IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


’20 වැනි සංශෝධනය ගැන කතාව වෙන පැත්තකට යනවා’

(නිමල කොඩිතුවක්කු)

විසි වැනි සංශෝධනය පිළිබඳ කතාව වෙන පැත්තකට යන බව පෙනෙන්නට ඇතැයි සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක  මහතා කොළඹදී අද(14) පැවසීය.

නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට පෙර ජනතා ප්‍රශ්නවලට විසඳුම් සැපයීමට ආණ්ඩුව වහාම කටයුතු කළ යුතු බවද  අත්තනායක මහතා සඳහන් කළේය.

කොළඹ, මාර්ක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂනායක කාර්යාලයේ  පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්  ඔහු පැවැසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක  මහතා මෙසේද කීය.

 “විසි වැනි සංශෝධනය පිළිබඳ කතාව වෙන පැත්තකට යනවා කියලා දැන් අපට පේන්න තියෙනවා. රටේ  ප්‍රශ්න විසඳුවා සේ සලකලා ව්‍යවස්ථා සංශෝධනයක් ගේන්න ආණ්ඩුව බොහොම කඩිමුඩියේ තීන්දුවක් ගත්තා. රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් යම් සාධනීය විසඳුමක් ඉදිරිපත් කරලා තියෙන 19 වැනි සංශෝධනය පැත්තකට දාලා 20 සම්මත කරගැනීමෙන් තමයි රටේ සියලු දේ ඉටුකරගන්න පුළුවන් කියලා මේ අය කිව්වා.  සමගි ජන බලවේගය විදියට අපි මේ විසිවැනි සංශෝධනයට අපේ සම්පුර්ණ විරෝධය පළ කරලා තියෙනවා.

දහනමයෙ තිබුණු මානුෂීය සහ ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ විස්සෙන් යටපත් කරලා තියෙනවා. දහනව වන සංශෝධනයේ යම් අඩුපාඩුකම් තිබුණනම් එය තවදුරටත්  ශක්තිමත් කරනවා විනා ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන 20 සම්මත කිරීම ආණ්ඩුව නොකළ යුතුයි. අපේ විරෝධය සහ ජනතාවගේ විරෝධය නිසා ආණ්ඩුවට යම් ආකාරයක රිදීමක් ඇති වෙලා තියෙනවා. දැන් ආණ්ඩුව පාර්ශ්වයෙන්ම 20 ගැන මතවාද ගැටුමක් ඇති වෙලා තියෙනවා.

විසි වැනි සංශෝධනය පිළිබඳ කමිටුවක් පත්කරන්න අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නියම කරල තියනවා. අගමැතිතුමාගේ කමිටුව මඟින් 20 ගැන ආණ්ඩුවේ ඇතුලේ  තිබෙන අර්බුදය හොඳින් පෙන්නුම් කරනවා. 20 ගැන බරපතළ සංශෝධන ගණනක් තියෙනවා කියලා විමල් වීරවංශ මහතා පැවසුවා. ව්‍යවස්ථා සංශෝධන ඉදිරිපත් කිරීමෙන් ජනතාවගේ බඩ කට පිරෙන්න නැහැ කියලා විමල් වීරවංශ මහතා කිව්වා. අපිත් කියන්නේ ඒකමයි.

මේ රටේ මූලික ප්‍රශ්නය ව්‍යවස්ථා සංශෝධනයක් ඉදිරිපත් කිරීම නෙමෙයි. ආර්ථිකය කඩාගෙන වැටිලා, ණය ගෙවා ගන්න විදිහක් නැතුව ඉන්නවා, ජනතාවට රැකියා අහිමි වෙලා, ජීවන වියදම ඉහළ ගිහින් රටේ ගොඩක් ප්‍රශ්න තියෙනවා. මේවට තමයි කඩිනම් විසඳුම් ඕන. එහෙම නැතුව 20 ගෙනවො කියලා මේ ප්‍රශ්න විසදෙන්නේ නැහැ. ජනාධිපතිවරයා ශක්තිමත් කරමින් අගමැතිවරයා පියන්ගේ තත්ත්වයට මේ විසිවන සංශෝධනයෙන් පත්වෙනවා. විසිවන සංශෝධනය ගෙනාපු කෙනෙක් අද වන විට හොයාගන්න නැහැ.

මේක සකස් කළේ කවුද කියලා තමන් දන්නේ නැහැ කියලා විසිවන සංශෝධනය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරපු අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා කියනවා. විමල් වීරවංශ මහත්තයා කියනවා මේකෙ පීතෘ කෙනෙක් හොයාගන්න නැහැ කියලා. විස්ස කියන්නේ හරියට නිකම් පියෙක් නැති දරුවෙක් වගේ. මෙහෙමද ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන කරන්නේ ඇයි  කියලා අපි ආණ්ඩුවෙන් අහනවා'' යැයි ද කීය



අදහස් (3)

’20 වැනි සංශෝධනය ගැන කතාව වෙන පැත්තකට යනවා’

Sanka Monday, 14 September 2020 09:14 AM

සහතික ඇත්ත. මේ කෝවිඩ් අනතුරින් රට දැන් අනාථ වෙලා තියෙන්නේ. බඩුමිල අධිකයි. රැකියා ලක්ෂ ගණන් අහිමිවෙලා. ව්‍යාපාරිකයෝ නන්නත්තාර වෙලා. දුප්පතා කබලෙන් ලිපට වැටිලා. ඉතින් මේ හුස්ම ගන්න බැරි මිනිස්සුන්ට මොන ව්‍යවස්ථාද? 2/3 ලැබුණා කියලා ජනතාවගේ දැවෙන ප්‍රශ්නවලට පයින් ගහලා මේ කොහේද යන්නේ..? 

:       296       512

චමින්ද Monday, 14 September 2020 11:41 AM

කවුරු ඩිස්ලයික් දැම්මත් සේනකගේ අදහස සියයට දාහකින් හරි කියලා වැස්සකටවත් පාසැලක හෙවනට ගිය අයෙක් නම් දන්නවා...

:       33       252

Bamunuarachchi Monday, 14 September 2020 12:20 PM

කතාව ඕනෙ පැත්තකට ගියාවේ. 20වන සංශෝධනය වෙනවා නම්.. අනික මොකද බය වෙන්නේ? මේ අවුරුදු 05 ඉවර වුණාම ආණ්ඩුව පෙරළා ගත්තොත් පුතාණෝට මේ සියලු බලතල ඇතිව ජනාධිපති වෙන්න පුළුවනිනේ. මොකද මේ බලතල හදාගන්න ඔයගොල්ලන්ට මේ කල්පේ 2/3 බලයක් ලැබෙන්නේ නැහැනේ.

:       312       18

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 517 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1064 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site