ථාවේ හිටපු සභාපති රවී ජයවර්ධන මහතා වගඋත්තරකරුවෙකු ලෙස නම් කර තිබෙන අතර ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු පැමිණිලිකරුගෙන් අද හරස් ප්‍රශ්න විමසීමට ලක් කළහ.
එහිදී මෙම තොරතුරු අනාවරණය විය. මෙම කොමිසම උපාලි අබේරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
COMMENTS
සියල්ල අයකරගත යුතුයි. ඒ වගේම ලංගමට අයවිය යුතු බස්රථ ගාස්තුවත්...
ඔය ඔක්කොම විගණන වාර්තා ආදිය වසර 5කට පස්සෙද එළියට ආවේ..? ඕවා ගැන කතා කරලා, ඒ වියදම් සියල්ල ඒ කාලේදී අයකරගන්න කවුරුවත් හිතුවේ නැද්ද?
කොහොමද සුදු ඇඳගෙන පොලොන්නරුවේ හිටං පැමිණ කරලා තිබෙන වැඩ. කියලා වැඩක් නෑ ...
කොහොමද සුදු ඇඳගෙන සිටින කළු හදවත් ඇති අයගේ වැඩවල තිබෙන අපූරුව..?
මේ මනුස්සයා අවුරුදු 4ක් තුළ රටට, මිනිස්සුන්ට කරපු විනාසේ පිටු 500ක පොතකින්වත් විස්තර කරන්න අමාරුයි. පොතේ නම වෙන්න ඕනේ ‘‘පොළවෙන් මතුවූ කෙනා රට කෑ හැටි‘‘ ලෙසිනි.
සත 5ක් වටින්නේ නැති මිනිහෙක්ට වියදම් කරපු සල්ලියක්..
දැන් සිදුවී තිබෙන සෑම දේම දේශපාලන පළිගැනීම්, සොරකම් වෙලා නැහැ. අම්මෝ මේ වගේ අවංක ජාතියක්...